spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අධ්‍යාත්මික පෝෂණය ප්‍රාථමික අධ්‍යාපනයෙහි එක් අවශ්‍යතාවයකි

Must read

dalupotha scool 3dalupotha school 2

—අපි සැම කුඩා කාලයේදීම යම් යම් ජිවිත අභිමතාර්ථයන් සිත්හි තබාගෙන අපගේ ජීවිත පටන් ගන්නවා. නමුත් අපි සැමට එම අභිමතාර්ථයන් සාර්ථක කර ගන්නට හැකි වුනාද? නැත. එසේ නොවු විට අපගේ ජීවිත අසාර්ථකද? නැත.˜

අපගේ ජීවිත සාර්ථක හෝ අසාර්ථක වන්නේ අපගේ එදිනෙදා ජීවිත වලදී අපට හමුවන අභියෝගයන්ට අප මුහුණදෙන ආකාරය අනුවයි. මෙසේ පැවසුවේ මීගමුව වැල්ලවීදිය මීසම් පාලනාධිපති ගරු ටෙරන්ස් බෝදියාබදුගේ පියතුමන් මීගමුව එත්තුකාල සාන්ත සිල්වෙස්ටර් සිංහල මිශ්‍ර විදුහලෙහි සාන්ත සිල්වෙස්ටර් මුනිතුමන්ගේ ප්‍රතිමාව ස්ථාපිත කිරීමේ මංගල පුද මෙහෙය පවත්වමිනි.

තවදුරටත් එතුමා කියා සිටියේ පාසලක් විවෘත වන විට හිර ගෙයක් වැසෙන බවත්, මෙවැනි ස්ථානයක සාන්තුවරයෙකුගේ ප්‍රතිමාවක් තැබීමෙන් එම චරිතය ගැන මෙනෙහි කිරීමට අවකාශ සැලසීමෙන් කුඩා ළමුන්ගේ අධ්‍යාත්මික පෝෂණය ඇතිවීම තුළින් ළමුන් මෙහිදී ලබා ගන්නා දැනුම සමාජය තුළ නිවැරදි ලෙස යොදා ගැනීමට ඔවුන්ට මනා ශක්තියක් ලැඛෙන බවත්ය.

මීගමුව අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අධ්‍යක්ෂ කේ. ඒ. එස්. හේමචන්ද්‍ර මහතා සභාව අමතමින් මෙය ළමා අධ්‍යාපනයේ ස්ථීර අඩිතාලමක් දැමීමක් බඳු කි්‍රයාවලියකි. අනාගත යහපත් පරපුරක් තැනීමේදී අපි අධ්‍යාපනඥයන් වශයෙන් ළමුන්ගේ අධ්‍යාත්මික පෝෂණය සංවර්ධනය කිරීමේ වැදගත්කම වටහාගෙන සිටින්නෙමු. මෙම විදුහලේ විදුහල්පති සනත් පාලිත මහතා වැනි විදුහල්පතිවරුන් මෙවැනි ළමා ජීවිත හැඩ ගැස්වීමෙහි රුකුලක් වන ශ=ද්ධවු චරිතයන් ගැන ළමුන්ට දකින්නට සිතන්නට සැළැස්වීම ගැන මම ඉතා සතුටුවන්නෙමි` යි පැවසීය.

විදුහල්පති සනත් පාලිත මහතාගේ අදහසක් ලෙස තැන්පත් කළ මෙම ප්‍රතිමාව ඒත්තුකාල ග්‍රාමයේ සංචාරක තී්‍රරෝද හිමියන්ගේ සංගමයෙන් කරන ලද පරිත්‍යාගයකි. විදුහල ප්‍රධාන දොරටුවට ඉහලින් තනන ලද සුදු යකඩ නාම පුවරුව හෝටල් අධිපතිවරයෙකු වන සෙල්වරාජ් ගෝමස් මහතා විසින් පරිත්‍යාග කරන ලදී.

මෙහි වූ විශේෂත්වයක් නම් වැල්ලවීදිය මීසම් පාලනාධිපති ගරු ටෙරන්ස් බෝදියාබදුගේ පියතුමන්ගේ පූජක දිවියට වසර 26 ක් සපිරීමද මෙදිනට යෙදී තිබීමයි.

මෙහි පැමිණ සිටි අනිකුත් ආරාධිත අමුත්තන් වූයේ මීගමු කලාපයේ විශේෂ අධ්‍යාපනය පිළිබඳ අධ්‍යක්ෂ උපාලි මදුරප්පෙරුම, බෝලවලාන ගුරු මධ්‍යස්ථානයේ කළමණාකරු හේමන්ත සරත්චන්ද්‍ර, මීගමුව නාගරික මන්තී්‍ර චාමර රුද්‍රිගු, මීගමුව හිටපු නාගරික මන්ති්‍ර නෙවිල් රුද්‍රිගු යන මහත්වරුන්ය.Dalupotha school 1

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article