spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ දොරගුළු අරින්න සිවිල් සංවිධාන ජනාධිපතිගෙන් ඉල්ලයි (වීඩියෝ)

Must read

අතුරුදහන් 10අතුරුදහන් 6යහපාලන ආණ්ඩුව ජාතික සමඟිය සහ සංහිඳියාව වෙනුවෙන් ගනු ලැබූ ප්‍රධාන පියවරක් වන අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනත ක්‍රියාත්මක කර දෙන ලෙස අතුරුදන්වූවන්ගේ පවුල් එකතුව සහ සිවිල් සංවිධාන සමග 1988 සිට 2015 දක්වා උතුරේදී සහ දකුණේදී අතුරුදන්වූවන්ගේ මව්වරුන් ජනාධිපතිවරයාගෙන් විශෙෂ ඉල්ලීමක් සිදු කරන ලදි එම ඉල්ලීම ඇතුලත් ලිපිය ජනාධිපතිවරයාට, අග්‍රාමාත්‍යවරයාට, විපක්ෂ නායකවරයාට සහ විදේශ කටයුතු අමාත්‍යවරයාට බාර දීම  මැයි 17 වැනි දින සිදුකරන ලදී.අතුරුදහන් 8අතුරුදහන් 7අතුරුදහන් 5අතරුදහන් 4

‘ජනාධිපති මහතාණෙනි, යතුර දැන් ඔබේ අතේ අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ දොරගුළු හරින්න, අපි තවමත් බලාපොරොත්තුවෙන්’ තේමාව යටතේ රැස්වුණ පිරිස පසුගිය අගෝස්තු මස පාර්ලිමේන්තුවේ සම්මත කළ මෙම පනත ඉක්මනින් ක්‍රියාත්මක කරන ලෙස මෙම ලිපියෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත. ජනාධිපතිවරයා වෙනුවෙන් අතිරේක ලේකම් සුනන්ද කාරියප්පෙරුම ලිපිය බාරගත් අතර රැස්ව සිටි සියලු දෙනාට ලේකම්වරයා සමඟ කතා බහ කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඉඩ ලබා දෙන ලදී. විපක්ෂ නායක කාර්යාලය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් විසින් විපක්ෂ නායක කාර්යාලයේදී ලිපිය බාරගත් අතර විදේශ කටයුතු අමාත්‍යාංශය වෙනුවෙන් අමාත්‍යාංශ ලේකම් ඇසල වීරකෝන් විසින් විදේශ කටයුතු අමාත්‍යංශය තුළදී සිදුකරන ලද සාකච්ඡාවකින් අනතුරුව පෙත්සම බාරගනු ලැබූ අතරම සිය ශක්ති ප්‍රමාණයෙන් මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට සුදානම් බවටද ඔවුහු අතුරුදන් තැනැත්තන්ගේ මව්වරුන් ඉදිරියේ එහිදී ප්‍රකාශ කළහ.අතුරුදහන් 1

මේ පිළිබඳ මාධ්‍යට අදහස් දක්වමින් අතුරුදන්වූවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු කියා සිටියේ අතුරුදන් තැනැත්තන් පිළිබඳ කාර්යාල පනත මාස අටක් ගතව ගියත් මෙතෙක් ක්‍රියාත්මක නොවීමට කනස්සල්ල පළ කරමින් මෙම පෙත්සම් බාරදීම සිදුකරන බවත් ජනාධිපතිවරයා මෙම පනත යටතේ යම් අමාත්‍යවරයෙකුට බලතල පැවරීම ඉක්මනින් සිදුකරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත්ය. එසේම යහපාලන රජය පොරොන්දු වී ඇති පරිදි අතුරුදන් තැනැත්තන් පිළිබඳ කාර්යාලයක් විවෘත කර පසුගිය සියලු සිදුවීම් සොයා බලා සත්‍ය හෙළිදරව් කරන්නේය යන විශ්වාසයෙන් උතුරේත් දකුණේත් අතුරුදන්වූවන්ගේ මව්වරුන් බලා සිටින බවද ඔහු මෙහිදී පැවසීය. එසේම පනත ක්‍රියාත්මක කිරීමට නෙහැකි නම් ඒ සත්‍යයද රජය විසින් අතුරුදන්වූවන්ගේ මව්වරුන් ඉදිරියේ කිව යුතුව ඇති බවද බ්‍රිටෝ ප්‍රනාන්දු වැඩිදුරත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.අතුරුදහන් 3

අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය ද මෙම පෙත්සම බාරගැනීමට කැමැත්ත පළ කර තිබුණ ද ඒ සඳහා නිලධාරියෙකු කාර්යාලය ඉදිරිපිටට එවීමට ඔවුන් සූදානම් නොවූ අතර මව්වරුන් කිහිප දෙනෙකුට පමණක් කාර්යාලය තුළට පැමිණ ලිපිය බාරදෙන ලෙස කළ ඉල්ලීම මව්වරුන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් විසින් ප්‍රතික්ෂේප කරන ලදී. අතුරුදන්වූන් වෙනුවෙන් පසුගිය කාලයේම පෙනී සිටි අග්‍රාමාත්‍යවරයාගේ ක්‍රියාකලාපයට ද හානිකරමින් නිලධාරීන් විසින් දැක්වූ මෙම හැසිරීමට විරුද්ධව පැමිණි සිටි පිරිස අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය ඉදිරිපිට දී සිය විරෝධතාවය දක්වන ලදි. මෙහිදී බ්‍රිටෝ ප්‍රනාන්දු තවදුරටත් පවසා සිටියේ අග්‍රාමාතය කාර්යාලයේ නිලධාරීන්ගේ මෙම හැසිරීම සම්බන්ධයෙන් අගමැතිවරයා ද වගකීම බාර ගත යුතු බවයි. මෙහිදී අගමැතිවරයාට බාරදීමට පැමිණි ලිපිය පිරිස විසින් කාර්යාලය ඉදිරිපිට දී ඉරා දමන ලදි.

 

 

 

 

 

 

ජයනි අබේසේකර
www.samabima.com

Save

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article