spot_img
spot_img
Friday, May 3, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අනතුරක්, පියතුමෙක් සහ වැඩබලන පොලිස්පති දේශබන්දු

Must read

(තෙවැනි සංස්කරණය )වැඩබලන පොලිස්පති ලෙසින් දේශබන්දු තෙන්නකෝන් පත්කිරිම පිලිබදව පසුගිය දිනවල එල්ලවු බරපතල විරෝධය අතර ඉදිරි පෙලේම සිටි එක් විවේචකයෙකු වුයේ කාර්දිනල් හිමි ප්‍රමුඛ කතෝලික පල්ලියයි.

එහි ප්‍රබල ප්‍රකාශකයෙකු වු පියතුමන්ලා කීපදෙනෙකුද විය. මේ විවේචකයන් අතර ඉදිරියෙන්ම සිටි අයෙකුද විය.

වැඩබලන පොලිස්පතිට එල්ලවි ඇති චෝදනා දෙස සලකා බලන විට මේ සියලු විරෝධතා ඉතා සාධනීය පසුබිමක පවති.

ඔහුව පත්කිරිම සම්බන්ධයෙන් ජනපති වික්‍රමසිංහට එරෙහිවද දැවැන්ත විරෝධයක් කාර්දිනල් හිමියන් ප්‍රමුඛ කතෝලික පල්ලිය විසින් මුදාහැර තිබුණි.

තතු එසේව තිබියද පොලිස් ඇමති ටිරාන් විසින් පසුගියදා රිය අනතුරක් සහ පියතුමෙකු ගැන පුවතක් මාධ්‍ය වෙත හෙළිකර ඇත.

ඒ වාහන අනතුරක් සිදුකොට ඇප ලබාගත්ත පියතුමෙකු ගැන මාධ්‍ය හමුවේ හෙළිදරව් කිරිමක් කරන්නට යෙදුණි.

එයට අනුව මෙම පියතුමගේ වාහනයේ ගැටි පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

මේ නිසා අදාල පියතුමාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පියතුමන්ට ඇප ලබාගැනිමට ආදාලව අගරදගුරු නිවසින් දුරකතන ඇමතුමක් ලැබු තිබුන බවත් ඒ අනුව පියතුමන්ට ඇප ලබාදිමට පොලිසිය පියවර ගත් බවද ඇමති ටිරාන් පවසා තිබුණි.

මේ අතර අද දෙරණ වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ රිය අනතුරකින් පසු සිරිල් ගාමිණි පියතුමාව පොලීසියට රැගෙන ගිය අවස්ථාවේදී පියතුමාව බේරාදෙන්නැයි වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ආයාචනයක් නොකළ බව කොළඹ අගරදගුරු පදවි, ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා පවසා සිටි බවය

අමාත්‍ය ටිරාන් අලස් මහතා කළ එම චෝදනාවට අද (22) මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් පිළිතුරු දෙමින් ජූඩ් ක්‍රිශාන්ත පියතුමන් මේ බව පැවසු බව අද දෙරණ වෙබ් අඩවිය වැඩිදුරටත් සදහන් කර තිබුණි

ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා වැඩිදුරටත් සඳහන් කළේ ආයාචනා කළ සිද්ධිය සම්පූර්ණයෙන් බොරුවක් බවය.

මේ සම්බන්ධයෙන් පියතුමන් විසින් පසුදා වැඩබලන පොලිස්පතිවරයා අමතා ස්තුති කර ඇතැයි ද ඇමතිවරයා මාධ්‍ය වෙත පවසා ඇත.

මේ අතර සිරිල් ගාමිණි පියතුමන් සිය ෆේස්බුක් පිටුවේ මෙසේ සටහනක්.තබා තිබේ

ටිරාන් අලස් ඇමතිවරයා පවසන්නේ බොරු කන්දකි.

