spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අද අයර්ලන්තය සමග තරගයේදී මීගමුවේ දසුන් ශානකගෙන් සුපිරි දක්ෂතා.

Must read

d

d1

අද (ජුනි 16) දින අයර්ලන්තය සමග පැවති පළමු තරගයේදී තමන්ගේ පළමු එක්දින ජාත්‍යන්තර තරගය ක්‍රීඩා කරන මීගමුවේ දසුන් ශානක එම තරගයේදී පෙරළිකාර දස්කම් දැක්වීමට සමත් වුණා. පිත්තෙන් වේගවත් ලකුණු 42ක් ලබා ගැනීමට ඔහු වැය කලේ පන්දු 19ක් පමණයි. ඒ සදහා 4 පහර 5ක් සහ 6 පහර 3ක් ඇතුලත් වුණා. කණ්ඩායම ලබාගත් ලකුණූ 303 වෙනුවෙන් ඔහුගේ මේ වේගවත් පිති හරඹය මහත් පිටිවහලක් වුණා. එලෙසම පන්දු ඕවර 9ක් යැවීමෙන් ලකුණු  43ක් පමණක්  ලබා දෙමින් කඩුළු 5ක් දවා ගැනීමටත් ඔහු  සමත් වුණා. එය ඔහුගේ පළමු ජත්‍යන්තර කඩුළු 5ක් ලබා ගත් අවස්ථාව වනු ඇති. තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වශයෙන් කණ්ඩායමට එක්වූ දසුන් ශානක අද දිනයේදී තමන්ගේ කාර්‍යය වඩාත් මැනවින් ඉටු කල බව දැක ගන්නට ලැබුණා.

විශේෂයෙන් දසුන් ශනකගේ මේ දස්කම හා කණ්ඩායමක් වශයෙන් අද දින දැක්වූ දස්කම් නිසා මේ තරගය ඉතාමත් පහසුවෙන් ජය ගැනීමට ශ්‍රීලංකා කණ්ඩායම සමත් වුණා.එම ජයග්‍රහණයේ ප්‍රධාන පුරුක බවට පත්වුයේ දසුන් ශානක බවයි විස්තර විචාරකයන් තරගය අවසානයේ කියා සිටියේ.

පසුගිය කාලය තුල පිට පිට ලද පරාජයන්ගේ අමිහිරි මතකයන් ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේන් මතකයෙන් මකා දමන්නට මේ ජයග්‍රහණය පිටිවහලක් වනු ඇති බව නොඅනුමානයි.

දසුන් ශානකට මෙවන් දස්කම් දක්වමින් කණාඩායම වෙනුවෙන් ඉදිරියටත් දක්ෂ ලෙස ක්‍රීඩා කිරීමට හැකිවේවායි මීපුර අපගේ සුභ පැතුම්.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article