spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කටුනායකදී , ලොකුගේ ගොළු වෙයි.

Must read

(katunayake)
පෞද්ගලික අංශය සඳහා රජය විසින් යෝජිත විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයට එරෙහිව පසුගිය 24 වැනි දින හා 27 වැනි දින ත් වෙළඳ කලාප සේවක සේවිකාවන්ගේ ගේ සහභාගීත්වයෙන් කටුනායකදී පවත්වන්නට යෙදුණු උද්ඝෝෂනයන්ට ප‍්‍රතිචාර දැක්වීම සඳහා රජය විසින් විශේෂ රැස්වීමක් 28 වැනි පෙරවරුවේදී දින පවත්වන ලදී. රජය විසින් මෙම රැස්වීමට සහභාගීවීම සඳහා කටුනායක වෙළඳ කලාපයේ ඇගළුම් ඇතුළු සියළු කර්මාන්ත ශාලාවන්හී සේවයේ නියුතු සේවක සේවිකාවන් නියෝජනය වන පරිදි  එක් ආයතනයකින් නියෝජිතයින් 05 දෙනෙකු බැගින් සහභාගී කරවන මෙන් එම කර්මාන්ත ශාලා වල පරිපාලනයන්ට දන්වා තිබුනු බව වාර්තා වේ.

මේ අනුව එම රැස්වීම ආයෝජන ප‍්‍රවර්ධන කලාපය තුල ස්ථාපිත ශී‍්‍ර ලංකා ආයෝජන මන්ඩල රැස්වීම් ශාලාවේදී පවත්වා ඇත.  මෙම රැස්වීම සඳහා කම්කරු අමාත්‍ය ගාමීණී ලොකුගේ, මුදල් අමාත්‍යාංශ ලේකම් පී.බී. ජයසුන්දර, බස්නාහිර පලාත් ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග, නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න, කටාන පාර්ලිමේන්තු මංති‍්‍රනී සුදර්ශණී ප‍්‍රනාන්දුපුල්ලේ, බස්නාහිර පලාත් සභා අමාත්‍ය නිමල් ලංසා සහ සීදුව-කටුනායක නගරාධිපති ලලන්ත ගුණසේකර යන මහත්ම මහත්මීන් ඇතුඵ පිරිසක් සහභාගී වූහ.
එහිදී  කම්කරු අමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා රැස්ව සිටි පිරිස අමතමින් යෝජිත මෙම විශ‍්‍රාම වැටුප් ක‍්‍රමය පිලිබඳව ඉතා සුභාවාදී ආකාරයට කථා කර මේ සඳහා එරෙහිව කටයුතු නොකරන ලෙසද ඉල්ලා ඇත. එහෙත් රැස්වීමට සහභාගී වූ අයට ප‍්‍රශ්ණ ඇසීමට ලබා දුන් කාලවේලාවේදී කලාපයේ සේවික සේවිකාවන් නියෝජනය කල කිහිප දෙනෙකු ඇසු ප‍්‍රශ්න වලට පිලිතුර ලබා දීමේදී කම්කරු අමාත්‍යවරයාගේ සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ පිලිතුරු වල ඇති වූ පරස්පරතාවයන් නිසා මෙම රැස්වීම තුල විශාල කලබගැනියක් සිදු වී තිබේ. විටෙක සේවක සේවිකාවන් නැගු ප‍්‍රශ්න හමුවේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා දැඩි අපහසුතාවයකට පත් වුන අතර විශේෂයෙන්ම කම්කරු අමාත්‍යවරයාගෙන් සේවක සේවිකාවන් නගන ලද සමහර ප‍්‍රශ්න වලට පිලිතුරු ලබා දීමට නොහැකිව අමාත්‍යවරයා නිරුත්තරව සිට ඇත. කෙසේ වෙතත් රැස්වීමට සහභාගී වූ 200 ක් පමන වන සේවක සේවිකාවන්ගේ මතය වී තිබුනේ මෙම විශා‍්‍රම වැටුප් ක‍්‍රමය පිලිබඳව සහ එහි ලබා දෙන්වා යැයි කියන ප‍්‍රතිලාභ පිලිබදවත් ආන්ඩුවේ පිරිසද විවිධ මත දරන හෙයින් ඒම පිරිස විසින් මේ සම්බන්ධව කරන ප‍්‍රකාශ කිසිසේත්ම විස්වාශ කල නොහැකි බවයි. කෙසේ වුවද බස්නාහිර පලාත් ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග සහ පලාත් සභා අමාත්‍ය නිමල් ලංසා යන මහත්වරුන් සිදුවු කලබගෑනීය සමනය කිරීමට මෙන් මේ රැස්විමේදී අදහස් ප‍්‍රකාශ කර ඇත. තවද බස්නාහිර පලාත් ප‍්‍රධාන අමාත්‍යවරයා අවසානයේදී පවසා ඇත්තේ සේවික සේවිකාවන් වෙතින් මේ විශ‍්‍රම වැටුප් යෝජනා ක‍්‍රමයට එරෙහිව එල්ල කරන චෝදනා අදහස් ලෙස සලකා මෙය ඉතා ඉක්මනින්ම සංශෝධනයකට ලක් කර පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට කලින් නැවත නිදහස් වෙළඳ කලාපය තුල සේවක සේවිකාවන් අතට පත් කර එය ඉතා පුළුල් සාකච්ඡාවකට ලක් කරන බවයි. කෙසේ වෙතත් මෙම රැස්වීමට සහභාගී වීම සඳහා කලාපය තුල කි‍්‍රයාත්මක වන වෘත්තීය සමිති සංවිධාන වල නියෝජිත සේවක සේවිකාවන්ට ආරාධනය කර තිබුනේ හෝ අවකාශ සලසා දී තිබුනේ නැත.
මෙම රැස්වීම එලෙස නිදහස් වෙළඳ කලාප සිමාවේ පිහිටි ශී‍්‍ර ලංකා ආයෝජන මන්ඩල රැස්වීම් ශාලාවේදී පැවැත්වෙන අතරේ ඉන් පිටත එනම් ආයෝජන ප‍්‍රවර්ධන කලාපයට ඇතුළු වන ප‍්‍රධාන ගේට්ටුව අසල ( ඇවරිවත්ත බස් නැවතුම් පලට පිවිසෙන ස්ථානයේ * රජයට සම්බන්ධ වෘත්තීය සමිති නියෝජිතයින් විසින් මෙම වීශ‍්‍රාම වැටුප් යෝජනා ක‍්‍රමයේ පවතින යහපත් සහ සුභාවාදී කරුණු කාරණා ගැන කියැවෙන අත් පත‍්‍රිකාවක් බෙදා හැර ඇති බවද වාර්තා වේ. මෙම විශ‍්‍රම වැටුප් ක‍්‍රමයට එරෙහිව උද්ඝෝසන සංවිධානය කරන වෘත්තීය සමිති සහ ඔවුන් මේ විශ‍්‍රම වැටුප් ක‍්‍රමයට එරෙහිව ගෙන හැර දක්වන  තර්කයන්ට දැඩි ලෙස පහර දීම මෙම අත් පති‍්‍රකාව බෙදාහැරීමේ මුලික අරමුන වී තිබුණු බවද වාර්තා වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article