කටානේ රෝස් ප්‍රනාන්දුට කැපිල්ලක් ?

0
415

( 9.00 am ) සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන ආසන කිහිපයක සංවිධායක ධුර මාරු කිරීමේ සැලසුමක් එම පක්ෂය විසින් සකස් කර ඇති බවට infosrilanka වෙබ් අඩවිය වාර්තා කොට තිබේ.

එම පුවතට අනුව මහර සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ හසිත් ගුණසේකර මහතාට කටාන ආසන සංවිධායක ධුරය ලබා දීමට පක්ෂය සූදානම් වන බව InfoSriLanka.lk වෙත වාර්තා වි ඇතැයි එම පුවතේ වැඩිදුරයත් සඳහන්ය.

. පසුගියදා පැවති පක්ෂයේ පළාත් සභා අපේක්ෂකයන් සඳහා වූ සම්මුඛ සාකච්ඡාවකදී හසිත් ගුණසේකර මහතා විසින් සිදු කරන ලද ඉල්ලීමක් මත මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ.

හසිත් ගුණසේකර මහතා මහර ආසනයෙන් ඉවත්වීමෙන් හිස්වන මහර ආසන සංවිධායක ධුරය, දැනට ගම්පහ ආසන සංවිධායක ලෙස කටයුතු කරන වරුණ දීප්ත රාජපක්ෂ මහතා වෙත පැවරීමට නියමිත යැයි .InfoSriLanka.lk කියා සිටි.

එමෙන්ම, වරුණ දීප්ත රාජපක්ෂ මහතාගේ ඉවත්වීමෙන් හිස් වන ගම්පහ ආසන සංවිධායක ධුරය සමගි වනිතා බලවේගයේ නියෝජ්‍ය ජාතික සංවිධායිකා ප්‍රසාදිනී කාරියවසම් සම්මන්දප්පෙරුම මහත්මිය වෙත ලබා දීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, මේ වන විට කටාන ආසන සංවිධායක ලෙස කටයුතු කරන නීතිඥ රෝස් ප්‍රනාන්දු මහත්මියගේ ඉරණම පිළිබඳව මෙතෙක් කිසිදු අවසන් තීරණයක් ගෙන නොමැති බවද සමගි ජන බලවේග ආරංචි මාර්ග පෙන්වා දෙයි.

රෝස් ප්‍රනාන්දු හට මේ ආකාරයෙන් අවස්තා කිපයකදිම දේශපාලන කැපිලි ක්‍රියාත්මක වු ඉතිහාසයක් ඇතැයි ඇගේ ආධාරකරුවෝ කියා සිටිති.

මේ ගැන අප කළ විමසුකදි ඇය කියා සි⁣ටියේ මේ පිලිබද කිසිවක් ඇයව දැනුවත්කර නැති බවත්,එවැනි පුවතක් ඇතැම් මාධ්‍ය වල පළව ඇතැයි සමහර හිතවතුන් පැවසු බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here