spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අතුරුදහන්වුවන්ගේ ජාතික සැමරුම….හෙට

Must read

FOD3FOD4FOD5FOD 1

 

1991 වර්ෂයේ සිට අඛණ්ඩව, වාර්ෂිකව සෑම ඔක්තෝබර් 27 දිනකම අතුරුදහන්කරවීම් වලට එරෙහිවත්. ඔවුන් සිහිකිරීම සදහාත් පැවැත්වෙන උත්සවයේ 23 වන සැමරුම මෙවරත් ඔක්තෝබර් 27 උදේ 9.00 සිට දහවල් 12.30 දක්වා සීදුව, රද්දොළුව හන්දියේ පිහිටි අතුරුදහන්වුවන්ගේ සිහිවටනය ඉදිරිපිට දී පැවැත් වේ.

සියළුම ආකාරයේ අතුරුදහන්කරවීම් වලට එරෙහිවත්, අතුරුදහන්වුවන් සිහිකිරීමත් පිණිසත් 2000 වර්ෂයේ පෙබරවාරි 04 වන දින ප්‍රවීන චිත්‍ර ශිල්පී චන්ද්‍රගුප්ත තේනුවර ගේ නිර්මාණ දායකත්වයෙන් මෙම අතුරුදහන්වුවන්ගේ සිහිවටනය අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව විසින් ගොඩනගන ලදී.

ඔක්තෝබර් 27 වන දින පැවැත්වෙන මෙම උත්සවය සදහා පූජ්‍ය පක්ෂය, දේශපාලන පක්ෂ නියෝජිතයන්, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන, මාධ්‍යවේදීන් සහ පසුගිය කාලය තුළ උතුරේ සහ දකුණේ  අතුරුදහන්වු පවුල්වල සාමාජිකයින් සහභාගී විමට නියමිත අතර, ප්‍රවීන ගායන ශිල්පී ජයතිලක බණ්ඩාරයන්ගේ සාදුජනරාව සංගීත කණ්ඩායමද සහභාගිවිමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article