“සිරිල් ගාමිණී පියතුමන් ඇප ගත්තේ දේශබන්දුට කෝල් කරලා” යැයි පොලිසිය බාර ඇමති ටිරාන් අලස් මහත්මා කළ ප්‍රකාශයක් ඊයේ (දෙසැම්බර් 21) මාධ්‍ය වාර්තා කර තිබුණා. එම ප්‍රකාශය මගින් ටිරාන් ඇමතිවරයා අප පිළිබඳව ඉතාම වැරදි මතයක් සමාජය තුළ ගොඩ නැගීමට උත්සාහයක් ගන්නා නිසා ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කළ යුතුයි.

2023 පෙබරවාරි 01 දින සවස මා පදවාගෙන ගිය මෝටර් රථය යතුරු පැදියක ගැටීමෙන් එම යතුරු පැදිය පදවාගෙන පැමිණි පුද්ගලයාට තුවාල සිදුවිය. ඔහුව කොළඹ ජාතික රෝහලට ඇතුලු කිරීමෙන් අනතුරුව රෝහල් පොලිසියේ උපදෙස් අනුව කොටහේන පොලිස් ස්ථානයට ගොස් කට උත්තරයක් ලබාදුනිමි. මගේ මෝටර් රථය පොලිසිය භාරයට ගත්තේය. කොටහේන පොලිසියේ රථවාහන අංශය බාර ස්ථානාධිපතිවරයා ඇප ලබා දීම ප්‍රතික්ෂේප කළේය. .මා ඒ මොහොතේ ප්‍රකාශ කළේ නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි. පසුදින වනතුරු මා කොටහේන පොලිසියේ රදවා තබා ගැනිණි. ජනාධිපති නීතිඣ ශමිල් පෙරේරා මහත්මා ද අප සමග සිටියේය. අප සූදානම්ව සිටියේ පසුදින උදෑසන උසාවියට යාමටයි. මේ පිළිබඳව මැදිහත් වීමට බොහෝ හිතවතුන් දුරකථනයෙන් මා අමතා විමසා සිටි මුත් ඒ සැම දෙනාටම මා කීවේ නීතියට පිටින් කිසිවක් කිරීම අනවශ්‍ය බවයි.
එදින උදෑසන කොටහේන පොලිසිය බාර ස්ථානාධිපතිවරයා කියා සිටියේ තුවාල වූ පාර්ශ්වය සමග සමථයකට පත්විය හැකි බවයි. ඒ අනුව ඔවුන් ඉල්ලා සිටි අලාභය ගෙවා දෙපාර්ශවයම නිත්‍යානුකූල ගිව්සුමකට අත්සන් තබා සමථයකට පත්විණි.
අති උතූම් කාදිනල් හිමිපාණන් කිසිම පුද්ගලයකුගෙන් මා බේරා ගැනීම සදහා කිසිම අයකුගේ මාර්ගයෙන් උදව් නොපතූ බව මම ස්ථිර වශයෙන්ම දනිමි. උන්වහන්සේ මේ පිළිබඳව දැනගත්තේ සියලු දේ නිමා වීමෙන් අනතුරුව ය. එහෙයින් ටිරාන් අලස් ඇමතිවරයා කියන්නේ අමූලික බොරුවකි.
එසේම මා ද මෙහි ලා කිසිදු පුද්ගලයකුගෙන් උදව් නො ඉල්ලුවෙමි. දේශබන්දු තෙන්නකෝන් මහත්මා හට මේ සම්බන්ධයෙන් කිසිදු ඇමතුමක් නොගත්තෙමි.
මම දේශබන්දු තෙන්නකෝන් මහත්මාට පසු දා දුරකථන ඇමතුමක් දී ස්තූති කළ බව ටිරාන් අලස් ඇමතිවරයා කර ඇති ප්‍රකාශය ද ගල් පැලෙන බොරුවකි. මා මේ වනතුරු දේශබන්දු තෙන්නකෝන් මහත්මා සමග කිසි දිනෙක දුරකථනයෙන් කතා කර නැත.
ටිරාන් අලස් වැනි මහා බොරුකාරයකු මේ රටේ පොලිසිය බාර ඇමතිවරයා ලෙස සිටීම පිළිබඳව මේ රටේ පුරවැසියකු ලෙස ලැජ්ජාවට පත්වෙමි.

සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article