spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඔද්දල්වූ කරවල වාඩි ප්‍රශ්ණය ඉදිරියේ නිරුත්තර වන මීගමුවේ රාජ්‍ය ආයතන.

Must read

3087-hodjat-sluhi-po-domam(7.15 pm ) මේවනවිට    කරවල  ව්‍යාපාරය  හරහා   මතුව  ඇති   තත්වය  විසින්  මීගමුවේ   සංකීර්ණ  පරිසර  ප්‍රශ්ණයක්  උද්ගත කර  ඇති  අතර  මෙහි    ප්‍රධාන  පාර්ශවය  ලෙස   කරවල  වාඩි  අයිති  මහාපරිමාන  කරවල  මුදලාලිලා  සහ  අදාල  ප්‍රදේශවල  ජනතාව  අතර    එකිනෙකාට  එරෙහිවූ  සටනකට  පෙළ  ගස්වා  ඇත. ජනතාව  ප්‍රකාශ  කරන්නේ   ප්‍රමිතියකින්  තොරව   විශාල    ප්‍රමාණයකින්   නරක්වූ  මාළුද  යොදා  ගනිමින්  කරවල  නිපදවීම  සහ  ඒමත   ඔරොත්තු  නොදෙන  අන්දමින්   ඊට  අදාල  අපද්‍රව්‍ය  කලපුවට  මුදා  හැරීම  කරන  බවයි.  ඒනිසා  පරිසරය  දූෂණය  වීමත්,   එම  ප්‍රදේශ  ආසන්නව    සිටින  ජනයාට  ජීවත්වීමට  තිබෙන  අපහසුතාවයත්  ගැන  කරුණු  ඉදිරිපත්  කරති. නමුත්  කරවල  මුදලාලිලා  මෙය  ප්‍රතික්ෂේප  කරන  අතර  තමන්ට  වෙන  විකල්පයක්  නැති  බව  ප්‍රකාශ  කරති.laggon-3

කරවල  වාඩි  ආසන්නයේ  කලපුවේ  ස්ථාන  3ක  නගරසභාව  විසින්  හෑරීම්  කළ  බව   මෙකී  ජනතා  ක්‍රියාවලියේ    සිටින   අය  අපට  දැනුම්  දෙන  ලදී.  වෙරළසංරක්ෂණය  විසින්  ප්‍රකාශ  කළේ   ඒ  සඳහා  තමන්ගෙන්   අවසර  ගෙන  නැති  බවයි.  මෙම  හෑරීම්  කරවල  කරන්නන්ට  අපද්‍රව්‍ය  දැමීමට  පහසුවන   අන්දමේ  දෙයක් දැයි   ජනතාව  ප්‍රශ්ණ  කරති. කෙසේ  නමුත්  කලපුවේ  අපද්‍රව්‍ය  දැමීම  සම්බන්ධව  පවතින  මෙකී    තත්වය  පිළිබඳව  දැනටමත්   ජනතාව  යම්  ක්‍රියාමාර්ගයන්ට  යොමුවී  ඇත.  ප්‍රථමයෙන්  ඔවුන්  ඊට  අදාල  වගකිවයුතු  ආයතන   සමඟ  මේගැන  අදහස්  බෙදාගෙන  ඇත.  නමුත්  ඔවුන්ගෙන්  නිශ්චිත  පිළිතුරක්  නොලැබුනු  බවට  ජනතාව  ප්‍රකාශ  කරයි.  එක්  අවස්ථාවක  සමුර්ධි  පරීක්ෂණ  අධිකාරිය (මී. පා. )  පවසා  ඇත්තේමෙසේ  අපද්‍රව්‍ය  බැහැර  කරන්නේනම්   ලක්ෂ  40ක  50ක  දඩයක්  ගැසීමට  නීතියෙන්  අවසර  තිබෙන  බවයි.  මෙහිදී  ජනතාවට  මතුවන  ප්‍රශ්ණය  වන්නේ  සාමාන්‍ය  වැසියෙකු  මෙවන්  කටයුත්තක  යෙදී  සිටියා  නම්  නීතිය  අකුරටම  ඉටුකරන  මොවුන්  මෙහිදී   එසේ  නොකරන්නේ  ඇයිද?  යන්නය.  මේ  සඳහා  මීගමුව  ධීවර  කාර්්‍යාලයට  ඇත්තේද  කෙටි  පිළිතුරකි. ඔහු  ප්‍රකාශ  කළේ  අපද්‍රව්‍ය  ලඟ  තබාගෙන  සිටීම  නිසා  කපුටන්  ,  බල්ලන්  වැනි  සතුන්  ඒවා  තැනතැන  රැගෙනයාම  නිසා  එය  පරිසරයට  බලපාන  බවයි.lagoon-4

මේ  පිළිබඳව  අපි  ප්‍රදේශයේ   සෞඛ්‍ය  වෛද්‍ය  නිලධාරි  මහතාගෙන්ද   විමසා සිටියෙමු. ඔහුගේ  ප්‍රකාශය  තුළින්  ප්‍රකාශවූයේ   නඩු  3ක්4ක්  දමා  ඇති  බවය.  වැඩි විස්තර  සඳහා  ප්‍රදේශය  භාර  මහජන  සෞඛ්‍ය   පරීක්ෂක  වරයාගෙන්  අසා  දැන  ගන්නා  ලෙසටය.  ප්‍රදේශය  භාර  මහජන  ෂෞඛ්‍ය  නිලධාරි   වන  විජේසිංහ  මහතාට  අනුව නම්  අදාල  ගම්වැසියන්  විසින්  දෙනලද  පෙත්සමකට   අනුව මෙම  අනවසර  කරවල  කරුවන්ට  තහනම්  නියෝග  නිකුත්කර  ඇත.  එමෙන්ම  නර්ඩ්  ආයතනයෙන්  පැමිණ  මේ  සම්බන්ධව  පරීක්ෂණයක්  කිරීමටද  කටයුතු   යොදා  ඇති  බවත්,  මේ  සම්බන්ධව  කටයුතු  දිගටම  කරගෙන  යන බවත්ය.  නමුත්  ජනතාව  ප්‍රකාශ  කරන්නේ  කරවල  වාඩිවල අයිතිකරුවන්   සුපුරුදු  පරිදි  තම  කටයුතු  කරගෙන  යන බවයි.  ඉදිරියේදී  මෙම ප්‍රශ්ණය   විසඳීම   සඳහා  මෙකී  වගකිවයුතු  ආයතන  ක්‍රියාත්මකවන  ආකාරය  දෙස  අප  විමසිල්ලෙන්  බලා සිටිමු.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article