spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කටාන ප්‍රාදේශිය සභාවේ යහපාලනයට අකුල්හෙළන මාෆියාව පරදවමු

Must read

පසුගිය කාලය පුරාම කටාන ප්‍රාදේශීය සභාව කටයුතු කළ ආකාරය පිලිබදව ප්‍රදේශවාසීන්ට  බරපතල විවේචනයක්
ඇත.  ප්‍රාදේශීය සභාවකින් මහජනතාවට ඉටුකළයුතු අවම යුතුකම් කොටසවත්  ඉටුනොකළ කාලයක් වශයෙන් පසුගිය
කාලය ඉතිහාසගතවේ.  ප්‍රාදේශිය සභා බලප්‍රදේශය තුල බොහෝ ස්ථාන මේවනවිට  කුඩා වැස්සකට පවා යටවේ මේ සදහා කරුණු කීපයක් හේතුවී ඇත.  අක්‍රමවත් ලෙස ඉඩම් කැබලි කිරීමට ඉඩදීම  ප්‍රධාන හේතුවකි. ඉඩමක් කොටස්කර අලවිකිරිමේදී ඉටුකළයුතු කරුණු නාගරික සංවර්ධන  අධිකාරි පනත ප්‍රාදේශිය සභා පනත චක්‍රලේඛ වල පැහිදිලිව දක්වා ඇත.
ඉඩම් අලවි කරන ආයතන විසින් වැසි ජලය බැසයාමට කාණු පද්ධතියක් සකස්කල යුතු අතර කැබලි කළ ඉඩමේ පාරවල් සහ ප්‍රවේශ මාර්ග කොන්ක්‍රීට් හෝ තාර අතුරා සකස්කල යුතුය. සෑම ඉඩම් කොටසකටම විදුලිය ලබාගැනීමට හැකි වන පරිදි  ඉඩමට තෙකලා විදුලිය ලබාදීමද කල යුතුය.

සමහර ඉඩම්  අලවි  කරන සමාගම් මෙම කරුණු එකක් වත් ඉටු නොකර ඉඩම් විකුනා දමන ලද  වෙන්දේසි ඉඩම්
කටාන ප්‍රාදේශිය සභා බලප්‍රදේශය තුළ සුලභව දක්නට ඇත.වඩාත්ම පුදුමයට කරුණ නීතිවිරෝධී ලෙසින් ඉඩම් අලෙවි
කරන ආයතන කිසිදු අවහිරයකින් තොරව දිගින් දිගටම සභා බල ප්‍රදේශය තුල හිතුවක්කාර ලෙස ඉඩම් කැබලි කර
අලවි කිරීමයි.

ඉඩම් කැබලි කර අලවිකිරීමට පෙර ඒ සදහා කාර්මික නිලධාරීන්ගේ සහ නාගරික සංවර්ධන අධිකාරියේ
නිර්දේශ සමග  ප්‍රාදේශීය සභාවේ සභා රැස්වීමේදීද අනුමත වියුතුය. වෙන්දේසි කරුවන් විසින් ඉඩම් මිලදීගත් අයට දී
ඇති බොහෝ පිබුරු වල ඈත්තේ විදුලිය ලබාගැනීමට දුන් අනුමැතියක් පමණි.ඉඩම් වෙන්දේසික කිරීම1

වෙන්දේසිකරු විසින් ඉඩමේ වටිනාකමින් සියයට එකක් සභාවට බදු වශයෙන් ගෙවියුතුය මෙම ලියුම්කරුට ලැබුණ
තොරතුරුවල අනුව බදුමුදල් නොගෙවූ අවස්ථා මෙන්ම ගෙවියයුතු බද්දෙන් විශාල ප්‍රමාණයක් අඩුවෙන් අයකරගත්
අවස්ථාද ඇත.  මෙසේ වංචා කරඇති මුදල මිලියන ගණනක් බවද දැනගැනීමට ඇත. මෙම වංචා සහ දුෂණ කටයුතුවලට
ප්‍රාදේශීයසභාවේ හිටපු දේශපාලකයින් මෙන්ම සමහර  නිලධාරීන්ද වගකිව යුතුය.

ප්‍රාදේශීය සභාව විසුරුවා හැරිමේන්පසු කොමසාරිස් ලෙස පත්වූ නිලධාරිනිය පැවිති තත්වයට අනුගතවී  නිලධාරීන්
සමග කලින්  සිටි පාලකයින්ට නොදෙවැනි ආකාරයෙන් සියළු වංචා සහ දුෂණ ක්‍රියා සිදුකල බව තතු දත් ආරංචි
මාර්ග  වලින්  සනාථ විය.

පසුගිය දින වල ප්‍රාදේශීය සභාවේ සේවකයකුගේ මාරු කිරීමක් ඉදිරියට දමාගෙන සේවක වැඩ වර්ජනයක් පැවති
අතර මෙම වර්ජනය පිටුපස සිටියේ පසුගිය කාලයේ සිටි පාලකයන් සහ ඔවුන් සමග දුෂිත කටයුතු වල නියැලුණු
වැඩ පරීක්ෂකවරුන් අදායම් පාලකයන් සහ මුළු සභාවම හසුරවමින් දිර්ග කාලයක් තිස්සේ ගොඩනැගිලි අංශයේ ලිපිකරු වශයෙන් කටයුතු කරන රංජන් නමැති අයයි. දීර්ඝ කාලයක් තිස්සේ සභාපතිවරයාගේ කැබ් රථයේ රියදුරු ලෙස සේවයකළ උපුල් නැමැත්තා වෙනත් රථයකට මරුකිරිම වර්ජනයක් ඇරඹීමට හේතුපාදක කරගෙන ඇත.
මෙම වැඩ වැරුම සංවිධානය කළ දුෂිතයන්ගේ අරමුණ වී ඇත්තේ අලුතින් පැමිණ සිටින ලේකම්වරිය විසින් පසුගිය කාලයේ සිදුවි ඇති දුෂණ දුෂණ අක්‍රමිකතා පිලිබදව සොයාබැලීම නතරකිරීමත් හා රජයේ විගණන නිලධාරීන් පැමිණ ආරම්භ කරඇති විගණන පරීක්ෂණ යටපත් කිරීමත්ය.
විගණනය සිදුකරණ නිලධාරීන්ට දුරකථන මගින් තර්ජනය කරන්නේද ඉහත සදහන් මාපියාව විසිනි.
මෙම කල්ලි වලට අවශ්‍යව ඇත්තේ අළුත් ලේකමිවරිය පන්නා දමා විගණන පරීක්ෂණ අඩාල කිරීමයි මෙම මාපියාව කරුවන් පරාජය කර නව ලේකම්වරියට පරිපාලන කටයුතු කරගෙන යාමට ඉඩකඩ ලබාදීම මහ ඇමතිතුමාගේ වගකීමකි කුමන බාධක
හමුවේ උවද විගණන පරීක්ෂන අවසන් කර වංචා කරඇති ජනතා මුදල් අධිබාර පනවා අයකරදීම නව විගණකාධිපතිවරයාගේ වගකීමකි

අනුරුද්ධ බණ්ඩාර

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article