spot_img
spot_img
Monday, May 13, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කටුනායක වෙඩිතැබිම නොහොත් අර්ථසාධක මංකොල්ලය

Must read

සකල සිරින් පිරි  සිරි ලංකාවේ  මීගමු කටුනායක                   පැත්තේ
වෙළඳ කලාපේ  හරි ජරමරයක් පොලිසිය වෙඩි තියලා              සත්තේ
දෙතුන් සීයකට තුවාල වෙලාලූ එක දරුවෙක් මියගොස්             ඇත්තේ
පැන්ෂන් පණතට විරුද්ධවලූ මේ සටන පටන් අරගෙන             ඇත්තේ

ඉල්ලන දේවල් කිසිත් දෙන්නේ නෑ  එපා කියන දේ ඇයි           දෙන්නේ
අර්ථසාධකේ සූරා කෑමලූ  පැන්ෂන් පණතින්                      සිදුවන්නේ
කලාපටෙ ඇවිත් පස් අවුරුද්දෙන්  සොච්චම් දීමක් ලැබ             ගන්නේ
එයින් තමා මේ  තරුණ දැරිවියන් කණකර ටික හදවා               ගන්නේ

අලූත් පණතෙ ලෙස පැන්ෂන් ගන්නට දහ අවුරුද්දක් වැඩ කළ        යුතුමයි
අවුරුදු පණහෙන් පැන්ෂන් ගන්නත් පඩිය ලැබෙන්නේ හැට          පැනලයි
දහදාහක් පඩි ගත්ත කෙනෙක් හට පැන්ෂන් එක රුපියල්             දෙදහයි
මංකොල්ලයකට නීති හදනවා ලෝක බැංකුවේ අණක්                  තමයි

දහ අවුරුද්දක් වහලූන් වාගේ මැෂින් එක්ක  දහදුක්                 විඳලා
ලූණුයි බතුයි හරි කාලා බෝඩිමේ මදුරුවෝ තලමින් නිදි             වරලා
සම් මස් ඇට ලේ නහර සියල්ලම කලාපෙටම දියකර             හැරලා
රුපියල් දෙදහක් අරගෙන මොකටද පැන්ෂන් එක ලැබුණයි             කියලා

දෙසිය විසිපහක්  වැනි ඇමතියෝ රැුල පණ රැුක ගන්නෙත්  අපි         හින්දා
පැජරෝ, ප‍්‍රාඩෝ, වෙඩි නොවදින රථ ගන්නේ අපේ ඩා දිය         හින්දා
එපා කියන දේ ඇගේ ගහන්නේ මොවුනට ඔල්මාදෙද             මන්දා
ලෝක බැංකුවට ‘යර්ස් ’ කියනවා හිතන්ඩ මොළයක් නැති             හින්දා

අපි අහලා ඇති පැන්ෂන් පඩිපත සැමියාගෙන් බිරිඳට            උරුමයි
රජයේ පැන්ෂන් ක‍්‍රමේට බිරිඳගේ පඩියත් දැන් සැමියට            අයිතියි
ඒ හැර  අනාථ  දරුවන්ටත් මව්පියන්ගේ පැන්ෂන් එක            උරුමයි
එහෙම කිසිත් නැති පැන්ෂන් මොකට ද හත් වලාමේ අමු කැවිලා        වගෙයිP1070616 new

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article