spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වෙනිසියුවේලාවේ දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන්ට පාප්තුමාගෙන් සුභ පැතුම්..

Must read

 

popeවෙනිසියුවේලාවේ සිරගතව සිටින 70පමණ වූ දේශපාලනික සිරකරුවන්ගෙන් සිරකරුවන් දෙදෙනෙකුගේ ඥාතීන් රෝමයේදී ඉතාමත් උණූසුම් ලෙස පිලිගැනීමට ශුද්ධෝත්තම පියතුමන් පසුගිය දිනකදී කටයුතු කර තිබුණා. මේ සිදුවීමට මුල් වී තිබුණේ පාප්තුමන් විසින් පසුගිය සතියේදී වෙනිසියුලාවේ ජනාධිපතිතුමන් වෙත පෞස්ගලිකවම යොමු කර තිබූ ලිපියයි.එම ලිපියේ අන්තර්ගතය ප්‍රසිද්ධ නොවූවත් ජනතාව විශ්වාස කරන්නේ එම ලිපිය අනිවාර්‍යෙයන්ම එරට පවතින මානුෂිකත්වයේ ගැටළු ආමන්ත්‍රණය කර ඇති බවයි.

ඒ නිසාම පසුගිය දිනයකදී ශුද්ධෝත්තම පියතුමන් හමුවූ ඥාතීන්ගේ අදහස වන්නේ තම රටේ නිදහස හා සාමය වෙනුවෙන් පාප්තුමන් ක්‍රියාකරන ආකාරය තම්න දැඩි ලෙස අගය කරන නිසා මෙලෙස එතුමන් හමුවීමට පැමිණි බවයි. එලෙසම මෙවැනි දුෂ්කර අවස්ථාවකට මුහුණ දී සිටින එම දේශපාලන සිරකරුවන් පවුල් වෙත එතුමාගේ ආදරය හා කරුණාව ඉතාමත් ශක්තියක් බවත් ඔවුන් පවසනවා.

පාප්තුමන් හමුවූ අවස්ථාවේදී පාප්තුමන් විසින් ඔවුන්ට ජපමාල ලබා දී ඇති අතර ඔවුන් පවසන්නේ තමන්ගේ දේශපාලන සිරකරුවන් නිදහස් වූ විට එම ජපමාලයන් ඔවුන් වෙත ලබා දීමට තමන් මගබලා සිටින බවයි. ඒ දිනය වැඩි ඈතක නොවන බවත් ඔවුන් පවසනවා.

 

http://www.romereports.com ඇසුරිණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article