spot_img
spot_img
Friday, May 10, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අත්ට්‍රැක්ටරයක් මත ජීවන ගමන යන ජයවීර…..

Must read

2(1.10pm)මෙය හමුවීම  ඉරිදා   දිනයක   සිදුවු  සිදුවීමකි.    මෙදින   අත්‍යවශ්‍ය  ප්‍රවාහන   කටයුත්තක්   තිබුනා. ඒ  ජීන් හන්දියේ  සිට  වැලි  කියුබ්  කාලකුයි,  සිමෙන්ති  කොට්ට  3කුයි,  ගල්තාච්චි  20කුයි   පිල්ලෑව  පාර  අසලට  ගෙනයන්නයි.  වෙලාව  ප. ව. 1.30 ට  පමණ ඇති .  ලෑන්ඩ්  මාස්ටර්  එකක්  තිබුණා. අපි  ඔහුගෙන්   ඊට  යන  වියදම  ඇසුවෙමු.  රු. 450/  ඔහුගේ  පිළිතුර  විය.   අඩුම මිළ ඔහුගේ විය.   ඔහු ලවා අපගේ  සේවාව  ඉටුකර ගත් අතර    ඉන්පසු  ඔහු  සමග  කථා බහක  යෙදුනේ  මෙසේය.
ඔබේ   තොරතුරු  කොහොමද?

මගේ  නම  ජයවීර.  උපන්නෙ  වැල්ලවායේ.  අපේ  පවුලෙ  මට බාල  සහෝදරවරු   දෙන්නයි.  දෙවෙනියා  ගොවිතැන්   කරනව.    බාලය  පොලීසියේ     සේවය කරනව.  තාත්ත   ගොවිතැන්  කළේ.  දැන්  තාත්ත  නෑ.  අම්ම  ඉන්නව.  මට  දරුවන්  තුන්දෙනයි.  ලොකු  පුතා  ශිෂ්‍යත්වයකින්   පාස්වෙල   දැන්   කොළඹ  ආනන්දෙට යනවා. දෙවෙනි  පුතයි  බාල  දුවයි  හරිශ්චන්ද්‍ර  ජාතික  පාසැලේ  ඉගෙන  ගන්නව. ට්‍රැක්ටර්   රස්සාවට  කලින්  මොනවද   කළේ.
මට  සා. පෙළ  වැඩ  8යි  සම්මාන  5ක්  තියෙනවා.  උ. පෙළ  විෂයන් 3ක් සමත්. සිංහල,  කෘෂිකර්මය ,  බෞද්ධ  සංස්කෘතිය,  ආර්ථික විද්‍යාව  ෆේල්. මේ රස්සාවට  කලින්   රස්සාවල්   ගොඩක්  කලා.   මුලින්ම  රස්සාවල්   හොයන්න  එක එක්කෙනාගෙ පස්සෙ ගියා. A/L   කලාට  පස්සෙ  ගුවන්හමුදාවට  යන්න  මෙඩිකල්  පවා ගියා. ඒකට  තාත්ත   කැමති  වුනේ  නෑ. A/L     වලින්  පස්සෙ  පැල්වත්ත  සීනි සමාගමේ  සයිට්   එකක  වැඩකළා.  ඒ මගේ  පළමු  රස්සාවයි. ඊට පස්සෙ  කොළඹ   ඇවිත් ලොස්ටා, කියලා  ටයර් කඩේක   වැඩකළා. කදානේ   ස්වදේශීය  ආයතනයේ  ,  බෙනාරියෝ  කියල  ගාමන්ට්  එකක  කටින්  එකේ සෙලින්කෝ  ඉන්ෂුවරන්ස්   එකේ  අවුරුද්දක්   සෙක්යුයරිටි  ලෙස , අවුරුදු  එකහමාරක්  පමණ  මේසන්  වැඩත්   වඩු  වැඩත්  දෙකම  කළා. කටුනායක  ග්ලවුස්  හදන  තැනක මාස 3ක්  වැඩකළා.  නැවත  දෙවෙනි  වතාවට   සෙකියුරිටි  කළා  නුගවෙල  හංදියේ  පාමසියක.
ඒ කාලෙම  ගෑනු ළමයෙක් හඳුනගෙන   2004  දි  එයා එක්ක  විවාහ වුණා, එයාගෙ  නම  සුනේත්‍රා  වනිගසූරිය.

  ඒ කාලෙ  ජීවත්වුනේ  කොහෙද? උදව් කලේ කවුද ? 
අපි  කුලියට  හිටියේ.  2006 දි  දළුපත  හිටියා.  2007  ජූඩ්  මාවතේ  හිටියා.  2012 දි නුගවෙල  හංදියට  ගියා. නුගවෙල  හංදියේ  හිටපු  ගෙදර  ලැන්ඩ්  මාස්ටර්  එකක්  තිබුණා.   ඒ ගෙදර  අයිති  එක්කෙනා  තමයි  කිව්වෙ  ලෑන්ඩ්  මාස්ටර්  එකක් ගන්න කියලා. එහෙම  තමයි  රු. 70000 කට  මේ ටැක්ටරේ  ගත්තේ.  තාත්තත්   උදව්  කළා.  පස්සෙ  පර්චස්  4ක  ඉඩමක්  ගත්තා.
අම්මා  තමයි  ඒකට  උදව්  කළේ’  දැන්  මම එතන   ගෙයක්  හදල  තියෙන්නේ.ලෑන්ඩ්  මාස්ටරේ  ගත්තට  පස්සේ  ජීවිතේ  ටිකක්  පහසුවුණේ. න්හොඳ මිනිස්සු හම්භ වුණා. මම ආශ්‍රය කරන්නේ නෑ බීගෙන ,නටන යාළුවන්. මට හිතවත්ව මහත්තුරු කීපදෙනෙක් ඉන්නවා. ඒ අය  මගේ දරුවන්ගේ අධ්‍යාපනයට හිත හොඳින් උදව් කරනවා.
එයින් එක්කෙනෙක් තමා නීතිඥ සදරැස් අයි රුද්‍රිගූ මහත්තයා. තවකෙනෙක් තමයි මාටිනස් දොස්තර මහත්තයා.
දිනකට  ආදායම  කොහොමද?
රු 2000 ක් විතර සාමාන්‍යයෙන්  හම්බවෙනවා.  නැති දවසුත් තියෙනවා ඩීසල්  වලට  එහෙම ගියහම  රු. 1000ක් 1500ක්  දිනකට  ලැබෙනවා.  ඊට  වැඩිපුරත්  ලැබෙන  දවස්   තියෙනවා. 3

 ඔබේ     ඉදිරි  බලාපොරොත්තු….

මට ලොකු  බලාපොරොත්තු  නෑ.   දරුවන්ගෙ  අධ්‍යාපන   කටයුතු  කරගෙන  හොදින්  ජීවත්වීමයි  බලාපොරොත්තුව. ඒ සදහා  මේ  රස්සාව  තමයි  මට  උදව්වට  තියෙන්නෙ.

මහතාගේ දුරකථන අංකය  – 0778303929

කතා බහ – සැම්සන් ඥානසිරි
viber image

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article