spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අන්සාර් මුදලාලිගේ චණ්ඩිපාට් නිසා ලංකාවට අහිමිවු පාපන්දු ක්‍රිඩකයා??

Must read

අන්සාර් හෝටලයේ මැරයන්ගෙන් පහර කෑෙමන් පසු .
අන්සාර් හෝටලයේ මැරයන්ගෙන් පහර කෑෙමන් පසු .
ජුපිටර්ස් පාපන්දු කණ්ඩායම
ජුපිටර්ස් පාපන්දු කණ්ඩායම
ජීසස් ජුපිටර්ස් සමගින්
ජීසස් ජුපිටර්ස් සමගින්

jesus 3

පාදයත් අතත් පන නැති ජීසස්
පාදයත් අතත් පන නැති ජීසස්
අන්සාර් හෝටලයේ තිරිසනුන්ගේ පහරකෑමට ලක්වු දිනට පෙර දිනයේ ජීසස් ඇන්ද චිත්‍රය
අන්සාර් හෝටලයේ තිරිසනුන්ගේ පහරකෑමට ලක්වු දිනට පෙර දිනයේ ජීසස් ඇන්ද චිත්‍රය
ක්‍රිඩා හැදුනුම්පතේ ජායාරූපය
ක්‍රිඩා හැදුනුම්පතේ ජායාරූපය
සිය මවත් සමගින්
සිය මවත් සමගින්
ජීසස්ගේ ප්‍රති වාර්තාව
ජීසස්ගේ ප්‍රගති වාර්තාව

ජීසස්ට එල්ල කළ මාරාන්තික ප්‍රහාරයට 2013 අගෝස්තු 25 ට වසර 2යි.

මීගමුව පෙරියමුල්ල මංසන්ධිය දැන් නොනිදන නගරයකි.දිනෙන් දින හෝටල් විවෘත වෙමින් තිබේ.මේ හෝටල් සමුහය අතර එක් හෝටලයක් වෙයි.
එය මේ රටේ  පාපන්දු ක්‍රිඩාවේ අනාගතය රන් අකුරින් ලියවන්නට තරම් හැකියාවකින් යුතු වු දරුවකුගේ ජිවිතය අකාලයේ විනාශ කරන්නට කටයුතු කළේය.

දිනක් ජීසස් නම් වු මේ ලාබල දක්ෂ පාපන්දු ක්‍රිඩකයා පෙරියමුල්ලේ අන්සාර් හෝටලය කරා පැමිණෙන්නේ රයිස් එකක් රැගෙන යන්නටය.එහෙත් එතන සිදුවන බහින් බස් විමක ප්‍රතිඵලයක් ලෙසින්  මේ හෝටලයේ අය විසින් ජීසස්ට  පහර දෙනු ලබන්නේ රයිස් හැදිමට පාවිච්චි කරන හැන්දකිනි.මේ නිසා මාරාන්තික තුවාල ලබන ජීසය් ගේ ජිවිතය බේරෙන්නේ හාස්කමකිනි.
එහෙත් ඔහුගේ සුපුරුදු ක්‍රියාශිලි ක්‍රිඩා ජිවිතය දැන් ඔහුට අහිමිය. එක් අතක් හා එක් කකුලක් තවමත් පණ නැත. කථා කරන්නේද අපහසුවෙනි.
මේ සා අපරාධයක් කළ අන්සාර් හෝටලයේ මුදලාලි ඇතුළු පිරිස ගැන පොලිසිය පවා උනන්දු නොවන්නේ මුදලාලිගේ සල්ලි බලය නිසා විය යුතුය.

