spot_img
spot_img
Friday, May 3, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අබා පිය ඝාතනයට සම්බන්ධ යැයි කියන අය දැන් ඉන්නේ කාගේ ඔඩොක්කුවේද ? ලලිත්ගෙන් ලංසාට අභියෝගයක් !

Must read

dav
මීගමූව තිල්ලන්දුව ශාන්ත ජෝසප් දේවස්ථානයේ මීසමාධි පියතුමන් ලෙස සේවය කළ 78 හැවිරිදි ඇල්ප්‍රඩ් බර්නාඩ් අබා කොස්තා පියතුමන් 2001 මැයි මස 11 දින එම දේවස්ථානයේ මීසම් ගෘහය තුළදී පිහියෙන් ඇන ගෙල මිරිකා සාහසික ලෙස ඝාතනය කොට තිබිණි.
මේ පිළිබඳව පූළුල් විමර්ශන පැවැත්වූ කොළඹ පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය මෙම නඩූවට අදාළ සැකකරුවන් පස්දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණය හමූවට පමූණූවා තිබිණි.

මෛ ඝාතනයට අනුබල දිම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි වෘත්තියෙන් එකල ගුරුවරයෙකු වු එම් සකාවුල්ලා එවකට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාගරික මන්ත්‍රිවරයෙකු සිටියේය.
කෙසේ වෙතත් නිමල් ලංසා පසුගිය වසරේ සිය ඇමතිධුරයෙන් ඉල්ලා අස්වි පැවැත්වු පළමු ප්‍රවෘත්ති සාකච්ජාවේදි ඒ වන විටත් පොහොට්ටුව අතහැර ගොස් ශ්‍රිලනිපයට එක්ව සිටි සකාවුල්ලා හට බරපතල විවේචනයක් එල්ල කොට තිබුණි.
එසේ කළා පමණක් නොව ඒ විවේචනය මාධ්‍ය මගින් ජනතාව අතර යැවිමට අවැසි සැලසුම් සකස් කොට තිබුණි.
දැන් ශ්‍රිලනිපයට එක්ව සිටින්නේ අබා කොස්තා පියතුමා ඝාතනයට සම්බන්ධ අයෙකු යැයි කිමට තරම් වෛරයකින් ඔහු එදා ඒ ප්‍රකාශය සිදුකොට තිබුණි.
මෙවන් ප්‍රකාශයක් කිසිවිටකවත් නිමල් ලංසා විසින් සිදුකරතැයි හිනයකින් පවා නොසිතු සාකාවුල්ලා මේ  ප්‍රකාශය නිසා බරපතල අවුලකට ගොස් තිබුණි.
නිමල් ලංසා කොයිතරම් නම් කුහක දේශපාලකයෙකු දැයි තමන්ට සිතාගන්නටවත් බැරි බව ඔහු සිය සමිපතයන් හටද දන්වා තිබුණි.
පැවැති වාතාවරණය යටතේ නිමල් ලංසාගේ ඒ ප්‍රකාශයට පිළිතුරු දිමට පවා මැදිහත්විමට සකාවුල්ලා කල්පනා නොකළේය.
ඒ මොහොතේ මිගමුව වැනි නගරයක දේශපාලන ගණුදෙනුවකදි ලංසා විසින් කර තිබුනේ  මල්ටි බැරයලකින් සකාවුල්ලාට පහර දිමකි.
සකාවුල්ලා පොහොට්ටුව අතහැර ගියේද නිමල් ලංසා එහි බලය ගෙන එය පාලනය කිරිමට පටන් ගැනිම නිසාමය.තතු එසේ වුවද දේශපාලකයන් හැටියට මේ දෙදෙනාම පට්ට අවස්ථාවාදින්ය.
එමෙන්ම උපයෝගිතාවාදින්ය.
තමන්ගේ අංක එකේ වෛරකාරයා වු නිමල් ලංසාගේ පවුලට යළිත් මිගමුව භාරදිම සදහා සාකවුල්ලා කිසිදු හිරිකිතයකින් තොරව ගේමක් ගහන්නේ ද ඒ නිසාමය.( තමන් සේවය කරන පාසැලට නොගොස් එහි මුරකරුවා ලවා සිය පැමිණිමේා ලේඛනයට අත්සන යොදා පඩිගත් සාකවුල්ලාට අලුතින් ගේම් උගන්වන්නට අවැසි නැත.එපමණක් නොව දරුවන්ට බෙදන්නට වෙන්කළ පාසැල් අභ්‍යාස පොත් වලින් වැඩියෙන් ම හම්බ කරන ලද නාගරික මන්ත්‍රිවරයා ලෙසද ඔහු මීගමුව පළාත් පාලන ඉතිහාසයට එක්ව සිටි.
තාර බැරල් 20ක් ගැනද කථා බොහෝය.)
මේ දෙදෙනාටම ඇත්තේ මීගමුවට හෝ මීගමුවේ ජනතාවට ඇති ආදරයක් නොවේ .
ඒ අරුතෙන් ගත් කළ නිමල් ලංසා මෙන්ම සාකාවුල්ලාද වෙළෙන්දෙකි.
මේ දෙදෙනාටම විකිණිමට බඩු ඇති නිසා ඔවුන් මේ සියළු අමනාප කම් අතහැර වෙළදාම වෙනුවෙන් යළිත් එක්ව සිටිති.ඒ ජනතාවට ඇති ආදරයක් නිසා නම් නොවේ.
මේ නිසාම මීගමුවට දැන් දෙවියන්ගේම පිහිටය.
මේ දෙදෙනා අතරට නියෝජ්‍ය නරගාධිපති ලෙසින් ෆරිස් ද දැන් එක්ව සිටි.
මේ නිසාම මේ දේශපාලන වෙළදුන්ගෙන් මීගමුව බේරා ගැනිම අද මීගමුවට ඇත්තට ආදරය කරන සැමගේ වගකිම වි තිබේ..
මීගමුව අළුතින් ගොඩනැගිය යුතුව තිබේ.
ඒ මීගමුව නගරය දේශපාලන වෙළෙන්දන්ගෙන් බේරාගෙන ජනසතු කිරිම සදහාය.
මෙහිදි කතෝලික පල්ලියට පැවරෙන්නේ බරපතල වගකිමකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article