spot_img
spot_img
Sunday, April 28, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව සංචාරක පුරවරයේ නීති විරෝධී හෝටලයක්?

Must read

Hotel sideසේවක මණ්ඩලය
හොටෙල් ඔනර්ස් ක්ලබ්,
නො. 351,
පෝරුතොට,
මීගමුව.
2015-03-05

මහත්මයානෙණී / මහත්මියණී,

මීගමුව සංචාරක පුරවරයේ නීති විරෝධී ලෙසින් පවත්වාගෙන යන සංචාරක හෝටලයක් සම්බන්ධයෙනි.

නො. 351, පෝරුතොට, මීගමුව යන ලිපිනයේ සංචාරක මණ්ඩලයේ අනුමැතියකින් තොරව ඔනර්ස් ක්ලබ් ඉන්ටර්නැෂනල් ඇකඩමිය නමින් හෝටලයක් පවත්වාගෙන යනු ලබයි. එය S M   චෝයි නැමැති කොරියානු ජාතිකයාට හිමි ආයතනයක් වන අතර එම ආයතනය වර්තමානය වන විට ශ්‍රී ලාංකික රජයටත් මීගමුව නගරයටත් දැඩි තර්ජනයක් වෙමින් පවතී. එපමණක් නොව එහි සේවකයන් හට සේවා යෝජකයාගෙන් සිදුවන දැඩි අසාධාරණකම් හා ඔහුගේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙළ පිළිබඳව ඔබ සියලූ දෙනාගේම අවධානය යොමු කිරීම මෙම ලිපියෙහි මූලික අරමුණ වේ.

ශ්‍රී ලාංකික සියලූ නීති රෙගුලාසි වලට පටහැනිව පවත්වාගෙන යන මෙම සංචාරක හෝටලයේ පවතින දූෂණ හා අක්‍රමිකතා පහත පිරිදි වේ.

1 සංචාරක මණ්ඩලයේ අනුමැතියකින් තොරව සංචාරක හෝටලයක් ලෙස පවත්වාගෙන යාම.
2 ඔනර්ස් ක්ලබ් ඉන්ටනැෂනල් යන නමින් මීට වසර කිහිපයකට පෙර ආයෝජන මණ්ඩලයේ අනුමැතියෙන් ආරම්භ කරන ලද ආයතනයේ ලියා පදිංචිය නැවත අළුත් නොකිරීම.
3 වෙළඳ බලපත්‍රයකින් තොරව මීගමුව නගරය තුළ හෝටලයක් පවත්වාගෙන යාම.
4 සංචාරක හෝටලයක් පවත්වාගෙන යාමේදී ලබාගත යුතු පරිසරය ආරක්ෂණ බලපත්‍රය වැනි විවිධ බලපත්‍ර නොමැතිව පවත්වාගෙන යාම.
5  මීගමු නගර සභාවට අයවිය යුතු වාර්ෂික බදු මුදල් ගෙවීම පැහැර හැරීම.
6 එස්.එම්  චෝයි සහ ෙජ්ම්ස් චෝයි සංචාරක වීසා යටතේ සිටිමින් ශ්‍රී ලංකාව තුළ රැකියා හා ව්‍යාපාරික කටයුතු සිදු කිරීම.
7  මත්පැන් බලපත්‍රයකින් තොරව මත්පැන් අලෙවි කිරීම.
8  සේවකයින්ගේ වැටුප, වැටුප් දිනයට නොගෙවා ප්‍රමාද කිරීම.
9 සේවකයන් විසින් දිනකට නියමිත පැය 09 ට වඩා සේවය කළ විට ගෙවිය යුතු අතිකාල දීමනා  ගෙවීම පැහැර හැරීම හා බලහත්කාරයෙන් සේවයේ යෙදවීම.
10 සේවකයන්ගේ මාසික වැටුපෙන් අඩුකරන EPF සහ ETF ආයතනය විසින් ගෙවියු යුතු දායක මුදල් ගෙවීම පැහැර හැරීම.
11ග හෝටලයට පැමිණෙන සංචාරකයින්ගෙන් ලබා ගන්නා 10% සේවා ගාස්තු :ීැරඩසජැ ක‍ය්රටැ- අගෝස්තු මස සිට ගෙවීම පැහැර හැරීම.
12ග සේවා ගාස්තු ලෙස සංචාරකයින්ගෙන් ලබාගන්නා 10% මුදලින් කාමර සඳහා ලැඛෙන සේවා ගාස්තු ඉවත් කර ආහාරපාන සඳහා පමණක් සේවා ගාස්තු ලෙස 10% මුදලක් සේවකයින් හට සේවා ගාස්තු ලෙස වෙන් කිරීම.
13ග සේවකයන් හට දැඩි බලපෑම් හා මානසික පීඩනයක් සිදු කර බොරු චෝදනා ඉදිරිපත් කර සේවකයින් සේවයෙන් ඉවත් කිරීම සහ ඔවුන් ස්වෙච්ඡාවෙන් සේවය අතහැර යන තැනට වැඩ කිරීම. දෙසැම්බර්  මස සිට මේ දක්වා සේවකයන් 15 දෙනෙකු මෙම අසාධාරණයට ලක්ව ඇත.

