spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අනංමනං,මියුසික්. හා එළකිරි ට එරෙහිව නඩු

Must read

court-hammer_thumb

සිය ගීත ඔවුන්ගේ වෙබ් අඩවි වල ගබඩා කරගනිමින් ඒවා නොමිලේ බාගත කිරීමට හා සවන්දීමට හැකියාව සලස්වමින් තමන්ගේ බුද්ධිමය දේපල අයිතිය කොල්ලකා ඇති බව පවසමින් ගීත හිමිකරුවන් පිරිසක් අනංමනං,මියුසික් ඩොට් එල්කේ හා එළකිරි යන වෙබ් අඩවි වල සමාගම් වලට එරෙහිව නඩු පැවරීමට බලාපොරොත්තු වන බව වාර්ථා වේ.

සිය ගීත යොදාගනිමින් එම වෙබ් අඩවි අන්තර්ජාලය තුල ජනප්‍රියව ඒ හරහා කෝට් ගණන් මුදල් උපයන බවටද ඔවුන් චෝදනා කරති. එසේම එම වෙබ් අඩවි ජනප්‍රියවී ඇති බැවින් බහුජාතික සමාගම් වැනි විශාල සමාගම් විසින් ඔවුන් වෙත දැන්වීම් ලබා ඇති බවත් එම දැන්වීම හරහාද එම වෙබ් අඩවි විශාල මුදලක් උපයන බවද චෝදනා කරන කලාකරුවන් පවසන්නේ තමන්ගේ ගීත රිංග් ගින් ටොන් ලෙස විකිණීමෙන්ද මෙම වෙබ් අඩවි විසින් විශාල මුදලක් උපයා ඇති බව මේ වන විට හෙලිවී ඇති නිසා ඒමගින් උපයාගත් මුදල් නැවත ලබාගැනීමට කටයුතු කරන බවයි.

එලෙසම මේ පිලිබදව චෝදනා කරන නැසීගිය ජනප්‍රිය ගායකයෙකුගේ පුත්‍රයෙකු තවදුරුටත් චෝදනා කරන්නේ මෙම සමාගම් විසින් ආදායම්බදු ගෙවීම පවා පැහැර ඇති බවයි. ඒ සම්බන්දයෙන් ඉදිරියේදී ජනාධිපතිවරයා,අගමැතිවරයා හා මාධ්‍ය ඇමති තුමන් දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බවත් මේ ආකාරයෙන තමන්ගේ ගීතද ආසාධාරණ ලෙස මෙම වෙබ් අඩවි මගින් අලෙවි කර ඇත්නම් ඒ පිලිබදව slankaartists@gmail.com වෙත පැමිණිලි කරන ලෙසත් මේ සම්බන්දයෙන් තමන්ගේ අදහස්පලකර පිරිස් ඉල්ලා සිටී.

 

http://sinhala.srilankamirror.com ඇසුරිණි

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article