spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

එක දවසට ලොකු වැඩක් ! මොසෙස් ලංසා නීති විරෝධි සම්භාහන මධ්‍යස්ථානත් වසාදමයි ද ?

Must read

massage-centers-in-pune(12.45 am ) මීගමුව දැන් හතුපිපෙන්නාක් මෙන් මසාජ් හල් ආරම්භ වෙමින් තිබේ.මෙවැන්නක් පවත්වාගෙන සපුරාලිය යුතු කොන්දේසි රැසක් ඇති අතර ඒවා පවත්වාගෙන යාමට දේශිය ආයුර්වේද ආමාත්‍යංශයේ අනුමැතිය අවැසිය.
එහෙත් මේ බොහොමයක් සම්භාහන මධ්‍යස්ථාන විවිධ අයථා ක්‍රම මගින් සිය ව්‍යාපාරය පවත්වාගෙන යනු ලබන බව වාර්ථා වේ.
2016 ජනවාරි මාසයේදි පැවැති මීගමුව ප්‍රාදේශිය සංවර්ධන කමිටු රැස්විමේදි මීගමුව තුල ක්‍රියාත්මක නීති විරෝධි සම්භාහන මධ්‍යස්ථාන වහාම නවතා දැමිය යුතු යැයි තින්දුවකට පැමිණියද සිදුවෙමින් ඇති ඇත්ත තත්වය නම් දැන් පෙරටත් වඩා එවැනි ස්ථාන හතු පිපෙන්නා සේ ක්‍රියාත්මක වෙමින් ඇති තිබිමය.
පසුගිය දින කාලය තුල මීගමුව රෝහල ඉදිරිපිටද මෙවැනි මධ්‍යස්ථානයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
මෙහිදි මතුව ඇති අනෙක් ගැටළුව වන්නේ මීගමුව තුල දේශපාලන බලඅධිකාරයට සම්බන්ධ  මෙවැනි සම්භාහන මධ්‍යස්ථාන රැසක් ක්‍රියාත්මක වෙමින් තිබිමයි.
මිගමුවේ අනිතික ක්‍රියා එක දවසකින් අවසන් කරන බවට මාධ්‍ය සංදර්ශණ පවත්වමින් සිටින මිගමු නගරාධිපතිවරයා මිගමුව තුල ක්‍රියාත්මක නීති විරෝධි සම්බාහන මධ්‍යස්ථානද අහෝසි කිරිමට එකි මසාජ් ක්ලින්ක් ඉදිරිපිටට සිය කම්කරු සේනාවද රැගෙන යන දිනක් ඇතිවේවිදැයි බොහෝ දෙනා බලා සිටි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article