spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමු කලපුවේ Sea plane සටන දිනුවත් තවමත් පැරදුනු කළපු ධීවර පිරිසක් දෑලතූරේ

Must read

මීගමුව කලපුවට Sea Plane ගොඩ බෑමට සකස් කර තිබූ රජයේ සැලසුම් ජනතා මැදිහත් වීමෙන් පරාජය කර මීගමු කලපුවෙන් ඉවත් කර ගත් ව්‍යාපෘතිය දෑලතූරේ ප‍්‍රදේශයේ දඩුගම් මෝයට ගෙනයන ලදී  පලාත් සභා ඇමති නිමල් ලංසාගේ මැදිහත් වීමෙන් විනාශය වලක්වා ගත් බවත් එමගින් රජය ජනතා හඩට කන් දුන් බවත්  විවිධ මාධ්‍ය වාර්තා කරන ලදී .

ජනතාවගේ විරෝධතාවය හමුවේ රජය පසුබැසීම කතෝලික සභා නායකත්වයේ මැදිහත්වීම නිසා සිදුවූ කාර්යයක් බව කතෝලික සභාවේ නිල පුවත්පතද වාර්තා කරන ලදී.
නමුත් අද සිදුව ඇත්තේ දෑලතූර ප‍්‍රදේශයේ රැකියාව කරන ධිවර ජනතාවට තම රැකියාවන් අහිමිවීමයි දඩුගමි ඔයේ අතූ ගංගාවක් හාරමින් Sea Plane බෑම සදහා හෑරීම නිසා 100 කට අධික මෙම ධීවර පිරිසට තම ජීවිකාව අහිමි වී ඇති බව මීගමු කලපු ධීවර සංවිධානයේ සභාපති මාකස් ඇන්ටනි ප‍්‍රනාන්දු මහතා සදහන් කරයි
ධීවර ජනතාව යලි මෙම ව්‍යාපෘතිය කලපුවට ගෙන යාමට කිසිදු කැමැත්තක් නොදක්වයි
අපි කියන්නේ නිමල් ලංසා ඇමතිතූමා අපිට පොරොන්දු වූ පරිදි පොරොන්දුවුන සීමාවෙන් පිට සිදුකරන ඉදිකිරීමි හා කැනීමි කටයුතූ වහාම නවතන ලෙසයි මෙම කැනීම් නිසා අපිට රැකියාව කරන්න බැහැ මේ සීමාව ගැඹුරු කරපුවම අපි රැකියාව කරන්නෙ කොහොමද කලපුවට සිදුවන හානිය නවත්තගන්න අපි විකල්පයකට එකග උනාම අපේ රැකියා අහිමි කරලා අපිව මුලුමනින්ම විනාශ කරන්න හදන එක කොයි තරම් අසාධාරණද
මුලින් කලපුව ආරක්ෂා කරන්න වැඩ කරපු පිරිසත් මේක දකින්නෙ නැති එක කනගාටුවට කරුනක්
මේකට  අපිට කඩිනමි විසදුමක් අවශ්‍යයි අපි මුලුමනින්ම විනාශ වෙන්න කලින් මේ පිළිඉදව නිළධාරීන් පියවර ගත යුතූයි
ධීවර ජනතාවගේ සාධාරණ ඉල්ලීම පිළිබදව වගකිව යුත්තන්ගේ ප‍්‍රතිචාරය දෙස අපි බලාසිටිමු

හර්මන් කූමාර -ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article