මේ සිදුවිම සැකෙවින් මෙසේය.
මේ සිදුවිම වන අවස්ථාවේ කේ. ජීසස් ෙජනීෂියස් ප්‍රනාන්දුගේ වයස අවු 15 කි. මීගමුවේ ඔහු ජීවත්වන්නේ  අසරප්පා වත්තේ කුඩා නිවසකය. ඔහු අධ්‍යාපනය ලැබූවේ මීගමුව සාන්ත පීතර විදුහලේ 10 වසරේය.. ඔහුගේ පියා ධීවර කම්රුවෙකු වු  අතර නම කේ. අයිවන් ප්‍රනාන්දු වේ. මව පී. ආනන්දිය.
ඔහුට පවුලේ වැඩිමහල් සහෝදරයෙක් සහ බාල නැගණියක් සිටියි. ජීසස් ජෙනීසියස්ගේ ජීවිතයට අභාග්‍යසම්පන්න සිදුවීම උදාකළ මෙම දවස 2011 වසරේ අගොස්තු මස 25 වනදායි.
මෙම සිදුවීම ගැන ඔහුගේ මවත් පියාත් පැවසූ තොරතුරු අනුව එය මෙසේ සිදුවී ඇත.
එදින රාත්‍රි 8 .00 ට පමණ ජීසස් යාලූවෝ හතර පස්දෙනෙකුද සමගින්   අන්සර් හෝටලයට ගොස් තිබුනේ   යාලූවෙකුට ප්‍රයිඩ්  රයිස් එකක් ගැනීමටය.
බයිසිකල් වලින් ගොස්  බයිසිකල් ටික එම හෝටලය අසල  නවත්වා හෝටලය තුලට යද්දී හෝටලයේ  වැඩකරන දෙන්නෙක් කෑ ගසා ඇත්තේ , මෙතන බයිසිකල් ගහපුහම වාහන පාක් කරන්ඩ ඉඩ මදි වෙන බව පවසමිනි.එයට පිළිතුරු දුන්
ජීසස්ගේ යාලූවෙක් පවසා ඇත්තේ  හැමදාම මෙතනට පැමිණෙන බවත් ඉක්මනින්ම යන බවත්ය.
ඒ වනවිටත්  ජීසස් සිට ඇත්තේ අන්සාර් හෝටලයට තරමක් නුදුරින් තම යහලූවන් පැමිණෙන තෙක්ය. එහෙත් ඒ යහලූවන් හෝටලයෙන් එලියට  එන විට වාහන  පාක් කර තිබූ නිසා  බයිසිකල් එලියට ගැනීමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබිම නිසා සිය  මිතුරන් අපහසුවට පත්වි  ඇත.
නමුත් හෝටලයේ  වැඩකරන  පුද්ගලයින් දෙන්නෙක් පැමිණ බයිසිකල් ඉකමනින් ඉවත් කර ගන්නා මෙන් කරදර කරද්දී ඔවුන් කියා ඇත්තේ වාහන ගත් පසු අපි බයිසිකල් අරන් යන්නම් කියාය
එවිට ඒ පුද්ගලයින් ‘‘ තමුසෙලාගේ කට වැඩියි‘‘ කියා පහරදෙන්නට සූදානම් වී ඇත.  හෝටලයේ මුදලාලි  ‘උන්ට  ගහපල්ලා යැයි පවසා ඇත. ඉන් පසු සේවකයින් කීපදෙනෙක් පැමිණ ජීසස්ගේ  මිතුරන්ට පොලූ රැගෙන විත් පහර දී තිබේ.
එතනදී එක් මිතුරෙක් බිම වැටී සිටි නිසා ඔහුව නැගිට වීමට ජීසස් එතනට ගොස් ඇත..
ඒ අවස්ථාවේදී අර සේවකයින් නැවතත් පොලූ රැගෙන ජීසස්ටත් පහර දෙන්නට පටන් ගෙන ඇති අතර  පසුව ප්‍රයිඞ් රයිස් හදන හැන්ද රැගෙන විත් ජීසස්ගේ ඔලූවට වැරෙන් පහරවල් කිපයක්ම  දී තිබේ.
ඒ පහරවල් දරාගත නොහැකි වු ජිසස් කොළඹ හලාවත ප්‍රධාන මාර්ගය මතට ඇදවැටි ඇත.
පසුව අමාරැෙවන් පෙරළෙමින් පාර අයිනට පැමිණ තිබේ.
මෙසේ බිම වැටි සිටි  ජිසස්ව හදුනාගත්  ඔහුගේ ඥාති සහෝදර යුවලක් එතනට පැමිණ ජීසස්ව මීගමුව රෝහලට ගෙනවිත් තිබේ. ඒ වන විට රාත්‍රි 09 ට පමණ වී ඇත.
මීගමුව රෝහලට ගෙන ගිය ජීසස් ව පැයක් පමණ කාලයක් රදවා ගෙන සිට කොළඹ  මහ රෝහලට මාරුකර යවන ලදී. එහිදී ජීසස්ව විශේෂ සැත්කම් කීපයකට භාජනය කරන ලදී. එහිදී ඔහුගේ හිස්කබලෙන් කොටසක් ඉවත් කිරිමට සිදුවී ඇත.ශල්‍යකර්මයෙන් පසු ශල්‍යකර්මයට ලක් කරන රෝගීන් පමණක් සිටින විශේෂ ඒකකයට  ඔහුව ඇතුල් කර, එහිදී ඔහුට ස්වභාවිකව හුස්ම ගැනීමට නොහැකි නිසා යන්ත්‍රයක් මාර්ගයෙන් හුස්ම ගැනීමට සලසා  තිබේ. ඉන් පසු උගුරට බටයක් සම්බන්ධ කර හුස්ම ගැනීමට ආධාරකයක් ද සපයන ලදී.
ජීසස් කොළඹ මහා රෝහලේ  මේ විශේෂ ඒකකයේ  සති 3ක ප්‍රතිකාර ලබා  දැඩි සත්කාර ඒකකයේ   තවත් සතියක්  පමණ ප්‍රතිකාර ලැබිමෙන් පසුව මීගමුව රෝහලට මාරුකර එවයි.
ඒ සැප්තැම්බර් මස 18 වනදායි.
ඒ වනවිටත් ඔහුට ආහාර දුන්නේ බට මාර්ගෙයෙනි. මුත්‍රා පිටවීමට ද වෙනම බටයක් යොදා තිබුණි.
මීගමුව රෝහලේ දී  කරනු ලැබු යොමුකිරිම් මත රාගම පුනරුත්තාපන රෝහලේ විශේෂඥ වෛද්‍ය පනංගල මහත්මියගේ උපදෙස් මත ජීසස්ව නැවතත් භෞත චිකිත්සක ව්‍යායාම සදහා රාගම රණවිරු සෙවනට යොමු කරන ලදී.
මේ ප්‍රතිකර්ම වල ප්‍රථිපලයක් ලෙසින් යම්  ප්‍රකෘති තත්ත්වයක් ලැබී තිබේ.
ඔහුට ගොත ගසමින් කතා කිරීමට හැකියාව ලැබී ඇති අතර වම් අත සහ වම් කකුල තවමත් ක්‍රියාකාරි නැත.
මේ වෛද්‍ය ප්‍රතිකාර සදහා විශාල මුදලක් වැයකරන්නට සිදුව ඇති අතර එයට   ජිසස්ගේ මව් පිය පාර්ශවයේ සැමගේ දායකත්වය ලැබි තිබුණි.

