අපචාර කරන චිවරධාරීන්ට නම් මට වඳින්න බැහැ ! ඇමති රන්ජන් කියයි !

0
89

Screenshot from 2019-07-18 10-27-28ඇතැම් චීවරධාරින් විසින් බුදු දහමට නිගාදෙමින් සිදුකරමින් සිටින අපත දැ පිළිබදව පසුගිය දිනක ඇමති රන්ජන් රාමනායක විසින් සිදුකරන්නට යෙදුන ප්‍රකාශයක් රටතුල මහත් ආන්දෝලනයක් සිදුකොට තිබුණි.ඒ පිළිබදව කරුණු විමසිම සදහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ දිනයේ රන්ජන් රාමනායක මහතාව අරලිය ගහ මන්දිරට කැදවා තිබුණි.
පැය එකාමාරක පමණ කාලයක් පුරාවට පැවැති මෙම සාච්කාච්ජාවේදි නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා විසින් කරුණු සහිතව තමන් විසින් කියන්නට යෙදුණ ප්‍රකාශයත් එය විකෘති කොට ඇතැම් මාධ්‍ය කටයුතු කළ ආකාරයත් ගැන කරුණු දක්වා තිබුණි.
ඉන් අනතුරුව ඔහු විසින් මාධ්‍ය හමුවේ තමන්ගේ ස්ථාවරය තවදුරටත් ලකුණු කොට තිබුනේ දුෂ්ශිල චිවරදාරින් පිළිබද සිය ස්ථාවරය එලෙසින්ම බව අචධාරණය කරමිනි.

‘‘මහා සංඝරත්නයෙන් සමාව ගන්න මම වරදක් කරලා නැහැ. අපචාර කරන චිවරධාරීන්ට නම් මට වඳින්න බැහැ. ඇතැම් චීවරදාරින් සම්බන්ධයෙන් මට ලැබුණු පැමිණිලි පිළිබඳ තොරතුරු ඇතුළත් ලිපි ගොනුවක් අග‍්‍රාමාත්‍යවරයාට පෙන්නුම් කළා. ඒ සියලූ තොරතුරු මා සතුව තිබෙනවා.

මේ ප‍්‍රකාශය ගැන සමාව ගන්න කියලා මට කවුරුත් තාම කියලා නැහැ. ත්‍රෛනිකායක මහා නායක හිමියන් වගේ සිල්වත් මහා සංඝරත්නය මට කිව්වොත් රන්ජන් මේ කරපු ප‍්‍රකාශයට සමාව ගන්න කියලා මම උන්වහන්සේලාගෙන් සමාව ගන්න සූදානම්.

එහෙම නැතුව මැරයො වගේ කටයුතු කරන චීවරධාරීන්ගෙන් මට සමාව ගන්න බැහැ. මේ අය බෞද්ධ භික්ෂූන් වහන්සේලා නෙමෙයි මේ අය හැසිරෙන්නේ අයි. ආර්. සී කාරයෝ වගෙයි‘‘
කියමින් තමන් පෙනි සිටින ස්ථාවරය යළිත් වරක් ඊයේ දිනයේදිද මාධ්‍ය හමුවේ ප්‍රකාශ කොට තිබේ.
ඇමති රන්ජන්ගේ මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය

https://www.facebook.com/real.rr/videos/464536257456869/