spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අමාත්‍යවරුන්ගේ හැකර කටවල් වසා තබන්නැයි චන්ද්‍රප්‍රේම රජයට දන්වයි

Must read

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v62), quality = 100

මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා ඇතුළු අමාත්‍යවරු කිහිපදෙනෙකු දුර දිග නොබලා කරන ලද ප්‍රකාශවලින් ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාවට සහය පළකරන සමහර රටවල සහය නොලැබී යා හැකි බව එහි සිටින ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සී.ඒ. චන්ද්‍රප්‍රේම මහතා රජයට පැමිණිලි කර ඇතැයි වාර්තා වේ.

මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වා ඇති චන්ද්‍රප්‍රේම මහතා මේ මොහොතේ බුර්කාව හා නිකාබය වැනි ඇඳුම් පැළඳුම් තහනම් කිරීමට යාමේ තීරණය ගැන විශේෂයෙන් සඳහන් කර ඇතැයි පැවසේ.

ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට සහාය දෙන රටවල්වලින් හරි අඩක්ම මුස්ලිම් රටවල් වන බැවින් මේ ගැන සැලකිලිමත් වන ලෙසද ඔහු රජයට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

කෙසේ හෝ මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පසුගිය සතියේ බුර්කාව සහ නිකාබය තහනම් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව අත්සන් කළ බව කීවද එවැනි කැබිනට් පත්‍රිකාවක් මෙතෙක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වී නොමැති බවද පැවසේ.
srilankamirror.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article