spot_img
spot_img
Saturday, May 11, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඉතාලිය අසළ මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරළීමෙන් 700 ක් මුහුදු පතුළේ

Must read

Disaster: So far, only 49 people have been rescued following the incident, which took place 17miles off the Libyan coast, and up to 700 African migrants are feared dead. Pictured is migrants arriving in Sicily

අප්‍රිකානු මහ ද්වීපය හා යුරෝපය අතර පිහිටි මධ්‍යධරණී මුහුදේ ගමන් ගත් සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී යාමෙන් අද උදෑසන ජීවිත 700 කට වැඩි පිරිසක් බියකරු ලෙස  මරණයට පත් වී  ඇත

ඊයේ රාත්‍රී  ලිබියාවේ සිට ඉතාලිය දෙසට ගමන් කරමින් තිබුණ මෙම සංක්‍රමණික බෝට්ටුවේ මගීන් 700 කට වැඩි පිරිසක් ගමන් කර ඇත. මධ්‍යම රාත්‍රියේ තමන් අසලින් ගමන් කළ නෞකාවකට සංඥා කිරීම උදෙසා අඩි 70 ක් දිග ධීවර බෝට්ටුවේ එක පසෙකට සියලු දෙනාම රොක් වීම නිසා බෝට්ටුව පෙරැළි තිබේ

 ඉතාලිය වෙත ගමන් කරන්නට පෙර ලිබියාවෙන් සැතපුම් 17 ක් එපිටින් ලිබියානු මුහුදු සීමාව ආසන්නයේ දකුණු දිග ඉතාලියේ පිහිටි ලැම්පඩුසා  දූපත අසළදී අනතුර සිදු විය .

පෙරළීමෙන් අනතුරුව මගීන් මුහුදේ පාවුණ අවස්ථාවේ ඉතාලි බලධාරීන් ක්‍රියාත්මකවී ඔවුන් බේරාගන්නට උත්සාහයක යෙදුණ අතර අන්ධකාරය නිසා බේරාගැනීමේ මෙහෙයුම පහසුවී නැත. මේ  වනවිට බේරාගත් මගීන් ගණන 49 කි

පසුව මෙම බේරාගැනීමේ කටයුතු තවත් තර කරන ලද නමුත් ජීවිත හත්සිය ගණනක් මුහුද තුළට අකාරුණික ලෙස බිලිගෙන ඇති බව හා සිදු කළ හැක්කේ මළ සිරුරු සෙවීම පමණක් බව මේ වනවිට ඉතාලි බලධාරීන් ප්‍රකාශ කර ඇත. ඉතාලි නාවුක සේවයට අයත් යාත්‍රා 23 ක් මෙම බේරාගැනීම් මෙහෙයුමට යෙදවූ බව බීබීසිය වාර්තා කළා.අප්‍රිකානු සංක්‍රමණිකයින් මධ්‍යධරණී මුහුද ඔස්සේ යුරෝපයට සංක්‍රමණයවීම දිගු ඉතිහාසයක් ඇති ගාටලූවක් වන අතර ඒ නිසා නිරන්තරයෙන්ම බෝට්ටුවල ගොස් මරණයට පත්වන අය ගැන ආරංචි විදෙස් වාර්තාවල සුලබය. නමුත් මෙතරම් විශාල පිරිසක් බෝට්ටුවකින් පෙරළී එකවර මියයාමේ සිද්ධි කලකින් වාර්තා වී නැත.
උපුටා ගැනිම- www.sithtv.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article