අලුත් සභාව වැඩ අල්ලයි !.වෙරළ පිරිසිදු කරයි! බිච් පාක් එකෙත් කුණු අදියි?

0
210

 

මිගමුව මහනගර සභාවේ සෞඛ්‍ය කම්කරුවන් සියල්ල යොදවා ඊයේ දිනයේ මිගමු වෙරළ තීරය පිරිසිදු කර ඇතැයි වාර්තාවේ.

මිගමුවේ සංචාරක ව්‍යාපාරය වලපල්ලට ඇද දැමිමට තරම් වු කුණු ප්‍රශ්ණය අලුත් නගර සභාවේ ප්‍රධාන ප්‍රමුඛතාවයක් විය යුතුව තිබේ.

ඊට නිරන්තරයෙන්ම මුල් තැනක් දිම අනිවාර්යයෙන්ම කළ යුත්තක්ව තිබේ.

මේ අතර දැනට ලංසා පවුලට අයත් යැයි කියන කොම්පැණියක් විසින් ආදායම් ලබන බිච් පාක් එකද මහනගර සභා කම්කරුවන් යොදවා ඊයේ  පිරිසිදුකර ඇතැයිද කියැවේ.

මාලිමා රජය බලයට පැමිණ විගසම   කියා තිබුනේ ඉක්මනින් බිච් පාක් එක නගර සභා පාලනය යටතට ගන්නා බවය.

කෙසේ වෙතත් මාලිමා රජය බලයට පැමිණ මාස 8ක්ද ඉක්මවා ගොස් තිබුනද මේ සටහන තැබෙන අද දිනයේ මිගමුව වෙරළ උද්‍යානයේ අදායම බැරවන්නේ ලංසා පවුලට අයත් යැයි විශ්වාස කෙරෙන කොම්පැණියක ගිණුම් වලටය.

 

කෙසේ වෙතත් මිට පෙර සිටි කොමසාරිස්තුමිය බිච්පාක්   නැවත නගරසභාපාලනය  වෙතට    ලබා ගැනිම සඳහා වැඩකරමින් සිටියදි ඇයට මාරුවක් ලැබුණි.

බිච් පාක් එකේ ආදයම් ලබන පිරිසක් සිටියදි මහනගර සභාවේ සම්පත් වැය කරමින් එහි කුණු ඉවත් කිරිම හෝ පිරිසිදු කිරිම සම්බන්ධයෙන් ඉතා නිවරදි ප්‍රතිපත්තියකට යමින් ඇය  වෙරළ උද්‍යානය නගර සභා කම්කරුවන් යොදවා පිරිසිදු කරවිම පවා නවතා දමා තිබුණි.

කෙසේ වෙතත් වත්මන් නගරාධිපතිවරයාගේ මගපෙන්විම යටතේ ඊයේ දිනයේ වෙරළ උද්‍යානය පවා පිරිසිදු කර තිබුනේ නම් එසේ කරන්නට ඇත්⁣තේ කුමන පදනමකින් දැයි මේ ගැන ඇති තතු දන්නා අය ප්‍රශ්ණ කරන්නට පටන් ගෙන තිබේ.IMG 20250605 094747 01

මෙවර මහ සභාවට තේරිපත්ව සිටින සභිකයෙකු මේ සම්බන්ධයෙන් කියා සිටියේ කලින් සිටි කොමසාරිස්වරිය බිච් පාක් එකේ කුණු ඇදිම නවතා දැමිමට ⁣ගෙන තිබුන තිරණය ඉතා නිවරදි බවත් මහනගර සභාවට අදායම් නොලැබෙන තැන් වෙනුවෙන් මහජන මුදල් වැය කිරිම නොකල යුතුව ඇතිබවය.

නිවරදි ප්‍රතිපත්ති මුලික ස්ථාවරයන් මත.පිහිටා නගර පාලනය කිරිමට මේ නව මාලිමා මන්ත්‍රි මණ්ඩලයට ඉක්මනින්ම හැකියාව ලැබෙනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here