spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඉන්න තැනක් හදාගන්න සුජිත්ලා ගෙන යන සටනේ තවත් ජයක්

Must read

ෆෝට් සිටිය සදහා මුහුදේ පස් ගැනිමත් සමගින් බටහිර සහ වයඹ වෙරළ කලාපයට ප්‍රබල බලපෑමක් මතුව තිබුනේ මුහුදු ඛාදනය දිනෙන් දිනම වැඩිකරමිනි.

මේ නිසාම වෙරළ ආසන්නයේ තිබුන ඇතැම් නිවාස වලට ද දැඩි බලපෑම් එල්ල වුණි.



දරුවන් 4 දෙනෙකුගෙන් යුත් සුජිත්ලාගේ පවුලට මිගමුවේ දුව ප්‍රදේශයේ පිහිටි නිවස අහිමි වන්නේ මේ වෙරළ ඛාදනය නිසාවෙනි .
පැවැති අවදානම් තත්වය නිසා වෙරළ ඛාදනයට ලක්ව ඇති නිවසෙන් ඉවත් යන ලෙසත් ඒ් සදහා රජයෙන් ඉඩමක් ලැබිමට සුජිත්ලා සුදුස්සන් බවත් වෙරළ සංරක්ෂණය විසින් ලබා දි තිබුන ලිපියකද දැක්විණි.

දරුවන් 4 දෙනෙකුද සමගින් යන එන මං නැතිවුණ සුජිත්ලා කලපු ඉවුර ආසන්නයේ පුංචි කුඩාරමක් තනාගෙන මාස කිපයක් කල් යවද්දි දුව ගමේ ධිවර සමිතියේ යැයි කියු මිල්ටන් නැමැත්තා සුජිත්ලා‌ට එරෙහිව නඩු දමා උසාවි නියෝග ගෙන සුජිත්ලාගේ මේ තහඩු කුඩාරමද කඩා බිද දැම දැම්මේය.

සුජිත්ලාගේ ටකරන් මඩුවත් කඩා දැමු මිල්ටන්ලා



සුජිත්ලාට එරෙහිව ක්‍රියාත්මක මේ අමානුෂික මෙහෙයුමට එරෙහිව දුවේ සහ අවට හදවත් ඇති මිනිසුන් කිපදෙනෙකු මෙන්ම මිගමුවේ මාධ්‍යවේදින් පිරිසක්ද එක්ව සාමුහික සටන් දියත් කර තිබුණි.
එහෙත් මිගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිළධාරින්ද , පොලිසිය පමණක් නොව ගමේ ග්‍රාම සේවකයාද හිටියේ සුජිත්ලාට එරෙහිවය.
සුජිත්ලාට දිමට ඉඩ නැතැයි ඉඩම් නිලධාරියාද ප්‍රමුඛව ප්‍රාද‌ේශිය ලේකම්වරියද කියා සිටියේය.



මේ සියල්ල ඒකට පෙළ ගැසේද්දි මාධ්‍යවේදින්ගේ මාධ්‍ය මෙහෙයුම ඒ් සැමට වඩා ප්‍රබල විය. සියත දෙරණ ඇතුළු TV 1 මාධ්‍ය කිපයක්ද මිපුර වෙබ් අඩවියද සුජිත්ලාගේ මේ මානුෂික කථාවට නිසි ලෙස කටහඩ දි තිබුණි.
මානව හිමිකම් කොමිසමද මේ මානුෂික කථාවට සංවේදි වෙමින් සුජිත්ලාගේ අසරණ තත්වය ගැන විමසන්නට ඔවුන් ලගටම පැමිණ තිබුණි.
ඒ කථාවේ සාධාරණත්වය මත සුජිත්ලාට යුක්තිය ඉටුකර දිමට මැළිකමක් දැක්වු ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ඇතැම් නිළධාරින්ටද නියෝග ලැබුණි.


නැතැයි කි ඉඩම් ලබාදිමට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට ඒ අනුව සිදුවිය. මිල්ටන්ලාගේ මුසාවාදය නතුව සිටින ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ඇතැම් නිලධාරින් සුජිත්ලාගෙග් මානුෂික කථාව ගැන අවධානය යොමු කරන්නට පටන් ගනි.
සුජිත්ලාට කුඩා ඉඩම් කැබැල්ලක් ඒ් අනුව ලැබුණි.
මාධ්‍ය ඔස්සේ සුජිත්ලාගේ කථාව දැක බලාගත් හදවත් ඇති මිනිසුන්ගේ අත හිතද සුජිත්ලා වෙනුවෙන් දිගුවිය.
නව නිවසක ඉදිකිරිම් ටික ටික ඇරඹුණි.


නිවාස අමාත්‍යංශ‌යේ අවධානයද ඒ වන විටත් සුජිත්ලා‌ගේ නිවාස ප්‍රශ්ණය අදාල යොමුව තිබුණි.
ඒ් අනුව සුජිත්ලාටද නිවාස ණය අනුමත වි , නිවසේ ඉදිකිරිම් කටයුතු වලට මුල් ගල තැබිමට ඊයේ දිනයේ හැකිව තිබුණි.
ඒ් අවස්ථාවට හිටපු පළාත් සභා මන්ත්‍රි එම් සකාවුල්ලා මෙන්ම නිවාස ඇමතිවරයාගේ කාර්ය මණ්ඩල සමාජිකයෙකු වු ගයාන් මදුමිහිරද එක්ව තිබුණි.


සුජිත්ලා දැනට හිතවතෙකුගේන තාවකාලිකව ලැබුන කුඩා තැනක දිවි ගෙවති. පාසැල් යන දරුවන් 4 දෙනෙකු සිටින සුජිත්ගේ වැඩිමහල් දියණිය මේ සියලුල තාඩන පිඩන අග හිග කම් මැද වුවද අධ්‍යාපනය අත හැරියේ නැත.

සුජිත්ලාගේ තාවකාලික නිවහන


ඇය මේ වන විට බෝලවලාන පාසැලේ උසස් පෙළ හදාරමින් සිටින්නේය. වෙන දරුවන්ට මෙන් සිය අධ්‍යපාන කටයුතු කරගෙන යාමට පුටු මේස පවා නොතිබෙන පසුබිමක ඔවුන් ඒ සියළු දේ දරාගනිමින් ඉගෙනිම කඩාකප්පල් කර නොගෙන අරගලයක යෙදෙති.
මේ නත්තල් ශිතලට ගුලිවි නිදාගන්න ඇදන් බෙට් ෂිට් වෙනුවට සුජිත්ලාට ඇත්තේ බිමට එලාගෙන නිදාගන්නට පැදුරු කිපයක් පමණි.
දරුවන් 4 දෙනෙකුගේ බර කරට ගෙන සැමදා අලුයමින්ම ලෙල්ලමට ගොස් මාළු කපා දවසේ වියදම සරිකරගන්නා සුජිත්ගේ සහයට ඔහුගේ වැඩිමහල් දියණියද එක්ව සිටි.
ඇය ඉගෙන ගන්නා අතරේ කේක් හදයි . ඒවා කඩවලට අලෙවි කොට සුලු ලාබයක් ලබයි.
හදවත් නැති මිනිසුන් විසින් එල්ල කළ සියළු තාඩන පිඩන ජයගෙන සුජිත්ලා දැන් වඩාත් ධෛර්යවන්තව 2022 ට මුහුණ දිමට සුදානමින් සිටි.
හැකි ඉක්මනින් නිවසේ කටයුතු නිමාකරගැනිම ඔවුන්ගේ එකම අභිලාෂයයි .





- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article