spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අත්අඩංගුවට ගත් හමුදා සාමාජිකයා සතුව රිවෝල්වරයක් තිබීම සැකකටයුතුයි – පොලීසිය පවසයි

Must read

ඊයේ 20 රාත්‍රි දංකොටුව නගරයේ මුර සංචාරයේ යෙදි සිටි දංකොටුව පොලිසියේ නිළධාරින් විසින් සිදුකළ වාහන පරික්ෂාවේදි සැකකටයුතු යතුරු පැදියක යමින් සිටි හමුදා සාමාජිකයෙක් අායුධයක් සමග සැකපිට අත් අඩංගුවට ගත්බව දන්කොටුව පොලිසිය පවසයි.මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ 7 වන පාබල රෙජිමේන්තුවට අයත් දිවුලපිටිය පිටිපනවත්ත ප්‍රදේශයේ පදිංචි හමුදා සෙබලෙකි.
මොහු සන්තකයෙ තිබි විදේශිය රටක නිෂ්පාදිත රිවොල්වරයක් හා ජීව උණ්ඩ
2 ක් ද අත් අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
මෙම සෙබළාගෙන් ප්‍රශ්න කිරිමේදි පවසා ඇත්තේ පසුගියදා විසුරුවා හැරුනු ජානාධිපති අරක්ෂක අංශයේ තමන් සේවය කල බවත් එදින සිට සේවයට වාර්තා නොකල බව හෙළිවී ඇත.
මෙම සැකකටයුතු අයුධත් සමග යම්කිසි ආපරාධයක් සඳහා ගමන් කලේද යන්න සොයා බැලිමට වැඩි දුර පරික්ෂණ සිදු කරමින් පවතින බව දන්කොටුව පොලීසිය පවසයි
. හලාවත ජෙ‍යෂ්ඨ පොලිස් අධිකාරි පාලිත සිරිවර්ධන වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරි තුසිත කුමාර යන මහත්වරුන්ගේ උපදෙස් මත දන්කොටුව මූලස්ථාන පොලිස් පරික්ෂක ප්‍රදීප් කුමාර මහතාගේ මෙහෙයවිමෙන් සැරයන් 31425 ප්‍රියන්ත කොස්තාපල් 49061 සරත් 49149 සිරිසේන 65 328 තිලකසිරි යන නිළධාරින් මේ පිළිබඳව වැඩි දුර පරික්ෂණ සිදු කරයි

චන්දන ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article