spot_img
spot_img
Wednesday, May 8, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අන්තර්ජාලයෙන් සමාගම් ලියාපදිංචිය ඇරඹේ.

Must read

අන්තර්ජාලය ඔස්සේ සමාගම් සංස්ථාපනය කිරීමේ පහසුකම මෙරටට හදුන්වාදීම පසුගිය දා සිදුවිය. E-ROC නමින් මෙම ව්‍යාපෘතිය දියත් කෙරිණි.  මෙම නව පියවර ශ්‍රී ලංකාව තුළ සමාගම් ලියාපදිංචිය කාර්යක්ෂම කරමින් Doing Business දර්ශකයේ ඉහළ ස්ථානයක් කරා ශ්‍රී ලංකාව ගෙන යාමට හේතුවනු ඇති  බව වානිජ හා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එන්. රංජිත් අශෝක මහතා පවසා සිටියි.

රුපියල් මිලියන 75 කට අධික පිරිවැයක් දරා දියත් කර අති මෙම ව්‍යාපෘතිය මගින් මෙතෙක් කලක් සමාගමක් ලියාපදිංචිය සඳහා ගත වූ දින 9 ක කාලය දින 1 ක් දක්වා අඩුකර ගැනීමට හැකි බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කර ඇති සමාගම්, සමාගම් නාම වෙන්කිරීම, ලියාපදිංචි කිරීමේ අයදුම්පත් යැවීම, නාම අනුමත තත්ත්වයන් විමසීම් වැනි සේවාවන් රැසක් මෙම නව ව්‍යාපෘතිය හරහා ලබා ගත හැකිය.

මේ පිළිබඳ වැඩි විස්තර http://43.224.127.148:8080/InfoBizRegWeb/pages/public/index.xhtml වෙත පිවිසීමෙන් ලබා ගත හැකිය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article