spot_img
spot_img
Friday, May 10, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කටුනායක IOC එක යළිත් වැඩ අල්ලයි…

Must read

123කොළඹ හලාවත මාර්ගයේ කටුනායක පිහිටා ඇති IOC ඉන්ධන පිරවුම් හල මාස කිපයක් තිස්සේ නඩත්තු කටයුතු සදහා වසා තැබිමෙන් පසු දැන් නව කළමණකාරිත්වයක් යටතේ යළිත් වැඩ අරඹා ඇතැයි මීපුර වේබ් අඩවියේ ව්‍යාපාරික පුවත් වෙත වාර්ථා වේ.
මේ සම්බන්ධයෙන් අප හා දුරකථනයෙන් සමබන්ධවු කළමණාකාරිත්වයේ ප්‍රධානියෙකු පවසා සිටියේ හලාවත පැත්තේ සිට පැමිණෙන අයට කොළඹ කටුනායක අධිවේගි මාර්ගයට පිවිසිමට පෙර සිය වාහන සදහා ඉන්ධන සපයා ගැනිමට ඇති එකම පහසු ඉන්ධන පිරවුම් හල ලෙසත් එමෙන්ම කොලඹ සිට පැමිණ අධිවේගි මාර්ගයෙන් හලාවත දෙසට යන වාහන වලටද ඉන්ධන ලබාගැනිම සදහා මේ ඉන්ධන පිරවුම් හලේ පිහිටිම මනා පිටුවහලක් බවය.
එමෙන්ම ඉන්ධන ලබාගැනිමෙන් පසු සියළුව පාරිහෝගිකයන් හට ස්වයංක්‍රිව ලබාදෙන බිල්පතද පාරිභෝගියන් හට මහත් පහසුවක් සලසා ඇති බවය.
දැනට මීගමුව අවට පිහිටා ඇති බොහෝ IOC ඉන්ධන හල්වල නැති නවිතම සේවාවක් සිය පාරිහෝගිකයා හට ලබාදිම ඉන්ධන හලේ නව හිමිකාරිත්වයේ අරමුණ බවත් extra mile ඉන්ධන විශේෂය ද නිරන්තරයෙන්ම තම පාරිහෝගිකයන් හට ලබාදෙන්නට කටයුතු සැලැසම්කර ඇති බවද අවසාන වශයෙන් අප වෙත දන්වා සිටින ලදි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article