spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අයියාගේ මනාපය වෙනුවෙන් බදු මුදල් මංකොල්ල කන මීගමුවේ නගරාධිපති මල්ලී ?

Must read

 

ලංසා පුටුමීගමුව මහ නගරසභාවේ නගරාධිපතිවරයාගේ ආවරණ අනුමැතියට යටත්ව ප්‍ලාස්ටික් පුටු 2000 ක් ලබාගැනීමට සැලසුම් කර ඇති අතර එක් පුටුවක් රු. 1369/ ක් සහ පුටු 2000ට රු. 27, 38000/ ක් ලෙස වටිනාකම සටහන් වී ඇත .
Wismitha Furniture නම් ආයතනයට ඇනවුම් කර පුටු ලබාගෙන ඇති අතර ඒවා පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ නිමල් ලංසා විසින් තම කටයුතු සඳහා යොදාගෙන ඇති කොටසේ තැන්පත් කර ඇතැයි තොරතුරු වාර්තාවේ.
මේ සඳහා අදාල තාක්ෂණ ඇගයුම් කමිටු වාර්තා පිලිගැනීමට සහ භණ්ඩ මිලදී ගැනීමට නාගරික කොමසාරිස් විසින් 2020/02/ 18 වන දින මුදල් කාරක සභාව වෙත යොමුකර ඇත .
බඩුත් හාමුදුරුවන්ගේය.
නඩුත් හාමුදුරුවන්ගේය.
ඒනිසා කිසිදු බාධාවක් නැත.
සියල්ල සතුටින් ඉටුකරගැනීමට හැකිය.
එ.ජා.ප ය හෝ ජ. වි.පෙ හෝ කිසිවෙකු මේ පිළිබඳව ඊට එරෙහිව කටයුතු නොකරන සේ ඔවුන් නිහඬ කර ඇත . දැන් ඇත්තේ සභාවේ අනුමැතිය සහිතව පවුලේ අය මෙම පුටු තමන්ගේ ඡන්ද දායකයින් සමඟ බෙදාහදා ගැනීම පමණි .
මහ ජනතාවගේ බදුමුදල් නගරාධිපතිවරයාගේ ආවරණ අනුමැතිය යටතේ මෙසේ සම්මත කර ගැනීමට හැකිවී ඇත්තේ මෙවැනි දූෂිත කටයුතු සඳහා එරෙහිව කිසිවෙකු ඉදිරිපත් නොවන බව ඔහු හොඳින්ම දන්නා බැවිනි. මන්ද නාගරික කොමසාරිස්ගේ සහ නාගරික මන්ත්‍රී වරු සිට අනෙකුත් සියළු නිලධාරීන්ගේ පඩිනඩි , වෙනත් වරප්‍රසාද රැකෙනුයේ මේවා ඉවසා සිටින පමණට බව ඔවුන් දන්නා බැවිනි.
පොත් බෙදාදීම ඇතුළු මීට පෙරද මේ හා සමානව පැවති දූෂිත කටයුතු පිළිබඳව සඳහන් කර ඇත්තෙමු . නමුත් වැටත් , නියරත් ගොයම් කානම් කාට කියමිද ඒ අමාරුව යන කියමන සනාථ කරමින් මෙම පාලකයින් තම ජනතා විරෝධී කටයුතු සිදු කරන බවද අපි දන්නෙමු . නමුත් ඉතිහාසයට මේවායේ බර දැනෙන අවස්ථාවක් එළඹෙන බව අප විස්වාස කරමු.
සැබැවින්ම මිගමුවේ විපක්ෂය ඉන්නේ මර නින්දකය. දුෂණ වංචා ගැන කථා කරන්නට කිසිදු සිවිල් සංවිධානයක් නොමැත. යහමින් විදේශ ආධාර ලබන රාජ්‍ය නොවන සංවිධාන කිපයක් තිබුණද ඔවුන්ට මිගමුවේ සිදුවන මහදවල් මේ හොරකම් ගැන කිසිදු වගක් නැත.
මේ පසුබිම යටතේ මේ එරෙහිව අදාල තැන්වලට නිසි ලෙසින් පැමිණිලි කිරිම පිළිබදව දැන් සිය වගකීම ඉටුකිරිමට පැවරි ඇත්තේ මිගමුවේ නිර්භිත බුද්ධිමත් බදු ගෙවන ජනයා හටය.
අදට මේවාට එරෙහිව වන්න.
අදාල තැන්වලට ලියන්න.පැමිණිලි කරන්න.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article