spot_img
spot_img
Thursday, May 23, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ආණ්ඩුව කලබල වෙයි ! කාර්දිනල් හමුවිමට ඇවැසි බව කියයි ?

Must read

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය පිළිබදව මහමොලකරුවන් සොයනවා තබා රජය විසින් මේ දක්වා ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන දැඩි විවේචන කතෝලික සභාවෙන් මෙන්ම ප්‍රගතිශිලි කණ්ඩායම් වලින්ද මතුවෙමින් ඇති පසුබිමක රජය කලබලයට පත්ව ඇති ආකාරයක් පෙන‌ේ.

ඒ් ගැන පැහැදිලිව පෙනි ගියේ ඊයේ දිනේය විදේශ ඇමතිවරයා පුවත් පත් සාකච්ජාවක් පවත්වමින් කියන්නට යෙදුණ කරුණු සමගින්ය.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණය ඉටුකරවා ගැනීම සඳහා කතෝලික පල්ලිය නිර්මල චේතනාවෙන් යුතුව ගත් ක්‍රියාමාර්ග අවභාවිතා කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැවැන්ත හානියක් සිදුකිරීමට ජාත්‍යන්තර තලයේ කුමන්ත්‍රණයක් දියත් වෙමින් පවතින බව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඒම පුවත්පත් සාකච්ජාවේදි පවසා තිබුණි.. 

“මම ඉල්ලීමක් කරලා තිබෙනවා මැල්කම් රංජිත් කාදිනල්තුමාගෙන් උන්වහන්සේ හමුවීමට. පාස්කු ප්‍රහාරය මේ රට තුළ සහ විදේශවල රජය මේ සම්බන්ධයෙන් අරගෙන තිබෙන සියලුම පියවර පිළිබඳ උන්වහන්සේව දැනුවත් කිරීම තමයි මගේ අරමුණ වෙලා තිබෙන්නෙ. වින්දිතයින් වෙනුවෙන් සාධාරණත්වය අපේක්ෂා කිරීම – මේක තමයි කතෝලික පල්ලියේ පැහැදිලි අරමුණ.

හැබැයි ඒ ඉතාමත් නිර්මල චේතනාවෙන් කතෝලික පල්ලිය ගත් ක්‍රියාමාර්ග යම් යම් පිරිස් සම්පූර්ණයෙන් වෙනස් අරමුණු සඳහා භාවිතා කිරීමට දැඩි උත්සාහයක් දරණ බවට පැහැදිලි සාක්ෂි තිබෙනවා. ඒ අය විශේෂයෙන් ක්‍රියාත්මක වන්නේ ජාත්‍යන්තර තලයේ. ඒ අයට අවශ්‍ය වෙලා තිබෙන්නෙ ආණ්ඩුවක් අසීරුතාවයට පත්කිරීම නොවෙයි, අපේ රටේ ආර්ථිකයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමයි. දැන් ඒ සම්බන්ධයෙන් අපි පැහැදිලිව කියනවා ඒ උත්සාහය සාර්ථක වීමට අපි කිසිසේත් ඉඩ දෙන්නේ නෑ. ඒ පිළිබඳ අදාළ කරුණු සියල්ලම සම්පූර්ණ වශයෙන් ජාත්‍යන්තරයට ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය සියලුම පියවර අපි විධිමත් ලෙස ක්‍රමානුකූලව අරගෙන යනවා”

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (30) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

රජය දැන‌් මේ සැරසෙන්නේ තවත් අඩව්වක් ඇල්ලිමට විය යුතුය. කතෝලික පල්ලියේ අරමුණ වු වින්දියන්ට සාධාරණයක් ඉටුකිරිම පේන තෙක් මානයේවත් නැති පසුබිමක රජය දැන් සැරසෙන්නේ පාස්කු ප්‍රහාරය ගැන රජයට ඒරෙහිව එල්ල වන තියුණු විවේචන වලට එරෙහි මර්ධනය දියත් කිරිමටය.
දැනටමත් මේ ගැන කරුණු කි තරුණයෙකුගෙන් දින 5 ක් තිස්සේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්ණ කර තිබිම මෙයට කදිමම නිදසුනකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article