spot_img
spot_img
Saturday, April 27, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අද රටට අවශ්‍ය විජය වැනි දේශපාලකයන් ! පාර්ලිමේන්තුවේ නම් එහෙම අය කව්රුත් නෑ – චන්ද්‍රිකා

Must read

චන්ද්‍රිකාවිජය සමරුව මෙවරත් කටුනායක සිදුවේ පිහිටි ස්මාරකය අභියසදි අද පෙරවරුවේ පැවැත්විණි. ඒ 32 වැනි ගුණානුස්මරණයයි

1945 ඔක්තෝබර් මස 09 වැනි දින උපත ලද විජය කුමාරතුංග සිනමාවට පිවිසෙන්නේ හන්තානේ කතාව චිත්‍රපටයෙනි

තුෂාරා, ආදරේ හිතෙනවා දැක්කම, හතරදෙනාම සූරයෝ, අහස් ගව්ව, ගඟ අද්දර, පාර දිගේ, මහ ගෙදර, කැඩපතක ඡායා, නොම්බර දහ හත ආදී වූ චිත්‍රපට 114 කට රංගනයෙන් දායක වූ විජය 1983 සිට 1988 තෙදක්වා වසර පහක් අඛණ්ඩව ජනප්‍රියම නළුවා සරසවි සම්මානයෙන්ද පිදුම් ලැබුවේය.

ගායකයකු ලෙසද දක්ෂතා ප්‍රකට කළ විජය ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට පිවිසි අතර පසුව ශ්‍රී ලංකා මහජන පක්ෂය පිහිටුවීමට මුල්වී ක්‍රියා කළේය.

1978 පෙබරවාරී 20 දින චන්ද්‍රිකා බණ්ඩාරනායක සමඟ විවාහ දිවියට එළැඹි විජය දෙදරු පියෙකි 1986දී ඔහු යාපනයට ගොස් ‘එල්.ටී.ටී.ඊ නායකයන් හමු වී පැවැත්වූ සාකච්ඡා මෙරට උතුරු නැගෙනහිර අර්බුදය විසඳීම සඳහා ඔහු තුළ පැවති කැපවීම මනාව තහවුරු කරන සිද්ධියක් ලෙසින් ලාංකික දේශපාලන ඉතිහාසය තුල සදා සනිටුහන්ව තිබේ.
1988 පෙබරවාරි 16 දින විජය කුමාරතුංගයන් පොල්හේන්ගොඩ පිහිටි ඔහුගේ නිවස ඉදිරිපිටදී, යතුරුපැදියකින් පැමිණි ඝාතකයන් දෙදෙනෙක් සිදු කළ වෙඩිතැබීමකින් ඝාතනයට ලක්වුණි.

ඔහුගේ 32 වැනි ගුණ සැමරුම යෙදෙන අද දිනයේදී කටුනායක විජය කුමාරතුංග සමාධියේදී විජය කුමාරතුංගයන්ගේ පිළිරුවට පුෂ්පෝහාර දැක්වීම චන්ද්‍රිකා බණ්ජාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.
මෙහිදි ඇය අවධාරණය කර සිටියේ අද රටට අවැසිව ඇත්තේ විජය වැනි දේශපාලකයන් බවයි.පාර්ලිමේන්තුවේ නම් එහෙම අය නැතැයිද ඇය මාධ්‍ය අමතමින් කියා සිටියාය.
මෙහිදි හිරු සහ දෙරණ මාධ්‍යයට සිය අදහස් ප්‍රකාශ කිරිම ප්‍රතික්ෂේප කළ ඇය  සිරස මාධ්‍ය ආයතනය වෙනුවෙන් එහි ගොස් සිටි එම්. ඉසෙඩ් සහජාන්  මාධ්‍යවේදියා කළ විමසිමට ඉහත පිළිතුර ලබා දි තිබුණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article