spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

”අනාගත ශ්‍රී ලංකාවක ජනාධිපති වීමට මම උත්සාහ කරද්දී – ඔබ නිතරම අතීතය ගැන කතා කරනවා”

Must read

thjc-Gotabaya ජනාධිපති අපේක්ෂත්වයට නම්කළ පසු ගෝටාභය රාපක්ෂ විසින්  පළමු වරට  පැවත්වූ මාධ්‍ය හමුව  ඊයේ (15) ෂැන්ග්‍රීලා හෝටලයේදී පවත්වන ලදී. එහිදී හින්දු ටයිසම්ස් පුවත්පතේ මාධ්‍යවේදිනියක විසින්  ආන්දෝලානාත්මක පශ්චාත් යුද අපරාධ  සම්බන්ධව ප්‍රශ්න කීපයක් ඔහු වෙත ඉදිරිපත් කරන ලදී. ඔහු විසින් ඒවාට පිළිතුරු දෙන අතරවාරයේ  ” ඔබ නිතරම අතීතය ගැන කතා කරනවා,
අනාගත ශ්‍රී ලංකාවක ජනාධිපති වීමට මම උත්සාහ කරනවා. අතීතය ආමන්ත්‍රණය නොකර ඉදිරියට යා හැකිදැයි ”  විමසන ලදී.
ජනාධිපති අපේක්ෂක ගෝටාභය රාජපක්ෂ එහිදී කියා සිටියේ තමන් තේරී පත්වුවහොත් පශ්චාත් යුධ සමයේ වගවීම සහ ප්‍රතිසන්ධානය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සඳහා ශ්‍රී ලංකාව  දක්වන කැපවීමට ඔහු ගරු නොකරන බවයි.
අපි සැමවිටම එක්සත් ජාතීන් සමඟ වැඩ කරන්නෙමු. නමුත්  එක්සත් ජාතීන් පසුගිය රජයන් සමඟ අත්සන් කර ඇති දේ මට හඳුනාගත නොහැකියි.
ගෝටාභය රාපක්ෂ  පසුගිය සතියේ සිය පළමු මැතිවරණ රැලියේදී  කියා සිටියේ තමන් බලයට පත්වූ පසු  ඝාතන  සහ පැහැරගැනීම් සම්බන්ධයෙන් ර්‍ව්‍යාජ” චෝදනාවට ලක්ව සිටින ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින් නිදහස් කරන බවයි.
යුද්ධය පැවති සමයේ හා පසුව හමුදාවට යටත් වූ ද්‍රවිඩයන් පිළිබඳව ප්‍රශ්නය නැගූ අවස්ථාවේදී  මේ දක්වා ඔවුන්ගේ පවුල්වල අය සිටින ස්ථානය නොදන්නා අතර, හිටපු ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ 13,784 දෙනෙකු පුනරුත්ථාපනය කර, නැවත සමාජගත කර රැකියා ලබා දී ඇති බවයි.

ලංකාවේ යුද කාලීන වගවීම පිළිබඳ ප්‍රශ්නය ගැන “විදේශීය විමර්ශකයන්ගේ” වාර්තා වල විශ්වසනීයත්වය පිළිබඳව ප්‍රශ්නයක් තිඛෙව බවත් එබැවින්  ශ්‍රී ලංකාව “පැරණි චෝදනාවලට” හසු නොවී ඉදිරියට යා යුතු බවත් ඔහු  පවසන ලදී.
ශ්‍රී ලංකාවේ යුද්ධය පැවති සමයේ ප්‍රබල ආරක්ෂක ලේකම්වරයකු වූ ගෝටාභය රාජපක්ෂට  මානව හිමිකම් උල්ලංඝනය කළ බවට  යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ. ඔහු චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.
ඔබ නිතරම අතීතය ගැන කතා කරනවා, අනාගතය ගැන කතා කරමු. අනාගත ශ්‍රී ලංකාවක ජනාධිපති වීමට මම උත්සාහ කරනවා. අතීතය ආමන්ත්‍රණය නොකර ඉදිරියට යා හැකිදැයි ඇසූ ගෝටාභය රාජපක්ෂ , “නිසැකවම අපට ඉදිරියට යා හැකිය” යනුවෙන් අවධාරණය කරමින් යුද්ධයෙන් පීඩාවට පත් ජනතාව සඳහා අධ්‍යාපනය, රැකියා සහ සංවර්ධනය සඳහා අවශ්‍යතාවය අවධාරණය කළේය.
යුද්ධයේ අවසාන මොහොතේ හමුදාවට යටත් වූ අයගේ පවුල්වල ඥාතීන්  උතුරේ සහ නැගෙනහිර ප්‍රදේශවල තවමත්  ලෙස උද්ඝෝෂණයේ  කරන්නේ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් තවමත් අතුරුදහන්ව සිටින බැවිනි.
“අතුරුදහන් වූවන්” සහ  “යටත් වූ” පුද්ගලයින් අතර වෙනසක් සදන් කිරීමට  හමුදා භටයන් 4000 කට වැඩි පිරිසක් ද අතුරුදහන් වී ඇති බව ගෝටාභය  රාජපක්ෂ සදහන් කරන ලදී
ආසියාව කෙරෙහි ගෝලීය අවධානයක් යොමු කිරීම පිළිබඳව අදහස් දක්වමින්  දැනුම පදනම් කරගත් ආර්ථිකයක් තාක්ෂණයෙන් මෙහෙයවන බවට ඔහු පොරොන්දු විය. සිය විදේශ ප්‍රතිපත්ති දැක්ම අනුව ඔහු කියා සිටියේ තම රජය තේරී පත්වුවහොත් ඉන්දියාව සහ චීනය අතර භූ-දේශපාලනික තරඟය ගැන සඳහන් කරමින් තම රජය මධ්‍යස්ථව  සිට “කලාපීය බල අරගලවලින්”  ඉවත්ව සිටින බවයි.


www.thehindu.com ඇසුරෙන්.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article