spot_img
spot_img
Sunday, April 28, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඇමති ලංසාගේ මෙගා ඩෙංගු වැඩසටහනට මහජන බදු මුදල් ලක්ෂ 91ක් වැයවෙලා ?

Must read

Dalupthoa 105ඇමති නිමල් ලංසා විසින් ජුලි සහ අගෝස්තු මාසය තුළදී මීගමුවේ ඩෙංගු මර්ධනය කිරීම සදහා සිදුකරනු ලැබූ  වැඩසටහන් වෙනුවෙන් වැයවි ඇති මුදල් පිළිබද වාර්තාවක් දැන් නිකුත් ව ඇත.එය පහත සදහන් අයුරිනි.
. විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනට වැයවූ වියදම්
2017.06.28 දින සිට 2017.08.31

ඉන්ධන සදහා වියදම (ධූමායන කටයුතු) සදහා 2,756,951,45
ශබ්ද විකාශන යන්ත්‍ර සදහා 5000
රැස්වීම් ශාලාවට ගෙවීම් – 65000
කුලියට ලබාගත් ට්‍රැක්ටර් සදහා -516,000.00

ඩිමෝ බට්ටා රථ සදහා -රථ 4 –  334,500.00
සංග්‍රහ වියදම් 71,645.00
පත්‍රිකා දැන්වීම් ,සහ පෝස්ටර් මුද්‍රණය -838,100.00
සේවක වැටුප් – 823,200.00

භාන්ඩ මිළදී ගැනීම- 4,164,600
එකතුව – 9,126,796.00

මේ පිළබදව මතුවෙන ගැටළු කිපයකි.

දේශපාලකයෙකු මෙගා මාධ්‍ය සංදර්ශනයක් සදහා මහනගර සභාවේ මහජන බදුමුදල් රු ලක්ෂ 91 ක් දැන් වැය වි ඇත.
ඉන් විශාල මුදලක් වැයව ඇත්තේ ධුමායනය සදහාය. අධිඩෙංගු වසංගත තත්වයක් කරා මීගමුව නගරය ගමන් කරමින් තිබියදි ඒ ගැන නිසි අවධානයක් යොමුකර නිසි ධුමායන සැලැස්මක් සංවිධානය කිරිමට මීගමුව නාගරික කොමසාරිස්වරයා අසමත්විය.
නගරය තුල ගාල් කෙරෙන වාහනයක ගාස්තුවද රු 20 සිට රු 50ක්  දක්වා වැඩිකළ නාගරික කොමසාරිස්වරයා කල්පනා කළේ එමුදල් සියල්ල පොට්ටනි ගසා තමන්ගේ ධුර කාලය වැඩි අදායමක් උපයා ඇති බව ලොක්කන් ඉදිරියේ කියා කෙරුමෙකු වෙන්නටය.
මේ වකවානුවේ සිදුවු පළමු ඩෙංගු මරණය දුන්ගාල්පිටිය ප්‍රදේශයෙන් වාර්තා විය.ඒ කුඩා දැරියකි.ඇය මිය ගිය පසු ඒ අවට ප්‍රදේශයට ධුමායන කටයුතු කිරිම සදහා දින කීපයක්ම ගතවු බව ඇගේ දෙමව්පියන් විසින් මාධ්‍ය වෙත පවසා තිබුණි.
එපමණක් නොව කුරණ ප්‍රදේශයේදි තවත් සිසුවෙකු ඩෙංගු රෝගයට ගොදුරුව මිය ගිය පසු ඒ අවට ධුමායන කටයුතු කිරිම සදහාද දින කිපයක් ගොස් තිබුණි.
මේ ඇත්ත උදාහරණ විසින් කියා පාන්නේ මීගමුව නගාරික කොමසාරිස්වරයාට නගරයේ හිස ඔසවමින් ඇති ඩෙංගු අධිවසංගත තත්වය පාලනය කිරිමට කිසිදු විධිමත් සැලැස්මක් නොතිබුණු බවය.
මීගමුව ජනතාව විසින් තිරාණාත්මක ලෙසින් පරාජිය කොට පලවා හැර තිබුණ ලංසා පවුලේ දේශපාලකයන් පැරිෂුට් ආකාරයෙන් මීගමුවට එන්නේ ඒ වන විටත් මීගමුව ප්‍රාදේශිය සංවර්ධන කමිටුවේ සමසභාපතිවරුන් විසින් ඩෙංගු වැඩසටහනක් ක්‍රියාත්මක කොට තිබියදිය.
ඇත්තට නිමල් ලංසා විසින් කළේ නාගරික කොමසාරිස්වරයා විසින් පොට්ටනි ගසා රැසකළ විශාල ධනස්කන්දයක් මාස 2 කක් ඇතුළත් වැයකිරිමයි.
ධුමායනය සදහා ලක්ෂ 27 ක් වැය කර ඇත.එමෙන්ම ප්‍රචාරක කටයුතු සදහාද වැය කර ඇති මුදල ලක්ෂ 8 ඉක්මවා තිබේ.
ඇත්ත වශයෙන්ම සමසභාපතිවරුන් සහ නගර සභාව එක්ව ඩෙංගු මර්ධන සැලැස්ම නිසි අයුරින් ක්‍රියාත්මක කළා නම් මේසා විශාල මහජන බදුමුදලක් වැයවනු ඇතිද ?
මේ අනුව පෙනි යන්නේ අප විසින් අවස්ථා ගණනාවකදි ද පෙන්වා ති ඇති පරිදි මීගමුව නාගරික කොමසාරිස්වරයාගේ අසාර්ථක බව නොවේද ?

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article