spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඉතාලියේ වීසා නීති පෙන්වා ගසා කන මෙරට ගුවන් සමාගම් නියෝජිතයන්.

Must read

ඉතාලියේ වීසා නීති පෙන්වා ගසා කන මෙරට ගුවන් සමාගම් නියෝජිතයන්.
තොටුපළ 2017 ඔක්තෝබර් 05

කටුනායක-පසුගිය සෙනසුරාදා කොළඹ සිට ඉතාලියේ රෝමය බලා ගමන් ගත් ගුවන් මගීන් දෙදෙනෙකුගෙන් ගුවන් ටිකට්පත් ගාස්තුවට අමතරව රුපියල් ලක්ෂ 7ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගෙන ඇති බවක් වාර්තා වෙයි. වසර 5කට වඩා ශ්‍රී ලංකාවේ රැදී සිටීමෙන් අනතුරුව නැවත ඉතාලියට යෑමට ගුවන් ටිකට්පත් මිලදී ගත් මව්වරුන් දෙපළක් හා ඔවුන්ගේ අවුරුදු 14ට අඩු දරුවන් සිවි දෙනෙකු වෙනුවෙන් අදාල ගුවන් ප්‍රවේශපත් ඒජන්ත විසින් මෙසේ අමතර මුදලක් ලබා ගෙන ඇති බව පැවසෙයි.

ඉතාලියේ රැඳී සිටීමේ බලපත්‍ර (Soggiorno) දරන්නන් හට එරටින් පිටවී සිටිය හැකි කාලය පිළිබඳව ඉතාලියේ ආගමන විගමන නීති හා රෙගුලාසි වල සදහන් වේ.ඒ අනුව කාලවකවානුවක් නොමැති දීර්ඝකාලීන වීසා (Carta di Soggiorno )සදහා වසර දෙකහමාරක්ද, වසර දෙකක වීසා බලපත්‍ර සදහා වසරක්ද, තාවකාලික බලපත් සදහා මාස 6ක්ද ලෙස එරටින් පිටව සිටිය හැකි කාලය නිශ්චිතව දක්වා ඇත.කෙසේ නමුත් මෙකී නීති හදිසියෙන් ගෙන ආ ඒවා නොවන අතර ඉතාලියේ ආගමන විගමන නිලධාරීන් මේ පිළිබඳව එතරම් සැළකිල්ලක් නොදක්වන බවද වාර්තා වෙයි.තවද,අදාල කාලසීමාවන් ඉක්මවා ඉතාලියෙන් පිටව සිට නැවත එරටට යෑමේදී කිසිවකු එරටින් නැවත හරවා එවාද නැත.flights-to-italy

මැදපෙරදිග රටක නමින් ඇති ලෝකයේ ප්‍රධාන පෙළේ ගුවන් සමාගමකට අයත් යානයකින් එකී රටේ මාර්ගස්ථ ගුවන්තොටුපළ හරහා රෝමය වෙත යැවීම සඳහා මෙසේ අල්ලස් ලබා ගෙන ඇති බව වාර්තා වෙයි.අදාල මුදල මෙරට ගුවන්තොටුපළේ ගුවන්සමාගම් නිලධාරීන්ට හා මාර්ගස්ථ ගුවන්තොටුපළේ නිලධාරීන්ට ලබා දිය යුතු බව පවසමින් ලබාගෙන අති ඒජන්සිකරුවා යම් හෙයකින් ඔවුන්ව නැවත හරවා එව්වහොත් අදාල මුදල් නැවත ලබාදෙන බවක්ද පවසා ඇත.කෙසේ වුවත් ඉතාලියේ ආගමන නිලධාරීන් විසින් ගන්නා තීරණ පිළිබඳව තමන්‍ට වගකීමක් නොමැති බවද ඒජන්සිකරුවා විසින් වැඩිදුරටත් පවසා ඇත.

කෙසේ නමුත් මෑතක සිට කටුනායක බණඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට ක්‍රියාත්මක වන ගුවන් සමාගම් විසින් ඉතාලිය බලා යන ශ්‍රීලාංකිකයන්ගේ ඉහත කී වීසා කොන්දේසි පිළිබඳව දැඩිව සම්බාධක පනවාගෙන ඇති බවක් වාර්තා වන,අතර මේ හේතුවෙන් ඉතාලියේ වෙසෙන ශ්‍රීලාංකික ප්‍රජාව යම් අසහනකාරී තත්ත්වයකට පත් වී ඇත.මේ පිළිබඳව නොදන්නා බොහෝ පිරිස් මුදල් ගෙවා ගුවන් ටිකට්පත් මිලදී ගෙන ගුවන් තොටුපළට පැමිණීමෙන් පසු නැවත හරවා යැවේ.මෙයින් අදාල මගීන්ට සිදුවන අපහසුතාව හා මූල්‍ය පාඩුව අතිමහත්ය.

තවද තත්කාලීන වාතාවරණය පිළිබඳව මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය හා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ආදී රාජ්‍ය ආයතන මේ දක්වා නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම හේතුවෙන් සමහර ගුවන් සමාගම්වල දූෂිතයන්ට නොසිතූ ඉල්ලමක් පහල වී ඇති බව ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් චෝදනා කර සිටියහ.
උපුටා ගැනීම – ෆේස්බුක්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article