spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

”අපි මීගමුව ලෝකෙට ගෙනආවෙමු” – පැරිසියේ මීගමු සංවිධානය .

Must read

Jayalath Fernando

පැරිසියේ මිගමු සංවිධානය ගොඩනැගෙන්නේ කොහොමද ?

මිට අවුරුදු 13 කට පෙර එනම් 2000 වසරේදී අපි ටික දෙනෙක් මුලික වෙලා මීගමුව සංවිධානය හැදුවේ . අපි ඔක්කොම මීගමුවේ අය . අපිට ඕනේ වුනේ අපි උපන් ගමට සේවයක් කරන්න . විවිධ හේතුන් නිසා ශ්‍රී ලංකිකයන් ප්‍රංශයට සංක්‍රමණය වුනේ 70 දශකයේ මුල් භාගයේ සිටන් . එහෙම සංක්‍රමණය වුනු අයගෙන් බහුතරයක් මීගමුවේ වැසියන්. සිංහල වගේම දෙමල කතෝලිකයන් බහුතරයකගෙන් සමන්විත වුනු මීගමුව බෞද්ධ, හින්දු සහ ඉස්ලාම් ආගම් වලට අයත් පිරිසත් වාසය කරනවා. එත් මීගමුව කිව්වාම ඉතිහාසයේ සිටම පේන්නේ කතෝලික හැඩරුවක් .

මීගමු සංවිධානයේ ආරම්භක සභාපති වරයා වුනේ අයිවන් සෙනෙවිරත්න ඊට පස්සේ රන්ජිත් ෆර්නැන්ඩු , ඊටත් පස්සේ පත් වුනේ මම . අපි ක්‍රියාත්මක වෙන්නේ දේශපාලන, ජාති , ආගම් භේදයකින් තොරව මිනිස්සුන්ගේ සුභ සාධන කටයුතු වලට . ඒක අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයටත් ඇතුල් කරලා තියෙන්නේ .2000 වසරේ ඉදන්ම පැරිසියේ ශ්‍රී ලාංකික කතෝලිකයන්ගේ නත්තල් උත්සවය සංවිධානය කරන්නේ මීගමු සංවිධානයෙන් . ඒක අපි මුල ඉදන්ම සැලසුම් කලේ ලංකික කතෝලික අනන්‍යතාවය සලකුණු කරමින් .අපේ මුල්ම කාර්ය වුනේ මීගමු පුස්තකාලයට ප්‍රංශ භාෂා අංශයක් එක් කිරීමට දායක වීම .

ඇයි ලංකාවේ අනිත් ප්‍රදේශවලත් ලාංකිකයන් පැරිසියේ සිටිද්දී ‘ මීගමුව” නමින් ප්‍රදේශයකට පමණක් සිමා වෙන්නේ ?

මීගමු සංවිධානය කිව්වාම එක ප්‍රදේශයකට විතරක් සීමා වීමක් පෙන්නුම් කරනවා තමයි. මේගැන අපි සාකච්චාවකට ලක් කළා සංවිධානය පිහිටවලා අවුරුදු කිහිපයක් ගත වුනාට පස්සේ . ඒ අනුව අපි මීගමු සංවිධානය පුළුල් කළා ප්‍රංශයේ වෙසෙන ඕනෙම ලාංකිකයෙකුට සංවිධානයේ සාමාජිකත්වය ලබා ගන්න පුළුවන් වෙන විදිහට . ඒ අනුව අපේ සුභ සාධන කටයුතුත් පුළුල් වුණා . කැකිරාව , අනුරාධපුර , මීගොල්ලාව, කෝකිලායි වගේ ප්‍රදේශවල පාසැල් වලට උපකාර කලා. තවත් සුනාමි විපතේදී ත් අපි ක්‍රියාත්මක වුණා මීගමු සංවිධානය විදිහට . ඒ වගේම රාගල ප්‍රදේශයේ නාය යාම් වලින් විපතට පත් වුනු ජනයාටත් අපි සහයෝගය ලබා දුන්නා .මේ හැම අවස්ථාවකදීම මීගමු සංවිධානයේ සාමාජිකයන් වගේම පැරිසියේ වෙසෙන අනෙකුත් ලාංකිකයන් සංවිධාන වලත් දායකත්වය අපිට ලැබුනා .