අන්සර් මුදලාලි  මඟහරයි? පතාලයෙන් තර්ජනයක් ලබා දෙයි.

ඔහුගේ මව ඒ පිළිබඳ පවසා සිටියේ මෙවැනි දෙයකි
මීගමුව  රෝහලේදී ජීසස්ට අවශ්‍ය තිබූ බෙහෙත් ඖෂධ ගැනීම සදහා රු 65 000ක් අවශ්‍ය වුණා. එබැවින් අපි  සිද්ධියට මුහුණ පෑ ළමයින් කීපදෙනෙක් සමග අන්සර් හෝටලයේ මුදලාලි මුණ ගැසීමට ගියා. එහිදි ඔහු මුලින්ම පවසා තිබුනේ තමන්ගේ හොට්ලය තුලදි එවැනි පහරදිමක් සිදු නොවු බවය.
පසුව එහි ගොස් සිටි තරුණයන් විසින් අදාල දිනයේදි රසිස් ගත් බිලක්ද අන්සාර් මුදලාට පෙන්වා ඇත.ඉන් අනතරුව අදාල නිවසේ පිටුපසට ගොස් යළි පැමිණෙනමින් ඔහු අත වු දුරථකනය ජිසස්ගේ මව වෙත ලබා දි තිබුණි.එහි අනික් අන්තයේ වු පුද්ගලයා තර්ජනාත්මක ලෙසින්  ජිසස්ගේ මව වෙත බැන වැදි අ ඇති අතර මෙසේ ඇයගේ දරුවන් හට දිම සදහා අන්සාර් හෝටලයේ මුදලාලි ලග සල්ලි නැතැයිද කියා ඇත.
තරුණයෙකුට ජිවිත අහිමි කරන්නට මුල්වු අන්සාර් හෝටලයේ මුදලාලි එහෙම පිටින්ම තිරිසනෙක් බව ඔප්පු වන්නේ ඔහු විසින් මරාන්තික පහර එල්ල කළ ජිසස් වෙත ලබාදිය යුතු අත්‍යවශ්‍ය ඖෂධ ලබාදිමට වෙනත් මගක් නැතිම තැන උදව්වක් ඉල්ලා ගිය  අවස්ථාවේදි ද පාතාල නායකයෙකු ලවා මේ අහිංසකයන් හට තර්ජනය කරවිමෙනි..
මෙසේ තමන් හට තර්ජනය කල තැනැත්තා පෙරොස් නම් වු නමගිය පාතාල නායකයෙකු බව පසුව ඇය දැනගෙන ඇත..

