spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ආගම්වාදී රැල්ල දේශපාලන ව්‍යාපෘතියක් ! – People’s Tomorrow

Must read

ප්‍රහසන ශිල්පිණී නතාෂා එදිරිසූරිය පසුගිය අප්‍රේල් පළමු වෙනි දින ප්‍රහසන සංදර්ශනයකදී පළ කළ අදහසක් පදනම් කරගෙන අත්අඩංගුවට ගැනීමට විරෝධය දක්වමින් People’s Tomorrow සංවිධානය මැයි 29 වෙනි දින මාධ්‍ය හමුවක් පැවැත්වීය.

එහිදී එම සංවිධානය නියෝජනය කරමින් නීතිඥ මනෝජ් නානායක්කාර, නීතිඥ අමිල මහඑගොඩවත්ත, මානව හිමිකම් ක්‍රියාකාරිනි ජයනි අබේසේකර සහ වෙද්‍ය චමල් සංජීව අදහස් දක්වමින්, නතාෂා එදිරිසූරිය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත (ICCPR) යටතේ බන්ධනාගාරගත කිරීමට දැඩි විරෝධය පළ කළහ.

මෙය යළිත් වතාවක් ආගම්වාදී, ජාතිවාදී රැල්ලක් ඉස්මතු කරමින් කිසියම් දේශපාලන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ගන්නා උත්සාහයක් බව පෙන්වා දෙන ක්‍රියාකාරීහු, අනෙක් අතින් මෙය පැහැදිලි ලෙසම රටේ සැබෑ ප්‍රශ්න යටපත් කිරීමේ වෑයමක් බවත් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියහ. 

භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස උල්ලංඝනය කරමින් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සහ ඒ සදහා ICCPR පනත යොද ගැනීම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ආරක්ෂා කිරීම උදෙසා තිබෙන ජාත්‍යන්තර සම්මුතියක් අවභාවිතාවේ යෙදවීමක් බව ද ඔවුහු අවධාරණය කළහ.

නතාෂා වහා නිදහස් කළ යුතු බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය කියයි

ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය වහාම නිදහස් කළ යුතු බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය අවධාරණය කරයි.

ට්විටර් පනිවිඩයක් නිකුත් කරමින් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් හෙවත් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සඳහන් කළේ, ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීම පිළිබඳ තම සංවිධානයේ අවධානය යොමුවී ඇති බවය.

ප්‍රකාශනයේ නිදහසට ඇති අයිතිය යනු, ගැඹුරු අහිතකර ප්‍රකාශ ඇතුළුව සියලු වර්ගවල තොරතුරු සහ අදහස් ඊට අදාළ වන බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පෙන්වා දෙයි.

amnsty

වෛරී ප්‍රකාශ ව්‍යාප්ත කිරීමට එරෙහිව සටන් කිරීම අරමුණු කරගත් සියලුම නීති, ප්‍රතිපත්ති සහ භාවිතයන් සුළු ජාතීන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අසාධාරණ ලෙස සීමා කිරීම්වලට තුඩු නොදෙන පරිදි, කෙටුම්පත් කර දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් සහතික විය යුතු බවද එම සංවිධානය අවධාරණය කළේය.

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පෙන්වා දෙන්නේ, ‘දේශීය නීති පද්ධතියට ICCPR හඳුන්වා දීමේදී ICCPR පනතේ 3(1) වගන්තිය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා කිරීමට වරින් වර භාවිතා කර’ ඇති බවය.

මානව හිමිකම් රකින්නට ගෙනා ICCPR පනත

වෙනස් කොට සැලකීම, ප්‍රචණ්ඩත්වය හෝ සතුරුකම උසිගැන්වීමක් ලෙස වෛරී ප්‍රකාශ එමගින් තහනම් කරයි.

වෛරී ප්‍රකාශ යනු කිසියම් කණ්ඩායමක සාමාජිකයන් කෙරෙහි ද්වේශ සහගත අදහස් හෝ අදහස් ප්‍රකාශ කිරීමට වඩා වැඩි යමක් වන අතර, එයට අදාළ කණ්ඩායමට එරෙහිව වෙනස් කොට සැලකීම, සතුරු වීම හෝ ප්‍රචණ්ඩත්වය කරා යොමු කිරීමට අන් අයව පොළඹවාලීමේ චේතනාව පෙන්වීම පැහැදිලිව අවශ්‍ය බව බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පෙන්වා දෙයි.
භාෂණයේ අයිතිය මෙම පරීක්ෂණයට මුහුණ දීමට අපොහොසත් වීමේදී , එය කම්පන සහගත, ප්‍රහාරාත්මක හෝ බාධාකාරී වියහැකි වුවද, රාජ්‍යය විසින් එය ආරක්ෂා කළ යුතු බවද ක්ෂමා සංවිධානය අවධාරණය කරයි.

