spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ආරෝග්‍යා මෙඩිකල් සෙන්ටර් එක කාගේද???

Must read

වෘත්තිය විරෝධි වැඩ කරන්න උදව්කරපු මීගමුවේ අතැම් වෛද්‍යවරු දැන් කලබල වෙලා කියල අපි දන්නවා.විශේෂයෙන්ම ඉන්ද්‍රජිත් පනාවැන්න මහත්තයා එයා තමයි මීගමුව බන්ධනාගාරයේ වෛද්‍යවරයා.මේ අය ගැන අපි මේ කරන හෙළිදරව්ව බැදිලා තියෙන්නේ ප්‍රතිපත්ති මුලික කාරණා එක්ක මිසක් වෛද්‍ය ඉන්ද්‍රජිත් එක්ක හරි නැතිනම් සුදර්ශන බාලගේ එකක හරි තියෙන පුද්ගලික තරහක්  නෙමේ.

හැබැයි මේ වේලාවේ එහෙම අයත් ඉන්න පුළුවන් බොරදියේ මාළු බාන. නමුත් අපි ඒ කාටවත්  වේදිකා හදන්න අපේ මාධ්‍ය  කලාවේදි ඉඩ තියෙන්නේ නෑ.

ඒ විතරක් නෙමෙයි දැන් සුදර්ශන බාලගේ හරි නැතිනම් එයාගේ ස්වාමියා හරි හිතන්න පුළුවන් අර පහුගිය දවස්වල ඔය ඩිස්පැන්සරියේ වැඩ කරපු ගැණු ලමයගේ ගෙදර අය ත් එක්ක දැන් බාලගේ තරහ හින්ද  ඒ ගෙදර අය අපිව උසිගන්නවද දන්නේ නෑ කියල.

අනේ නෑ. බලා එයාලත් එක්ක කරගත්ත මුදල් ගණු දෙනු  සහ ඒ සල්ලි ඒ ගෙදර අය පොලියට දුන්න කියලත් දැන් ගමේ ප්‍රසිද්ධ රහස් . අපිට එව්ව මේ වල ලියන්න ඕනේ නෑ.අනික ඒ ගැණු ලමයා එතතින් අයින් වුෙන් ඇයි කියන එකත් අපිට වැඩක් නෑ.

නමුත් විනය විරෝධි වගේම වෘත්තිය සදාචාරයට එරෙහිව කරපු දේවල් වගේම කරන දේවල් මේ සමාජයේ ඇත්ත දැනගන්න කැමැති අය වෙනුවෙන් අපි ලියනවා.

1.මීගමු කුරණ තියෙන අංක 7- 3 වෙනි කුරණ යන ලිපිනයේ තියෙන ආරෝග්‍යා මෙඩිකල් සේනටර් එකේ අයිතිකරු කව්ද.? වෛද්‍ය ඉන්ද්‍රජිත් පනාවැන්නද නැතිනම් වෛද්‍ය ඉන්දික බාලසුරියගේද? එහෙම නැතිනම් මේ දෙන්නගේමද ?

2.හැබැයි එකේ නිල්පාටින් ගහල තියෙන සීල් එකේ තියෙන්නෙ නම් තියෙන්නේ වෛද්‍ය ඉන්ද්‍රජිත් පානාවැන්නගේ නම .ඒ කියන්නේ අයිති එයාට කියන එකද??

3.එතකොට දැන් කව්ද එතන බේත් දෙන්නේ .???

4. මිනිමැරිම් පිළිබද  චෝදනා ලැබ අප මත නිදහස් වෙලා ඉන්න සුදර්ශන බාලගේද?

5.එයා වෛද්‍ය කවුන්සිලියේ ලියාපදිංචිද??

6. ලියා පදිංචි නැති අයට බේත් දෙන්න පුළුවන්ද??

7.දැනට වසර කීයක් තිස්සේ වෛද්‍ය ඉන්ද්‍රජිත් පනාවැන්න ගේ මේ බේත් ශාලව පවත්වාගෙන යන්නේද.

මෙහි කොළ පැහැති බේත් තුණ්ඩුව 2011 වසරේ දි අප වෙත ලැබුණකි.

7.මේ බේත් තුන්ඩුවේ තියෙන 0778162653 දුරකථන අංකය කාගේද.? ඒක එතන දැන් බේත් දෙන සුර්ශන බාලගේ ට අයිති නෑ කියලද වෛද්‍ය ඉන්ද්‍රජිත් මහත්තයා කියන්නේ.

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article