spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

එජාපයට තිබුණේ පක්ෂ අතර තරඟය වෙනුවට පුද්ගලයෝ අතර තරගයක් – රනිල් (VIDEO)

Must read

Screenshot from 2019-12-16 15-15-47පක්ෂ අතර තරඟය වෙනුවට පුද්ගලයෝ අතර තරඟයක් පැවති හෙයින් පක්ෂයේ දුර්වලතා, වැරදි සදා ගැනීමට අවස්ථාවක් නොලැබුණු බව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසූවේය.

වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ අද (16) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය.

ජයග්‍රහණය කරා යාමට අවශ්‍ය නම් සංඝ රත්නයේ සහය, මධ්‍යම පාංතිකයන්ගේ සහය සහ තරුණයින්ගේ සහය අවශ්‍ය අතර ඉදිරි කාලයේ තමන් මේ සියලු පාර්ශව සමඟ සාකච්ජා කරන බවයි වික්‍රමසිංහ මහතා සඳහන් කළේ.

පක්ෂයට පවතින අභියෝගය වන්නේ ද මේ පාර්ශවයන්ගේ සහය ලබා ගැනීම බව ඔහු කියා සිටියේය.

විශේෂයෙන් තීරණ ගන්නා අවස්ථාවල තනි තනි කණ්ඩායම් වශයෙන් ක්‍රියා කිරීම සාර්ථක නොවන අතර සාමූහික තීන්දු ගත යුතු බවද හෙතෙම පෙන්වාදුන්නේය.

පක්ෂයක් ලෙස ක්‍රියා කළ යුතු සැලැස්මක් තමන් වෙත ලබා දෙන ලෙස දැනුවත් කර තිබෙන අතර  ඒ අනුව ඉදිරි කටයුතු කළ හැකි බවයි රනිල් වික්‍රමසිංහ මහතා
LNW

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article