spot_img
spot_img
Saturday, May 11, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඉතාලියේ සැප ජීවිතේ

Must read

10553310_778287088887558_9092807981511634974_n සල්ලි පොකුරු මිටි බැදගෙන
රන් දම්වැල් කර ලා ගෙන
රත්තරනින් රනින් තැනුන
සුරන්ගනා ලොවක නෙමෙයි ජීවත් වෙන්නේ….

අපි විදිනා දහ දුක් ගැන ලොවට නොපෙන්වා හිටියට
සුදු හම ඇති නෝනලාගෙ කුනු අතගා පිරිසිදු කර
යුරෝ එකක් අමාරුවෙන් ඉල්ලා ගන්නේ

රෝද හතර කැරකුනාට
පිරිසිදු ඇදුමක් ඇන්දට
මෙහෙ විදිනා දහදුක් ගැන
අපි නොවැ දන්නේ

අයිස් ගොඩේ අපි හිටගෙන
ෆොටෝ එකක් අරගත්තට
සැප කියන්නෙ ඒක නොවෙයි
කොහොමද පැහැදිලි කරවන්නේ

– ඩිලා
( මිලානෝ )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article