spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අපහාස හොදම ආයෝජනය බව වෙල්ලම්(වතුර ) මලයාලම් චිත්‍රපටිය අපට කියාදෙයි .

Must read

අපහාසය හොඳම ආයෝජනය” බව වෙල්ලම් මලයාලම් චිත්‍රපටය අපට කියා දෙයි.

වෙල්ලම් ; මේ මලයාලම් චිත්‍රපටිය ගැන මම කෙටියෙන් මෙසේ කියමි.
” වෙල්ලම් චිත්‍රපටිය නැරඹීමෙන් මා ලද සතුට වචන වලට පෙරලිය නොහැක.”
සත්‍ය කතාවක් පාදක කරගෙන නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටිය අතිශයින්ම තාත්විකය.
‘ මුලරි’ මත්පැන් පානයට ඉතා තදින් ඇබ්බැහි වී ඇති කෙනෙකි . ඔහු බේබදුකම නම් වූ රෝගයෙන් පීඩා විදියි. මේ බේබදුකම ඔහුගේ ජීවිතය සහ ඔහුගේ ආදරණීයයන්ගේ ජීවිතය කෙතරම් කාලකන්නි කරයිද යන්න ප්‍රේක්ෂකයන්ට මනාව සංනිවේදනය කිරීමට අධ්‍යක්ෂකවරයා සමත්වී ඇත.

බේබදුකමෙන් ගොඩ එන්න බැරි අසරණකම ඉතා සංවේදී විදියට නිරූපණය කර ඇති අතර මුරලිගේ චරිතය නිරූපණය කරන ජයසූරිය නම්වූ දක්ෂ මෙන්ම ජනප්‍රිය මලයාලම් නළුවාගේ විශිෂ්ට රංගනය නිසා මෙම චිත්‍රපටය ප්‍රේක්ෂකයන්ගේ හදවත් සසල කරවයි.
විශිෂ්ඨ රංගනයකින් එවැනි චරිතයක් නිරූපණය කිරීම පෞද්ගලිකව මට ආශ්චර්ය දනවන දෙයකි..

“අපහාසය හොඳම ආයෝජනය” යන්න මේ චිත්‍රපටියේ උද්ධෘතයයි.

කතාව අවසන් වන්නේ බේබදු මුරලි වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන ඔහු දැඩි සේ පීඩාවට පත්කරන තම බිරිදගේ ආවතේවකම් ලබමින් නිරෝගී පුද්ගලයෙකු වී ටයිල් නිෂ්පාදනය කිරීමේ තමාගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමෙන් කෝටිපතියෙකු බවට පත් වීමෙනි.

චිත්‍රපටය අවසාන වන්නේ බේබද්දෙකු වීම නිසා තමන්ගේ ඥාතීන් තමාව ප්‍රතික්ෂේප කරන ලද දර්ශන තලයක් තිරය මත පතිත කරමින් කෝටිපතියෙකු ලෙස මුරලි ඔවුන්ට ප්‍රතිචාර දක්වන අවස්ථාවකිනි.

චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා මුරලි කෝටිපතියකු වූ පසු ඔහුගේ පවුලේ හැසිරීම චිත්‍රපටියේ අවසානයේ දී නොපෙන්වීමට තුලින් ප්‍රේක්ෂකයන්ට තව බොහෝ හිතන්නට ඉඩ හරියි.

මම වෙල්ලම් චිත්‍රපටිය දෙවරක් නැරඹුවෙමි. එහෙත් එහි ආත්මීය බව ග්‍රහණය කරගත්තේ දෙවන වරය.

මේ කතාවේ තවත් සුවිශේෂී බවක් වන්නේ කේරලයේ වත්මන් ගැමි සංස්කෘතික අවස්ථාවන් අපට විදින්නට හැකි දර්ශන ගනනාවක් චිත්‍රපටියේ කතා තේමාවට දායකත්වයක් ලබා දෙන ආකාරයට එකතු කිරීමට අධ්‍යක්ෂකවරයා සමත්වී තිබීමයි.

අරුණ ශාන්ත නෝනිස්
අශානෝ
2023.10.29.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article