spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සතියකට එක දවසක්වත් නිවාඩු ගන්නේ නැති ”මීගමුව ” සංචාරක පුරයක්ද?

Must read

මීගමුව නගරයේ වානිජමය වටිනාකමක් තිබීම සංචාරක කර්මාන්තයට මෙන්ම මීගමුව පදනම් කරගෙන පවතින සියලූම ව්‍යාපාර වලට එකසේ වැදගත් බව කිව ය යුතුය. නමුත් ඒ සදහා තම ශ්‍රමය වැයකරන සේවකයන්ගේ සේවක වරප්‍රසාද සහ ඔවුන්ගේ සංස්කෘතික,මානසික පරිසරය ගොඩනැංවීම වෙනුවෙන් මෙම  ව්‍යාපාර හිමියන්ට වැඩපිළිවෙලක් තිඛෙනවාද යන්න ගැටළුවකි. අද වන විට මීගමුව නගරයේ රන් ආභරන හා රෙදි සාප්පු සතියේ දින 7 ම විවෘතව  තිඛේ. මේ වෙනුවෙන් සේවකයෙකු හෝ දෙන්නෙකු අනිවාර්්‍යයෙන්ම ඉරිදා නිවාඩුව අවලංගු කළ යුතු වන අතර, මීගමුවේ දැන් තිඛෙන තත්ත්වය  අනුව සමහර තැන්වල සේවකයෝ නැතත් සාප්පු හිමියා හෝ ඉරිදාට එහි සේවය කරනු ලබයි.බොහෝ අවස්ථා වල මෙම රත්තරන් ආභරණ සාප්පු වල සේවය කරන්නේ කදුකර ,වතුකර ප්‍රදේශයෙන් හෝ උතුරු නැගෙනහිර සිට පැමිණි සේවකයන් වෙති.
මීගමුවේ රන්බඩු ව්‍යාපාර කරන ආයතන වල අයිතිකරුවන් නැතිනම් පාලකයන් මෙම ක්‍රමය වෙනස්කිරීමට අකමැති අතර එයට  ප්‍රධාන හේතුව  ලෙස  ඔවුන් දක්වන්නේ   මීගමුව සංචාරක පුරයක් යන සාධකයයි. නමුත් සේවකයන් පවසන්නේ එසේ නම් ඉරිදා වෙනුවට සතියට එක දිනයක් සියලූම කඩ සාප්පු වලට නිවාඩු දිනයක්  ලෙස ලබාදිය  යුතු බවයි. මීගමුව තුළ  ඇති රත්තරන් බඩු සාප්පු  සතියේ දින 7ම විවෘතව තිබීම පොදු තත්ත්වයකි. මේ ක්‍රමයට අකමැති ව්‍යාපාරික හිමියන් සිටියත් වෙනත් ව්‍යාපාරිකයන්  විසින් මෙම ඉරිදා සාප්පු විවෘතව තබන නිසා ඔවුන් ද එම ක්‍රියාවම  අනුගමනය කරති.ngb towen new
එසේ කරන්නේ එක් කොටසක් ඉරිදාට කඩ විවෘත තබද්දී තවත් කොටසක් සාප්පුව වසා දැමුවහොත් පාරිභෝගිකයන් තුළ ඔවුන් පිළිබදව ඇති විශ්වාසය නැතිවනු ඇතැ යි යන අදහස් පෙරදැරිවය.
නම සදහන් කිරිමට අකමැති රන්බඩු සාප්පුවක සේවකයෙකු පැවසූවේ  හැත්තෑව දශකයේදී  මෙම තත්ත්වය වඩා හොද තත්ත්වයක පැවති අතර සේවකයන් හට තිබූ අයිතිවාසිකම්  හොදින් භුක්තිවිදීමට  ඒ කාලයේ ඉඩ තිබූ බවයි.  ඉස්සර නම් සෙනසුරාදා ඉරිදා වන විට වෙළද කලාපේ සේවිකාවන් විශාල ප්‍රමාණයක් මීගමුවට එනවා. දැන් ඒ අයගේ පැමිණිමත් අඩුයි. සංචාරකයෝ වැඩි වෙලා තිබුණට සති අග නිවාඩුවක්  ගන්ඩ බැරි තරමටම සංචාරකයෝ මිගමුව නගරයේ ගැවසෙන්නේ නෑ. මීගමුව වෙළද සංගමයට මෙම ගැටළුව විවිධ අවස්ථාවන් වලදී ඉදිරිපත් කළද එහි සිටින ව්‍යාපාරක මහතුන් මෙම නගරය සංචාරක පුරයක් ලෙස සැලකීම යන කාරණය ඉදිරිපත් කරමින් ඉරිදා මෙම  සාප්පු වසා දැමීමට නතර නොකරන බව ඔහු පවසයි.
සේවකයන් යෝජනා කරන්නේ  ඉරිදා කඩ වසාදැමීමට නොහැකි නම් අඩුම ගණනේ සතියේ එක් දිනයක් හෝ ඒ වෙනුවට වසා දැමිය යුතු බවයි. සංචාරක කර්මාන්තය වෙනුවෙන් සැකසුන නගරයක් නම් එහි වෘත්තීය අචාරධර්ම පළමුව රැකිය යුතුය.  මීගමුව රන් ආභරන ව්‍යාපාරිකයන්  අනුගමනය කරන මේ නිවාඩු නැතිව  ව්‍යාපාර කිරීම එක්තරා වහල් සම්ප්‍රදායකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article