spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අනාරාධිත ආගන්තුකයෙකුගේ පැමිණීමෙන් බෝට්ටුවේ සිටි 35 හැවිරිදි කතක් මරුට

Must read

image
පසුගිය 11 වනදා මැක්සිකෝවේ දී කාන්තාවක් නොසිතූ විරූ අන්දමේ අනතුරකට මුහුණ පෑවා. ඒ ඇය නිවාඩුවක් සදහා  කැබෝ සෙන් ලූකාස්’ දූපතට සංචාරක බෝට්ටුවකින් ගමන්කරමින්  සිටින අවස්ථාවේදීයි.  හදිසියේම බෝට්ටුවට කඩා පැන්න තල්මසෙකු නිසා ඇය අනතුරට ලක්වුණා. නොසිතූ අන්දමට මේ තල්මසා මුහුදෙන් මතුවී  ඔවුන් ගමන් ගත් බෝට්ටුවට පැන පහර දී තිබෙන අතර  බෝට්ටුවේ සිටි පුද්ගලයින් මුහුදට වැටී තිබෙනවා.
මෙම අනතුර පිළිබදව මෙම බෝට්ටුව අයිති ” Cabo Adventures” සමාගම පවසා ඇත්තේ හදිසියේම තල්මසුන් මුහුදෙන් මතුවූ අතර බෝට්ටුවට පහරදුන් බවයි. එම අවස්තාවේදී බෝට්ටුව පෙරලී  සියලුදෙනා  මුහුදට වැටි තිබේ.  කිසිවෙකුටත් බරපතල ජීවිත හානි  සිදුවී නැත. නමුත්  තල්මසා විසින් බෝට්ටුවට පහරදෙන අවස්ථාවේදීම මෙම කාන්තාව  සිහිසුන් වූ බව ඇය ලග සිටි අය පවසා තිබේ.ඇයගේ සැමියාද මේ අවස්තාවට මුහුණ දී තිබේ.  එසැනින්ම ඇය මියගොස් තිබේ.
පරිසරවේදියෙකුගේ අදහස අනුව මෙම මුහුදු සීමාවේදී  තල්මසුන්  සිටින අතර එක් තල්මසුන් වර්ගයක් හුස්ම ගැනීමේදී මතුපිට ජලයට  පැමිණෙන නමුත් මෙය සිදුවී ඇත්තේ ඔවුන් උඩපනින අවසථාවකදී විය යුතුයි. මන්ද මෙම තල්මසුන් විශේෂයේ පිරිමි තල්මසා   ඔවුන්ගේ ප්‍රජනන කාලයේදී සිය ජවය පෙන්වීම සදහා මතුපිටට පැනීම සිදුකරනු ලබන බව ඔවුන් පවසනවා.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article