spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ ධීවර ගැටුම තාවකාලිකව විසදේ.?ඒත් ධීවරයෝ අදත් මුහුදු නොයයි?

Must read

කරවල නිෂ්පාදකයන් විසින් ගිනිතබන ලදැයි කියන ධීවර බෝට්ටුවක්
කරවල නිෂ්පාදකයන් විසින් ගිනිතබන ලදැයි කියන ධීවර බෝට්ටුවක්

දින 5 පුරා පැවති මීගමුවේ සුළු ධීවරයන් හා කරවල නිෂ්පාදකයන් අතර ප්‍රශ්ණය ඊයේ මීගමුවේදි පැවැති විශේෂ සාකච්ජාවකදි තාවකාලිකව විසදාගැනිමට සමත්ව ඇති බව ධීවරයෝ පවසති.
මෙම සාකච්ජාව සදහා ප්‍රදේශයේ ඇමතිවරුන් දෙපපත් ගරු පියතුමන්ලා සහ විවිධ ධිවර සංවිධාන නියෝජනය කරමින් ධීවර නියෝජිතයන් පැමිණ සිටියහ.
ලින්නා සහ පොතුබරි මාළු දකුණේ සිට මීගමුවට ගෙනඒම ඉදිරි දෙසතියක කාලය සදහා තහනම් වන අතර ඉන් අනතුරුව ජනපති හා කාර්දිනල් හිමි අතර විශේෂ සාකච්ජාවක් සදහා ධීවරයන්ට අවස්ර ලැබෙන බවත් වාර්ථා වේ.
කෙසේ වෙතත් මීපුර වෙබ් අඩවියට කරුණු පැහැදිලි කළ මීගමුව වැල්ලිවිදියේ ධීවර ප්‍රධානියෙකු පවසා සිටියේ ප්‍රශ්ණය එසේ විසදුනත් අදත් ධිවරයන් මුහුදු නොයන්නට තින්දු කර ඇති බවය.
තමන්ගේ එක් ධීවර සගයෙකුගේ බෝට්ටුවක් මේ ගැටුමේ ප්‍රථිපලයක් ලෙසින් විනාශව ගොස් ඇති නිසා අද ඒ වෙනුවෙන් විශේෂ රැස්විමක් පවත්වා ඊට ගතයුතු ක්‍රියාමාර්ග සාකච්ජා කිරිමෙන් අනතුරුව හෙට සිට මුහුදු රැකියාව යළිත් ආරම්භ කිරිමට මීගමුවේ සමස්ථ සුළු ධීවරයන් තින්දු කර ඇති බවත් අප දන්වා සිටින ලදි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article