මීගමු සංවිධානය නමින්ම තව දුරටත් ක්‍රියාත්මක වීම ගැන අපිට පෙන්වල දුන්නේ පැරිසියේ හිටපු උගත් බෞද්ධ හිමිනමක් වුනු මණ්ඩාවල හාමුදුරුවෝ . ගමේ නමින් සංවිධානය ගොඩ නැගීමෙන් සංවිධානය ශක්ක්තිමත් වෙනවා මොකද සාමාජිකයන්ගේ සහයෝගය , බැදීම ,හේතුවෙන්. කොහොම වුනත් මීගමු සංවිධානය ආගම් අතරට පාලමක් වෙමින් පල්ලියත් ,පන්සලත් එක්ක එකතුව වැඩ කරනවා .එපමණක් නොවේ ෆ්රංශයේ ශ්‍රීලංකා තානාපති කාර්යාලයෙන් මෙරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ලබා දෙන සේවාවන්,සහයෝගය මෙන්ම සිදුවන දුෂ්කර තාවයන් ගැනත් අපි අවධානය යොමු කරනවා . ඒ සඳහා අනෙකුත් ලංකික සහෝදර සංවිධාන එක්ක අපි කටයුතු කරමින් ඉන්නේ .

දැන් වෙනකොට මීගමු සංවිධානය දෙකඩ වෙලා නේද ?

පසුගිය නත්තල් උත්සවයක් සංවිධානය කිරීමේදී මුදල් භාවිතයේ දී කිසියම් දුෂණයන් සිදුව ඇති බවට අපට හෙළිදරව් වුණා. ඒ වගේම ඒවා සිදුවෙලා තිබුනේ සංවිධානයේ තීන්දුවලින් තොරව සිය කැමැත්ත මත තනි තීන්දු වලට අනුව. එවැනි දේ ගැන ප්‍රශ්ණ කිරීම නිසා යම් පුද්ගලයන් මීගමු සංවිධානයෙන් ඉවත්ව ගොස් තිබෙනවා . දැන් ඔවුන් විවිධ මඩ ප්‍රචාරයන් , අභූත චෝදනා මීගමු සංවිධානය යට එල්ල කරමින් සිටිනවා . ඒ සඳහා අන්තර් ජාලයේ සමාජ වෙබ් අඩවි , විවිධ මාධ්‍ය සහ පැරිසියේ සිට ලියන පුද්ගලයන්ද යොදාගෙන.” මිස් ශ්‍රී ලංකා ඉන් ෆ්‍රාන්ස්” කියන්නේ මීගමු සංවිධානයේ සාමුහික නිර්මාණයක් . ඒක කාගෙවත් පෞද්ගලික දෙයක් නෙමේ .එක අයිති සංවිධානයට. සංවිධානයක වැඩ කරනවා කියන්නේ සාමුහික වැඩක් .එතැනින් ඉවත්වුනොත් හරි ,ඉවත් කලොත් හරි ඒවාට අයිතිවාසිකම් කියන්න බැහැ .සංවිධානයෙන් යමක් තමන් ළඟ තිබුනොත් ඒවා බාරදීලා තමා ඉවත්වෙන්න ඕනී.එක තමා ශිෂ්ට සහ සදාචාර සම්පන්න මිනිස්සුන්ගේ ක්‍රමය. කොහොම නමුත් “මිස් ශ්‍රී ලංකා ඉන් ෆ්‍රාන්ස්” ගැන නීත්‍යානුකුල ලියාපදිංචි අයිතිය තියෙන්නේ මීගමු සංවිධානයට .අපි කරන්නේ කවුරුවත් කරපු දෙයක් කොපි කිරීමක් නෙමේ අපේ සංවිධානය නිර්මාණය කරපු දේවල් ඉදිරියට ගෙන යාමක්.මම හිතන්නේ අපිට වැදගත් වෙන්නේ පුද්ගලයෝ නෙමේ මීගමු සංවිධානය. මම හෙට මේ සංවිධානයෙන් ඉවත් වුනත් මීගමු සංවිධානය ඉදිරියට යායුතුයි .කොහොම නමුත් අපි උත්සහා දරමින් ඉන්නේ සියලු පාර්ශවයන් සමගින් මිත්‍රත්වයෙන් , සහෝදරත්වයෙන් සහයෝගයෙන් කටයුතු කරන්න .

