කඩකාරයන්ට හිතුන ගණන් වලට විකිණෙන පාලන මිළක් නැති වතුර බෝතල් ?

0
32

 

පාලන මිළක් නොමැතිකම නිසාවෙන් කඩකාරයන්ට හිතුන ගණන් වලට අලෙවි කෙරෙන ලිටර් 19 වතුර බෝතල් බරපතල අර්බුදයක් නිර්මාණය කර තිබේ.

කටුනායක කුරණ ප්‍රදේශවල රු 170කට අලෙවි කෙරෙන ලොකු වතුර බෝතලයක් වෙන්නප්පුව මාරවිල ප්‍රදේශ වලට අලෙවි කෙරෙන්නේ රු 300ත් රු 350ත් අතර මිලකටය.

මේ ප්‍රදේශවල බොහෝ කඩවල අලෙවි කෙරන්නේ කටුනේරිය ප්‍රදේශයේදි පුරවනු ලබන Sky නැමති වෙළද නාමය සහිත වතුර බෝතල්ය

Sky ආයතනය වෙතින් අප කළ විමසිමකදි ඔවුන් කියා සිටියේ ඔවුන් වතුර බෝතලයක් රු 350 කට මිළ කර එය වතුර බෝතලයේ අලවා ඇති බවත් එහෙත් කඩහිමියන් රු 300 රු 350 වැනි මිලකට අලෙවි කරන බවය.

ගැටලුව ඇත්තේ කුරණ කටුනායක ප්‍රදේශ වල රු 170 කට අලෙවි කෙරෙද්දි වෙන්නප්පුව මාරවිල ප්‍ර⁣දේශවල වලදි අධික මිළකට අලෙවි කෙරෙමින් තිබිමය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here