spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඉහල යන බඩු මිළට එරෙහිව මිගමුවේත් විරෝධතා.

Must read

sdr

ඉහල යන ජීවන වියදමට එරෙහිව ජාතික ජන බලවේගය අද මීගමුවේදි විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.ඒ ගම්පහ දිස්ත්‍රික් ජනබලවේගයේ ප්‍රධාන අපේක්ෂකයන් කීපදෙනෙකුගේද සහභාගිත්වයෙනි.මිගමුව දිස්ත්‍රික් මහරෝහල ඉදිරිපිට මෙම විරෝධතාවය පැවැත්විණි.මේ සදහා මීගමුවෙන් තරඟ වදින හිටපු නාගරික මන්ත්‍රී දොස්තර හෙන්රි රොසයිරෝ,මෙන්ම ගුරු සංගම් ප්‍රබලයෙකු හා හිටපු පළාත් සභා මන්ත්‍රි මහින්ද ජයසිංහද එක්ව සිටියේය.ගම්පහ දිස්ත්‍රික්කයේ සිටින සකලාකාර ජාවාරම්කරුවන්ට එරෙහිව මෙවර ජනබලවේගයට ප්‍රබල නියෝජනයක් ලබාදිම තුලින් පාර්ලිමේන්තුව තුල මෙන්ම ඉන් පිටතදිද ජනතා අයිතින් වෙනුවෙන් පෙනි සිටිමට හැකිවන බව මහින්ද ජයසිංහ මාධ්‍ය හමුවේ අවධාරණය කර සිටියේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article