මිස් ශ්‍රී ලංකා ඉන් ෆ්‍රාන්ස් “ පැරිසියේ මීගමු සංවිධානයේ ප්‍රධානතම ඉසව් වලින් එකක් .ඉතිං මේ තුලින් ප්‍රංශ ශ්‍රී ලාංකිකයන්ට ප්‍රතිලාභ අත්වෙලා තියෙනවද ?

මේවගේ දෙයක් සංවිධානය කරන්න අපිට ඇත්තටම අත්දැකීමක් , පළපුරුද්දක් තිබුනේ නැහැ .ඒ සදහා විශේෂයෙන් කාන්තා පාර්ශවයෙන් විශාල දායකත්වයක් ලබාගන්න අපිට සිද්ධ වුණා.ඊට අමතරව විවිධ ක්ෂේත්‍රවල අත්දැකීම් බහුල අයගෙත් දායකත්වය ලබාගන්න සිද්ධවුණා . යම් යම් අඩුපාඩුකම් මෙන්ම දෝෂාරෝපණ මැද්දේ වුවද “මිස් ශ්‍රී ලංකා ඉන් ෆ්‍රාන්ස් “ මංගල සැසිය පසුගිය වසරේදී නිම කරගන්න අපිට හැකියාව ලැබුණා. අද මේකේ අයිතිය ගැන කතාකරන පුද්ගලයන් ඒ සිදු වූ අඩුපාඩු ගැන එල්ලවන දෝෂාරෝපනයන් ගැන වගකියන්නේ නැහැ . සංවිධානයක් විදිහට ඒ සාමුහික වගකීමෙන් ඔවුන්ටවත් අපිටවත් පලා යන්න බැහැ . මේ ගැන සලකා බලා අපි මෙවර හැකිතරම් අඩුපාඩු අවම කරගෙන “ මිස් ශ්‍රීලංකා ඉන් ෆ්‍රාන්ස් “ දෙවැනි සැසිය සාර්ථක කරගන්න උත්සහා කරමින් ඉන්නවා .

අපේ මේ වැඩසටහන හේතුවෙන් යම් ප්‍රතිලාභ අත්වෙලා තියෙනවා. ශ්‍රිලංකාවේ සංචාරක කර්මාන්තය පැත්තෙන් සහ ගුවන් සේවා පැත්තෙන් . අනෙක් අතට ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ දරුවන්ට අවසථාව උදාවෙලා තියෙනවා සිය දක්ෂතාවයන් පෙන්නුම් කරන්න . ඒ හරහා ඔවුන්ට අවසථාව ලැබෙනවා ප්‍රංශ සමාජයේ වුවද අවධානයට යොමුවෙන්න . අනෙක් පැත්තෙන් මෙරටට සංක්‍රමණය වෙලා යුරෝපයේ හුදකලාව විසිරිලා ඉන්න ශ්‍රී ලංකිකයන්ට එකතු වෙන්න මහගු අවසථාවක් වෙලා තියෙනවා .