මානව හිමිකම් ගිවිසුම අනුමත කිරීමෙන් පසු ශ්‍රී ලංකාව පිළිපැදීමට බැඳී සිටින නීතිමය බැඳීම් දේශීය නීති සම්පාදනයට හඳුන්වා දීම සඳහා ICCPR පනත බලාත්මක කෙරිණි.

‘හාස්‍යයට කරුණ නම්, ශ්‍රී ලංකා බලධාරීන් එය සුළු ජාතීන් ඉලක්ක කර ගැනීමේ මර්දන මෙවලමක් ලෙස යොදා ගැනීමයි. මෙය අවසන් කළ යුතුය.’

නතාෂා එදිරිසූරිය නිදහස් කළ යුතු අතර ඇයට එරෙහිව පවතින චෝදනා වහා ඉවත් කළ යුතු බවද ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය අවධාරණය කළේය.

නතාෂා එදිරිසූරිය ජුනි 7 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කරයි

‘බුදුදහමට අපහාසයක් කළ බවට’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගන්නා ලද ප්‍රහසන ශිල්පී නාතාෂා එදිරිසුරිය ජුනි මස 07 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය (මැයි 28) නියෝග කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව බීබීසී සිංහල සේවය වෙත පැවසුවේ අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ නාතාෂා එදිරිසුරියට එරෙහිව ICCPR පනත යටතේ චෝදනා ගොනු කොට ඇති බවයි.

එමෙන්ම ඇයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි 08ක් ලැබී ඇති බවත් ඊට අමතරව මේ සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගෙන් ද පොලිස්පතිවරයාට ලිඛිත පැමිණිල්ලක් ලැබී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියේය.

ඇය (මැයි 28 වැනිදා) අළුයම සිංගප්පුරුව බලා පිටත්ව යෑම සඳහා කටුනායක ගුවන් තොටුපොළේදී රැඳී සිටියදී අත්අඩංගුවට ගැනිණි.

අධිකරණ නියෝගයට පෙර දේවගැති ජෙරම් රටෙන් පනී

මෙම ශිල්පිනිය අත්අඩංගුවට ගැනුණේ දේවගැති ජෙරම් ප්‍රනාන්දු සම්බන්ධයෙන් ද මෙවැනිම චෝදනාවක් සම්බන්ධයෙන් CID විමර්ශනයක් ක්‍රියාත්මක වන අතරවාරයේදීය.

එම ප්‍රකාශයෙන් අනතුරුව එම දේවගැතිවරයා ද සිංගප්පුරුව වෙත ගොස් තිබූ අතර ඔහු විදෙස්ගත වීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනමක් ලබා ගෙන තිබුණි.

ඔහු යලි දිවයිනට පැමිණෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කර තිබුණ ද මේ දක්වා ඔහු දිවයිනට පැමිණ නැත.

නාතාෂා එදිරිසුරියට එරෙහි චෝදනාව කුමක් ද ?

ප්‍රහසන ශිල්පිනියක් ලෙස කටයුතු කරන නාතාෂා එදිරිසුරිය විසින් කොළඹ දී පසුගියදා පැවැත්වූ ප්‍රහසන වැඩ සටහනකදී කළ ඉදිරිපත් කිරීමක් මීට දින කිහිපයකට ඉහතදී සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණි.

එම ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවේචන, ඇගයීම් මෙන්ම ආගමික හා පුජ්‍ය පක්ෂවලින් සැලකිය යුතු විරෝධතාවන්ද එල්ල වෙමින් තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ ආගමික අපහාසයක් සිදුකිරීම සම්බන්ධයෙන් ‘ඇයව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ’ බවයි.

මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය බීබීසී සිංහල සේවය වෙත තහවුරු කරන ලදී.

සමාව ගැනීම සහ වීඩියෝව ඉවත් කිරීම

තමන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් නාතාෂා එදිරිසූරිය සමාව ඉල්ලා සිටියේය. ඒ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදුකරමින්ය.

“කිසියම් කණ්ඩායමකගේ හෝ පුද්ගලයෙකුගේ හිත රිදීමක් සිදුවූවා නම් බොහොම නිහතමානීව සමාව ඉල්ලනවා. මගේ යුටියුබ් චැනල් එකෙනුත් වීඩියෝව අයින් කරලා තියෙන්නේ.” ඇය එහිදී ප්‍රකාශ කර සිටියාය.

(උපුටා ගැනීම් – BBC සිංහල සේවය)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article