මේ සියළු තර්ජන කිරිමෙන් පසුව රු 10000 මුදලක් පමණක් ඒ අවස්ථාෙව්දි මවට දෙමින් ඉල්ලා ඇත්තේ මේ සිදුවීමට ඔහුව  සම්බන්ධ කර නොගන්නා ලෙසය.

ජීසස් ලබාල වුවත් වෘත්තිය පාපන්දු ක්‍රිඩකයෙකි.

කේ. ජීසස් ජෙනීසියස්   මේ සිදුවීම වන විට සාන්ත පීතර විදුහලේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි දක්ෂ සිසුවෙකි. ඔහු වොලිබෝල්,චෙස් ,මැරතන් ඇතුලූ මළල ක්‍රිඩා වලටද  දක්ෂයෙකි. විද්‍යාලීය පාපන්දු කණ්ඩායමේ නායකයා සේම මීගමුව ජුපිටර් පාපන්දු  ක්‍රිඩා සමාජයේ ද විශේෂ දස්කම් දැක්වු ප්‍රධාන පෙලේ  ක්‍රිඩයෙකු විය.. ඔහු සිය වයසටත් වඩා වැඩිමහල් ක්‍රිඩකයන්  සමග පවා පාපන්දු තරග වලට ඉදිරිපත් වු අතර එම ක්‍රිඩා සමාජය විසින් ඔහුට විශේෂ ගෙවීමක් ද සිදුකර තිබුණි.

මීගමුව පොලිසියද අන්සාර් මුදලාලිගේ සල්ලි බලය හමුවේ නිතිය බල්ලාගේ අතට පත් කරයි.
ජියස් මාරන්තික තුවාල ලබා ජිවිතයත් මරණයත් අතර සිටියද මේ සම්බන්ධයෙන් වගකියයුතු මැරයන් අත්අඩංගුවට ගෙන නිතිය මගින් කටයුතු කරන්නට පමා කරයි.
කොළඹ මහ රෝහලේදි මරණාසන්න තත්වයට පත්ව සිටි ජිසස්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් පවසා තිබුනේ මෙම සිදුවිම ගැන වහාම පොලිස් පොතේ පැමිණිලි සටහන් කරන ලෙසය.
දරුවාගේ ජිවිතයේ අවිනිශ්චිත මොහොත දැන දැනත් ඔහුගේ පියා මීගමුව පොලිසියට පැමිණ පැමිණිල්ල සටහන් කරගන්නා ලෙසින් ඉල්ලා සිටියත් පොලිසියේ නිළධාරින් පවසා සිටින්නේ පහර කෑමට ලක්වු අනික් අයගෙන් පැමිණිලි සටහන් කරගෙන ඇති නිසා ජීසස්ගේ පැමිණිල්ලක් අනවශ්‍ය බවය.මෙ අයුරින් පොලිසිය කටයුතු කර තිබුනේ මහහරින්නටය.
කෙසේ වෙතත් ජිසස්ගේ දෙමව්පියන්ගේ ඇවිටිලි මත පැමිණිලි සටහන් කොට ගෙන දැනට අපරාධ නඩුවක් විභාගවෙමින් පවතී.
මීලග නඩු වාරය යෙදි ඇත්තේ 2013  අගොස්තු 05 න වන දිනටය.

