spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අමෙරිකාවේ තවත් ඛේදවාචකයක් : පොලිස් වෙඩි පහරකින් කළු ජාතිකයෙකු ජිවිතක්ෂයට (PHOTOS)

Must read

අමෙරිකාවේ ඇට්ලන්ටා ප්‍රාන්තයේදී පොලිසි වෙඩි පහරකින් කළු ජාතිකයෙක් ජිවිතක්ෂයට පත්වීම හේතුවෙන් එහි මේ වන විට දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිව තිබෙනවා.

දකුණු දිග ඇට්ලන්ටාවේ ආපන ශාලාවක් අසලදී සිදුවූ මෙම වෙඩි තැබීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ Rayshard Brooks නම් කළු ජාතික තරුණයෙක්.

ඉකුත් සිකුරාදා රාත්‍රියේදී ප්‍රසිද්ධ ආපන ශාලාවක් අසල මාර්ගයේ සිය රථය තුල මෙම කළු ජාතිකයා නිදා සිට ඇත.

මෙම තරුණයාගේ වාහනය නතර කොට ඇත්තේ ආපන ශාලාවට පැමිණෙන පාරිභෝගිකයින් ආහාර රැගෙන යාමට පැමිණෙන මාර්ගයේ බැවින් පොලිසිය පැමිණ එම වාහනය ඉවත් කිරිමට පියවර ගෙන ඇත.

එහිදී පොලිස් නිලධාරින් සහ කළු ජාතික තරුණයා අතර බහින්බස් වීමක් ඇතිවූ අතර එහිදී ඇතිවූ පොර බැඳීමක් සිදුව ඇත.

එහිදී කළු ජාතික තරුණයා පොලිස් නිලධාරියෙක් සතුව තිබු ට්‍රේසර් ගිනි අවිය ( සැකකරුවන් මෙල්ල කිරිමට යොදා ගන්නා ඉලෙක්ට්‍රෝනික ගිනි අවියක්) සිය අතට ගෙන තිබෙනවා. ඒ අවස්ථාවේදී පොලිස් නිලධාරියෙක් විසින් මෙම තරුණයාට වෙඩි තබා ඇති අතර පසුව ඔහු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම වෙඩි තැබීමේ සිද්ධිය වන්නේ අමෙරිකාව ඇතුළු ලොව රටවල් රැසක මීට සති දෙකකට ඉහතදී අමානුෂීය වද හිංසාවකට ලක්ව මියගිය ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ ඝාතනයට එරෙහිව උද්ඝෝෂණ හා විරෝධතාවන් පැවැත්වෙමින් ඇති පසුබිමකය.

මෙම වෙඩි තැබීමේ සිදුවීමත් සමග ඇට්ලන්ටා හි පොලිස් ප්‍රධානියා වන කෙයිෂා ලාන්ස් බොටම්ස් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

මෙම වෙඩි තැබීම සිදුවූ ආපන ශාලාවටද විරෝධතාකරුවන් ගිනි තබා ඇති අතර නගරයේ අධිවේගී මාර්ගයන් අවහිර කරමින් මේ වන විට දැඩි විරෝධතා රැල්ලක් මතුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මේ අතර කළු ජාතික තරුණයාට වෙඩි තැබු පොලිස් නිලධාරියාගේ සේවය අත්හිටුවීමට ද ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

 newswire.lk
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article