spot_img
spot_img
Wednesday, May 1, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කථානායක කරු ! විපක්ෂ නායක රනිල් ! වාසුට ඇමතිකමක් !

Must read

 Ranilමේ දිනවල දේශපාලන කවයන් හි පැවැති උණුසුම් සාකච්ජා කිපයකට මේ වන විට පිළිතුරු ලැබෙමින් පවති.අප කලින්ම සදහන් කර තිබුණ පරිදි කථානායකයේ දිගටම රැදෙනුයේ කරු ජයසුරියයි . වාසුදේව නානායක්කාරගේ නම පසුගිය දිනවල කථාවෙමින් තිබුණද මේ වන විට ඔහු රාජ්‍ය ඇමතිවරයෙකු වශයෙන් දිවුරුම් දි  හමාරය.
මේ අතර විපක්ෂනායකධුරය පිළිබදව කථානායක කරු ජයසුරිය සිය ස්ථාවරය මේ වන විට ප්‍රකාශයට පත්කර තිබේ.ada.lk වෙබ් අඩවිය එය මෙසේ සදහන් කොට තිබේ.

පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව එක්සත් ජාතික පෙරමුණේ නායකයා විපක්ෂනායකවරයා ලෙස පිළිගන්නා බව කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කරයි.

විපක්ෂනායකවරයා පත්කිරීමේදී මෙතෙක් පැවැති සම්ප්‍රදාය කඩ නොකළ යුතු බවත් ඔහු පවසයි.

ඒ අනුව එක්සත් ජාතික පෙරමුණේ නායකයා වන රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂනායකවරයා ලෙස කටයුතු කරනු ඇත.

සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරන කථානායකවරයා සඳහන් කරන්නේ මේ පිළිබඳව ගැටලුවක් පවතීනම් එය පක්ෂ අභ්‍යන්තරය තුළ විසඳා ගත යුතු බවයි.

මුලාශ්‍රය – ada.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article