spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

එක්දරු මවකට ෆේස්බුක් එකෙන් අපහස කොට පොලිසිය මගහැර රටින්පැන්න රාජේශ්ට ඉතාලියේදි වෙච්ච දේ ?

Must read

 

එක්දරු මවට අපහස කළ රාජේශ් කැමැත්තා
එක්දරු මවට අපහස කළ කොච්චිකඩේ මුරුතෑනේ රාජේශ් නැමැත්තා

කොච්චිකඩේ මුරුතෑන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන රාජේශ් නැමැත්තා විසින් එක්දරුමවකට මුහුණු පොතේ ( FB – Face book ) ඇගේ ඡායාරූපද පළකරමින් අපහස කිරිම ගැන දෙසැම්බර් 14 වනදා පැමිණිලි අංක CIB ii 332/192.යටතේ කොච්චිකඩේ  පොලිසියට පැමිණිලි කොට තිබුණි.
මෙම පැමිණිල්ල විභාග කිරිමට පොලිසිය විසින් ලබාදි තිබුණ දිනය මගහරිමින් කෙසේ රටින් පැනගෙන ඇති රාජේශ් නැමැත්තා අද (2015 දෙසැම්බර් 27 ) උදෑසන ඉතාලියේ බ්‍රෙෂියා නගරයෙදි දෙනෝ දාහක් මැදදි බරපතල අපහසයකට ලක් වුණි  .
ඒ රාජේශ් නැමැත්තා විසින් ෆේස් බුක් එකෙන් අපහස කරන ලද එක්දරු මවට සහ ඇගේ ඥාාතින් පිරිසකට කොටුවිම නිසාය.
ඉරුදින පුජාව නිමවි දහස් ගණනක් ජනයා බ්‍රෙෂියා චතුරශ්‍රය හරහා යමින් සිටියදි මෙය සිදුව තිබුණි.
මේ අවස්ථාවේ රාජේශ් නැමැත්තා සිට ඇත්තේ තවත් කාන්තාවක්ද සමගිනි.
තමන්ට අපහස කිරිම සහ ඒ සම්බන්ධයෙන් පොලිසියට යොමුකර තිබු පැමිණිල්ලද මගඅරිමින් රටින් පැන ගත් රාජේශ් නැමැත්තාට ලුණු ඇඹුල් සහිතව හොද අපහසයක් විදගන්නට එහිදි සිදුව තිබුණි.
කොච්චිකඩේ පොලිසිය විසින් විසදාලිමට කල් ගත්ත පැමිණිල්ලට නිසි ප්‍රතිචාර දෙනෝ දාහක් මැද මහපාරෙදි ලැබුණි .
දෙස් විදෙස් ජාතිකයන් දහස් ගණනක් ඉදිරියේ අර මව විසින් කියා තිබුනේ මේ තැනැත්තා විසින් ෆේස් බුක් එකෙන් තමාට බරපතල අපහසයක් කර ඇති බවය.ඇය හැඩු කදුලින් කි කථාව අසා සිටි
ඒ අවට රොක්ව ඇති ඉතාලි ජාතිකයන් පවා රාජේශ් නැමැත්තාට සිය අප්‍රසාදය පළකර ඇත්තේ කාන්තාවකට එවන් අපහසයක් කළ උඹ පිරිමියෙක්දැයි විමසමිනි.
මෙහිදි එහි සිටි එක් වයෝවෘද්ධ ඉතාලි ජාතිකයෙකු කියා ඇත්තේ ඔය උබේ අතේ එල්ලිලා ඉන්නෙත් ගෑණියෙක් නේද ?ගැණුන්ට අවමන් කරන උන් පිරිමින් නොවේ  යැයි කියමිනි.
කෙසේ හෝ ලැජ්ජාව විදදරා ගැනිමට නොහැකිව රාජේශ් නැමැත්තාගේ අතේ එල්ලි සිටි කාන්තාව අවට සිටි සියල්ලගෙන් සමාව අයදිමින් අනේ අපට ලැජ්ජයි ඒ හින්ද නවත්වන්න යැයි කිප වතාවක්ම කියමින් රැස්ව සිටි පිරිසගෙන් සමාව ඉල්ලා ඇත.
පොලිසියට පැමිණ කළ වැරැද්දට සමාව ගන්නට නොහැකි වු රාජේශ් නැමැත්තාට අද දිනයේ දෛවය විසින් අපුරු දඩුවමක් තිබුණි.
රංජන් ප්‍රනාන්දු -බ්‍රෙෂියා-ඉතාලිය 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article