spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඕරා මාළු රසයි !කටු ඇණුනොත් විසයි !

Must read

IMG_20190809_180257                   ඉරි ඕරාවා(වරි ඕරාවා)

බඩ ඕරාවා
බඩ ඕරාවා

ඕරාව කියන්නේ හරිම රස මාළුවක් . මිරිසට හින්දල උයපුවහම තමයි අගේ. හරිම රහයි.හැබැයි වැඩේ තියෙන්නේ මාළු සුද්ද කරද්දි කටු අණුනොත් පට්ටම විසයි . ඒ හින්ද හරියට පරිස්සම් වෙන්න ඕනා. ඕරාවගේ තියෙන කටුටික මුලින්ම මාළු කපන කතුරකින් පරිස්සමෙන් කපාගන්න ඕනේ . මාළුවව අල්ලන අතට ග්ලව්ස් එකක දාගන්නවනම් තවත් ආරක්ෂාවයි.

ඕරා වර්ග දෙකම
ඕරා වර්ග දෙකම

බැරිවෙලාවත් කටුවක් ඇණුනොත් ධිවරයන්ගේ අත්දැකිමෙන් විස බස්සන ක්‍රමයකුත් තියෙනවා.හරිම සරලයි. ඒ කියන්නේ ඕරාවගේ බොකු අරගෙන අර කට්ට ඇණුන තැනට ඕතා ගන්න එක.
දැන් මේචචර විස්තර ඕරාව ගැන කිව්වෙ මොන මගුලකට කියල අහන්නත් පුලුවන්. ඇත්ත.
කාරණෙ  තමයි මේ දවස් පිටපළාත් වලින් මාදැල්වලට අහුවෙන ප්‍රමිතිෙයන් ඉතාමත් ඉහල තත්වයක තියෙන ඕරා මාළු තොග පිටිපන ලෙල්ලමට ලැබෙමින් පවතිනව. ඒ හින්ද කිලොවක මිළ වෙන්නේ රු 150 ක් වගේ .
ඕරා මාළු වර්ග 2 කක් මේ දිනවල වෙළද පළට එනවා. එකක් තමයි ධිවරයෝ  නම දාල තියෙන විදියට බඩ ඕරාවෝ . අනික් උන් තමයි ඕරාවා.
ධිවරයෝ නම් කියන්නේ බඩ ඕරා මාළුවලට වඩා අනික් වර්ගය රසයි කියලයි.
අපට නම් මේ කොයිකත් එකයි.
පට්ටම රසයි !

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article