ඉගෙනිමේද දක්ෂයෙකු වු ජීසස් 10 වන පන්තියේදි වාර විභාගයෙන් 6 වැනියාය. චිත්‍ර ඇදිමේ විශේෂ හැකියාවක්ද ඔහු තුල විය.කෙසේ වෙතත් සාමාන්‍ය තත්වයක් යටතේ අපොස සා පෙල විභාගයට වාඩිවිමට අවස්ථාව ඔහුට අහිමිව ගියද ඔහුගේ රෝගි තත්වයන් යටතේ පවා කෙසේ හෝ මහන්සි වි සම්මාන 2 කක් සහිතව අනෙකුත් විෂයයන් සමත් වන්නට ඔහු ට හැකි වුවද පරහකට සිටියේ ගණිතය විෂය අසමත්විමයි.සිරුරේ සමබරතාවය රැකගනිමින් කෙලින් සිට ගැනිම ඇති අපහසුව නිසා ජීසස් වැඩි වෙලාවක් සිටින්නේ නිදාගෙනය.

තමන්ට අනපේක්ෂිත ලෙස මුහුණපෑමට සිදුවූ මෙම අනතුරින් ඔහුගේ ජීවිතය යළි යථාතත්ත්වයට පත්වීම කවදා හෝ සිදුවනතෙක් ඔහුට කාගේ හෝ අධාරයෙන් ජීවත්වීමට සිදුව ඇත. එමෙන්ම ධිවර කම්කරුවෙක් වන ඔහුගේ පියාට අනෙක් දරුවන් දෙදෙනාගේත් සියලූ වියදම් මෙන්ම ජීසස් වෙනුවෙන් දරන්නට සිදුව ඇති ආර්ථික වැයත් මහත් බරකි. එමෙන්ම මෙම සිදුවීම නිසා සිය 2011 වසරේ අගොස්තු මස සිට ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතය වෙනස් වී ජීසස් සුවකර ගැනීම වෙනුවෙන් විශාල කැපවිමක් කරන්නට වෙහෙස කාරී දිවි පෙවෙතක් ගත කරන්නට සිදුවිය.
රාත්‍රිය බබලවන්නට ආඩම්බරකාරි ලෙසින් දහවලක මෙන් ලයිට් දමා ඇති අන්සාර් හෝටලයට ගොඩ වදින කිසිවෙකුත් මේ හෝටලයේ අයිතිකරු ඇතුඵ කාර්ය මණ්ඩලය ශ්‍රි ලංකාවේ පාපන්දු ක්‍රිඩාවට මීගමුව නියෝජනය කරමින් පුදදෙන්නට සිටි ක්‍රිඩකයෙකුගේ ජිවිතය එහෙම පිටින්ම අදුරට ඇද දමා ඇතැයි නොදන්නවා වන්නට පුළුවන.
එපමණක්ද නොව ඔහු පස්වන පංතියේ සිට 10 වෙනි පංතිය දක්වා ආදරයෙන් ක්‍රිඩා කළ ජුපිටරස් කණ්ඩායමද ජිසස්ව අමතක කර දැමිම ගැන මේ අසරණ දෙමව්පියන් තුල ඇත්තේ වවාගත නොහැකි වු දුකකි.
ජිසස් ගේ  ජිවිතය අහිමිකරන්නට ගිය මේ පාපතරයන්ට එරෙහිව වන්දි නඩුවක් ගොනු කිරිම සදහා මීගමුවේ මානව හිමිකම් වෙනුවෙන් පෙනි සිටින සංවිධානයක් මේ දිනවල කටයුතු කරගෙන යමින් සිටි.
ජීස්සගේ  මම්පස හිස් කබල සවි කිරිම සදහා විශේෂ ශල්‍යකර්මයකට භාජනය විමට  නියමිතය.ඒ සදහා වැය වෙතැයි අපෙක්ෂිත ලක්ෂ ගාණක මුදල සෙවිම සදහා මේ අසරණ දෙම්පියෝ මහත් වෙහෙසක් ගනිමින් සිටිති.

jesus 14

 

 http://www.youtube.com/watch?v=PMds18vFaZ0

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article