අන්තවාදී ක්‍රියාවන්ට එරෙහිව ප්‍රවේශමෙන් ප්‍රවේශ විය යුතුයි- එකිනෙකාට ඇඟිල්ල දිගු කරගැනීමට මෙය අවස්ථාවක් නොවේ

0
110

196cff6c423219c24b803b78c7aaa653_XLසෑම කෙනෙක් ම වගකීමෙන් කටයුතු කළ යුතු වෙනවා.අන්තවාදී ක්‍රියාවන්ට එරෙහිව ප්‍රවේශමෙන් ප්‍රවේශ විය යුතුයි.එකිනෙකාට ඇඟිල්ල දිගු කරගැනීමට මෙය අවස්ථාවක් නොවේ යැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා  ප්‍රකශ කළේ ය.

 අමාත්‍යවරයා අද (24)පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනාවේ විවාදයට එක්වෙමිනි.

මෙය අපේ ජාතිය දීප්තිමත් අනාගයක් ලෙස වැඩකරමින් සිටියේ අපි වඩා කම්පනයට ලක් වී සිටින අවස්ථාවක්. මගේ ශෝකය ප්‍රකාශ කරනවා.මෙය කෲර ක්‍රියාව සිදු කර තිබෙන්නේ අන්තවාදීන් විසින්.සියලු දෙනාම මෙහිදී අප
වෙන් කරන්න හදන අය පරාජය කළ යුතුයි. මෙය ඉතාම දුක්ඛදායක අවස්ථාවක්. නිර්භීත පොලිස් නිලධාරීන් අපරාධ වැළැක්වීමට ඔවුන් පරාජය කරන්න  කටයුතු කළා. සෞඛ්‍ය සේවකයින් අනපේක්ෂිත අවස්ථාවේ සේවය ලබාදුන්නා.

පුවත්පත් කලාවේදීන් මාධ්‍යවේදීන් වගකීමෙන් කටයුතු කළා. කැළඹීම් ඇතිවන ආකාරයට වාර්තා කළේ නෑ. බොහෝ දෙනෙක් ඔවුන්ගේ රුධිරය ලබාදීමට කටයුතු කළා. අපේ පුරවැසියෝ මොහොතකටවත් පසුබට වුණේ  නෑ.

එකිනෙකාට ඇඟිල්ල දිගු කරගැනීමට මෙය අවස්ථාවක් නොවේ .මේක අවස්ථාවක් කරගන්නට ඕන, අපි  වගකීමෙන් කටයුතු කර ගැනීම වැදගත් වෙනවා.අන්තවාදී ක්‍රියාවන්ට එරෙහිව ප්‍රවේශමෙන් ප්‍රවේශ විය යුතුයි. දැන් අපට ජාත්‍යන්තර ත්‍රස්තවාදී ජාලයක්ට මුහුණ දෙන්න වෙලා.අපි අප ගැනම සොයා බැලිය යුතුයි. සෑම  කෙනෙක් ම වගකීමෙන් ම කටයුතු කළ යුතු වෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here