මෙවර ‘ මිස් ශ්‍රීලංකා ඉන් ෆ්‍රාන්ස් “ විශේෂාංග රැසක් සමගින් ඉදිරිපත් කරන්න අපි සුදානමින් ඉන්නේ. ශ්‍රී ලංකික සංස්කෘතික අනන්‍යතාවයන් රැසක් එක් කරමින් . මෙවර ඔක්තෝම්බර් 27 පැවැත්වෙන “මිස් ශ්‍රී ලංකා ඉන් ෆ්‍රාන්ස්” වෙනුවෙන් තරගකාරියන් 17 ක් ඉදිරිපත් වෙලා ඉන්නවා . ඇතැම් අය බොහෝදෙනෙකුට බලපෑම් කරලා තිබුන මේ අවස්ථාවට සහභාගීනොවන ලෙස , ඒ වගේ බාධක මැද්දේ තමයි අපි මෙවර “මිස් ශ්‍රී ලංකා ඉන් ෆ්‍රාන්ස් “ සාර්ථක කරගන්න හදන්නේ .

මිස් ටැලන්ට් , මිස් එලිගන් , මිස් පර්සනල්ටි , මිස් ෆොටෝජෙනික් , මිස් බෙස්ට් ෆිගර් , මිස් ටොප් මොඩ්ල් වැනි තරග අංශ වලට අමතරව මිස් ශ්‍රී ලංකා ඉන් ෆ්‍රාන්ස් තෝරාගන්නේ අවසන් වටයට තේරුණු තරගකාරියන් පස් දෙනාගෙන් . රන් පවුම් , ගුවන් ටිකට් පත් , පවුලේ සැමදෙනා සමගින් නිවාඩු ගත කිරීමේ අවසථා . නවීන පන්නයේ ජංගම පරිගණක ඇතුළු තෑගි රැසක් ජයග්‍රහකයන්ට හිමි වෙනවා . සහභාගී වුනු හැම කෙනෙකුටම තෑගි ලැබෙනවා ජය පරාජය කුමක් වුනත් . ඊට අමතරව තරගයට ලබාදෙන ඇදුම් පැළදුම් සහ අනිකුත් සියලු දේ තරගකාරියන්ටම හිමි වෙනවා . පළමු ජයග්‍රාහකයන් තිදෙනාට රමණි සැලුන් වෙතින් රූපලාවන්ය පිලිබඳ මාස තුනක පාඨමාලාවක්ද නොමිලේ ලබා දීමට නියමිතයි .මේ හැම දෙයක්ම අපිට ලැබෙන්නේ අපේ සාමාජිකයන්ගේ , අනුග්‍රහකයන්ගේ සහ පැරිසියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ මෙන්ම අනෙකුත් සංවිධානයන්ගේ සහයෝගයෙන් .

ස්වාධින විනිශ්චය මණ්ඩලයක් ඔස්සේ තමයි ජයග්‍රාහිකාවන් තෝරාගන්නේ ,” මිස් ෆ්‍රාන්ස් “ තේරීමේ කමිටු සාමාජිකාවන් මෙන්ම , රුපලාවන්‍ය ක්ෂේත්‍රයේ පළපුරුදු අයගෙන් ප්‍රංශ මෙන්ම ශ්‍රීලංකා අංශ සමන්විතයි . ප්‍රංශ නියෝජනයේ ප්‍රධානියා රෙජි පෙරේ ඇතුළු පස් දෙනෙක් . හිටපු ලෝක විවාහක රූ රැජින රෝසි සේනානායක ශ්‍රී ලංකා අංශය නියෝජනය කරනවා . ඊට අමතරව ලකී ලේනගල, කිසාගෝතමී සරත්චන්ද්‍ර , ගිහාන් එදිරිවීර , ගයනි බට්ස් ඇතුලත් . “මිස් ඉතාලි” තරග සංවිධායකයන්ද මෙවර “මිස් ශ්‍රී ලංකා ඉන් ෆ්‍රාන්ස්’ සඳහා විශේෂ නියෝජිතයන් ලෙස එක් වීමට නියමිතයි.

( පැරිසියේ මීගමු සංවිධානයේ සභාපති ජයලත් ප්‍රනාන්දු මහතා සමගින් කරන ලද සාකච්ජාවක් ඇසුරින් සැකසුණි )

සංවාද සටහන ; අතුල විතානගේ

සේයා ; ප්‍රදීප් ක්‍රිස්පින් ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article