ඉහතින් සඳහන් කළ සියලූ කරුණු සැලකිල්ලට ගනිමින් ඔනර්ස් ක්ලබ් ඉන්ටනැෂනල් ඇකඩමිය නම් ආයතනය පිලිබඳ ඔබගේ සියලූ දෙනාගේ දැඩි අවධානය යොමු වෙතැයි අපි අපේක්ෂා කරමු.

එසේම, මෙම කොරියානු ජාතිකයා විසින් මෙවැනි නීති විරෝධී සහ අත්තනෝමතික ක්‍රියාකාරකම් වලට නොබියව පෙළඹීමට ප්‍රධාන හේතුවක් වූයේ, පසුගිය රජයේ ප්‍රධාන පෙළේ ඇමතිවරුන්ගේ සහ රජයේ නිළධාරීන්ගේ නොමසුරු සහයෝගය නිසා බැව්ද සඳහන් කළ යුතුමය. නමුත්, වත්මනෙහි උද්ගතව පවතින සැබෑ දේශපාලනමය හා සමාජීය වෙනසක් සමග වුවද, තවමත් සේවා යෝජකයාගේ  ක්‍රියාකලාපය පෙර පරිදිමය. එසේ හෙයින් මෙම සියලූ කරුණු කාරණා සැලකිල්ලට ගනිමින් මෙම ආයතනය තුළින් අසාධාරණයට පත් සියලූ පාර්ශවයන්ට සාධාරණය ඉටු වෙතැයි අපි ඉතා ගෞරවයෙන් සහ කාරුණිකව ආයාචනා කරමු.

ස්තූතියි,
මෙයට විශ්වාසී,
හොටෙල් ඔනර්ස් ක්ලබ් ආයතනයේ
අසාධාරණයට පත් සේවක මණ්ඩලය

පිටපත් :-
1 ජනාධිපති ලේකම් කාර්යාලය
2  කම්කරු අමාතය – ගරු එස්. බී. නාවින්න මැතිතුමා
3  කම්කරු රාජ්‍ය අමාත්‍ය – ගරු ජීවන් කුමාරතුංග මැතිතුමා
4  අධිකරණ හා කම්කරු සබඳතා නියෝජය අමාතය – ගරු සුජීව සේනසිංහ මැතිතුමා
5  පාර්ලිමේන්තු මන්තී්‍ර – ගරු රන්ජන් රාමනායක මැතිතුමා
6  බස්නාහිර පළාත් සභා මන්ත්‍රී – ගරු රොයිස් විජිත ප්‍රනාන්දු මැතිතුමා
7 ජනතා විමුක්ති පෙරමුණ – පැලවත්ත
8  මීගමුව නගරාධිපති – ගරු ඇන්ටන් ජයවීර මැතිතුමා
9 නියෝජ්‍ය කම්කරු කොමසාරිස්තුමා – නාරාහේන්පිට
10  නියෝජ්‍ය කම්කරු කොමසාරිස්තුමා – ගම්පහ
11  නියෝජ්‍ය කම්කරු කොමසාරිස්තුමිය – මීගමුව
12  සංචාරක මණ්ඩලයේ සභාපතිතුමා –
13  ආයෝජන මණ්ඩලයේ සභාපතිතුමා –
14 සුරාබදු කොමසාරිස් ජනරාල්තුමා –
15  සුරාබදු කොමසාරිස්තුමා – මීගමුව
16  දුඅණ විරෝධී පෙරමුණ –
17 හෝටල් සේවකයින්ගේ සංගමය –
18 මී පුර වෙබ් අඩවිය
19 ආගමන විගමන දෙපරේතමේන්තුව
20 අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව

(මෙම ජනතා පෙත්සම අප වෙබ් අඩවියේ ඊමේල් ලිපිනයට එවා තිබුවකි.)

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article