spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමු රෝහලේ ගලිවල ඉවත් නොකරන්නේ කාගෙන් පළිගන්නද?

Must read

 

IMG-20191120-WA0001මේ වනවිට සති ගනනාවක් තිස්සේ මීගමු මහ රෝහලේ ගලිවලේ  අපද්‍රව්‍ය ඉවත් නොකිරීම නිසා එහි පලවිපාක විඳින්නට සිදුව ඇත්තේ අසරණ රෝගීන්ටය.
අවස්ථා කිහිපයකදී අප මේගැන සටහන් තැබුවෙමු .
එසේ අප සටහන් කරන හැම ලිපියක් පාසාම මතුවී පෙනෙන්නේ අදූරදර්ශී නගර පාලනයේ ස්වරූපයයි. අප⁣ දෙසැම්බර් 14 වන දිනයේදීද ” ගලි උතුරයි. පාලකයෝ බුදිද? යන තේමාව යටතේ ලිපියක් පල කළෙමු .
මෙම මල අපද්‍රව්‍ය මීගමු රෝහලේ රෝගීන්ගේ මිස වෙනත් විදේශයක වෙනත් ජනතාවකගේ ඒවා නොවන බව අප මෙම පාලකයින්ට මතක් කර සිටිමු .
සමහර විට නගරසභාවේ පාලකයින්ට එම ස්ථානයට පැමිණීම සඳහා උදව් කළ අයද ඒ අතර සිටිය හැක. එසේ නැතත් අප මීට පෙරද සඳහන් කර ඇති පරිදි 10සහ 12 වාට්ටුවල සිටින්නේ ගැබිනි මව්වරුන්ය . මේ ගැටළුව නිසා වැඩියෙන් පීඩාවට ලක්වන්නේ ඒ අසරණයින්ය. එසේනම් මෙසේ ගලිබව්සර් එවීම නතර කිරීමෙන් බලාපොරොත්තු වන්නේ ඔවුන්ගෙන් පළිගන්නද ? අපට මතුවන ප්‍රශ්ණය එයයි.
නොඑසේනම් රෝහල් බලධාරීන් සමඟ ඇති ආරවුලක් නම් මෙවැනි මුග්ධ ක්‍රියා මගින් ඒ අයට රිද්දවීමට අදහස් කරන්නේ නම් එය කිසිදු වැදගැම්මකට නැති ක්‍රියාවක් බව පැහැදිළිය .
ඒනිසා රෝහලේ ගලි වලවල් වලින්, උතුරා යන මල අපද්‍රව්‍ය තුළින් මතුවන දුර්ගන්ධයට හේතුව පාලකයින් බව ජනතාව අවබෝධ කර ගන්නා විට පසු තැවෙන්නට සිදුවන්නේ මේ මුග්ධ පාලකයින්ට මිස රෝහල් බලධාරීන්ට නොවන බව අප නැවත නැවතත් අවධාරණය කර සිටිමු .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article