spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව ලන්දේසි බලකොටුවේ අකුරු නැති දැන්වීම් පුවරුවක්

Must read

(9.55am) මීගමුව  ලන්දේසි   බලකොටුවට   ඇතුළු වන සථානයේ  ඇති  දැන්වීම්  පුවරුව  දැන්  හිස් ටකරමකි.  පිටරැටියෙක්  what is this   කියා  ඇසුවිට  අපිට  දියහැකි  පිළිතුර  වන්නේ  It  is a Takaran  කියායි. අපි  දහස්  ගණන්  මුදල්  වියදම්කර  සැතපුම්  ගණන්  දුර ගෙවා  ලංකාවේ  විවිධ  ප්‍රදේශ  වල  ඇති   ඓතිහාසික  වටිනාකමින්  යුතු  දේවල් නරඹමු. නමුදු  අප අසලම ඇති  මෙවැනි  සම්පත් ගැන  නොදන්නවුන්   මීගමුවේ ද   සිටින බව අපි දනිමු.  මෙම  ස්ථානය  අද  නොසළකා  හැර  ඇති බව  කණගාටුවෙන්  වුවද  පැවසිය  යුතුය. මෙහි  අවට  විමසා  බැලුවිට  කැලෑ  වැවී  වල්බිහිවී  ඇති  ආකාරය   දැකගත හැක.
විශාල  පිරිසක්  මෙම  ස්ථානයෙන්  එති යතිග ධීවරයින්ද  නිතරම  ගැවසෙන  ස්ථානයකි. නමුත්  කිසිවෙකු    අවධානයක්  නොදක්වන්නේ  ලන්දේසීන්  කෙරෙහි  දක්වන  අමනාපයක්   නිසාදෝහෝයි  කුකුසක්  උපදී.  මීගමුව  මෙවැනි  සම්පත්  විශාල  ප්‍රමාණයක්  ඇති  නගරයකි.  එසේම  මේ  සම්පත්  ක්‍රමානුකූලව  විනාශ  වෙමින්  සහ  විනාශ  කරමින්  පවතීග  එවැනි  තත්වයක්  තුළ  අවබෝධයෙන්   යුතු  සියළුදෙනා  සහ  අදාළ  වගකිවයුත්තන්  මේ  පිළිබදව  පියවරක්  ගතයුතුයැයි   අප අවධාරනය  කරමු.

මීගමුව ලන්දේසි කොටුව
මීගමුව ලන්දේසි කොටුව
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article